මම....

මම පූජියාමා....හිස උඩ විසල් හිම තට්ටුවක් දරන...හදවතේ ලෝදිය  සඟවන ...සකුරා මල් සුවඳින්, පිළිස්සෙන හදවතේ කුයිල මුවා කරන....
මම පූජියාමා....අක්‍රීයව සිනහ වෙන...සක්‍රීයව ගිනි උහුලන..
මම ජපනේ වනාන්තරයක්....සුගී ගස් තැනින් තැන උසුළු කතා කියන...ඇපල් මල් වල රොණ්, මලින් වෙන් කරගෙන අතරමන් වෙච්ච සුලඟකට ඉහිරවන...යමා සකුරා මලින් හැඩ වුන....ජීවිතේ කළකිරුණ ,හැඟිම් නැති මුහුණු වලට නවාතැන් දෙන...ඔහුන්ගේ සිරුරු පොළෝ මත මිහිදන් කරන...
මම ජපන් වනාන්තරයක්...ෆුකී මල් නිදිකරවන..ඇහැරේවිදෝ බියපත් වෙන...
මම තතමි පැදුරක්...ඕනවට එපාවට වියන ලද...මිටි මේස වල බර උහුලන...පුංචි තේ සාද දෙස ඕනකමින් බලා සිටින...නිහඬවම...නිසලව..කිසිත් නොකියා බලා සිටින...

Comments

Popular Posts