පාන්දර හිරිගඩු කවි
මන්දස්මිත එළියකට පපු මත
යන්තම් ඇවිත් නවතින්න
පොළවත් ඔහේ ඉන්නේ
උදයක් ඇවිත් යනකන්ලු
රැයෙහි කඳුළු තණ පත් මත
පිසදාලන්නේ උදයලු
හීතල වුත් උණුසුම්
හාදු දෙන්නේ තෙතම තෙත
සුලඟක්ලු
දුම් දමන කෝපි කෝප්පයකට
උදයක් ඇහැරිය හැකිලු
හිරි ගඩු පිපෙන හීතලක වුව
මල් කොණිත්තා උසුළු කළ හැකිලු
මේ උදයක්ලු දිනයක්ලු
අලුතින්ම ඇස් ඇරපු බිලිඳෙක්ලු
දඩිබිඩියේ දුව යන
ළමයින්ලු
අකුරු ඇහිදින කවියන්ලු
ලිපක්ලු ඉඳලා හිටලා බත් උයන
දුම් දමන දුක් ගිනි දවනවලු
මේ උදයක්ලු අහසට වුව
මල්වර වෙන්න හිත් දෙන
පැතුමක්ලු
Comments
Post a Comment