ඉසියුම් පෙම

මේතරම් ඉසියුම්ද ප්‍රේමය
 හදවතේ කැටයම් අඳින එක
 සෙනෙහෙ සැතකින් සිදුරු කරගෙන
 කෝශිකාවක කවි ලියන එක
ලේ නහර එක එක ලියූ කවි
 දෙතොල් මත විත් අත අරින එක
 මේ තරම් ඉසියුම්ද ප්‍රේමය
 කම්මුළක කවි සිපගන්න එක
පට්ටිකාවක් උපන් ගෙයි සිට
 ප්‍රේමයම හිත කොණිත්තන එක
 දුක් සුසුම් සැර දුම් ජාති වල
 පෙනහළුත් ප්‍රේමය සොයන එක
මේතරම් ඉසියුම්ද ප්‍රේමය
 ඇස් වලින් දුක වතුර වෙන එක
 ලුණු රසම එක කතාවක් ගෙන
 කම්මුළෙන් පළ්ලම් බහින එක

Comments

  1. ලස්සනයි බ උඹේ කවිය නම්.. ආදරේ, තේරුම් ගන්න හරි අමාරු දෙයක්..

    ReplyDelete

Post a Comment

Popular Posts