හෙවනැලි වලට පෙම් බඳිමි





"ඔයා මාත් එක්ක බුක් ෆෙයාර් යන්න එනවා නේද?"
මම ඒ වචන ටික පිට කලේ ටීවි එක දිහා බලාගෙන...
 "බැරි වෙයි"
එයාත් ඒ වචන ටික ටීවි එකටම කිව්වා...මම බොහොම පරිස්සමට එයාගේ මූණ දිහා බැලුවා...ග්‍රීක ප්‍රතිමාවක් වගේ එයා තාමත් ටීවි එක දිහා බලාගෙන හිටියා...එයාට මේ ගමන ඊට වඩා සංවර විදිහකට ප්‍රතික්ශේප කරන්න තිබුනා නේද කියලා මගේ යටි හිත එයාවම කොණිත්තන ගමන් දොඩවන්න ගත්තා...ටීවී එකේ ගියේ නිකන් බොලඳ ආදරයක් ගැන කතාවක්...ඒකේ නිලියගේ නිරුවත් දර්ශන දිහා එයා බලාගෙන හිටියේ කලින් ගෑනියෙක්ගේ නිරුවත දැකලා නැති ගානට...එයාට එන්න බැරි එයාට වැඩ නිසාම කියලා මම යටි හිතට තරවටු නොකෙරුවාම නෙමෙයි..ඒත් ගෑනු හිතක් සීලිමේ එල්ලිලා මේ වෙන හැමදේම බලාගෙන ඉන්න ගතියක් මට තියෙනවා...ඒ නිසාමද මන්දා මගේ හිතේ තිබ්බ තරහව දුක වචන කරලා එයාව තුවාල කරන්න වගෙම එයාව ආරූඪ කරන්න මට ඕනි කමක් ආවේ නැහැ...
වෙනදා වගේම අටේ කණිසම වදින කොට යාන්ත්‍රිකව කෑම කාපු අපි දෙන්නා නවයේ කණිසමට නිදාගන්න ආවා...එදා ගොඩක් හීතල දවසක් නිසා මට ඕනි වුනේ එයාට තුරුළ් වෙන්න...එයාගේ බාගෙට වැවිච්ච පපුවේ මයිල් අස්සෙන් මගේ හිතේ ඉපදෙන මැරෙන කවි ලියන්න...ඒත් නිරුවත් දර්ශන බලලා ආපු ස්වාමියෙක්ට ඕනි වෙලා තිබ්බේ නැහැ බිරිඳ කවි කියනවා අහන්න...බිරිඳ ගොතන කට්ටකින් එයාට ජර්සියක් මහන එක ගැන කතා කරන්න...කාමරේට ආපු ගමන් ඇඳුම් එක එක ලිහුනා...මම කොහොමත් නිරුවතින් ඉන්න ආස කළා...එතකොට මට මානවයා පහළ වෙච්ච දවස් වල දැනුනු නිදහස කාන්දු වුනා..ඒත් මේ දැන් එහෙම ගතියක් මගේ තුන් හිතකවත් තිබුනේ නැහැ...මම ඒ හැඟිම ගැලවිලා වැටිච්ච අපේ ඇඳුම් අස්සෙත් හෙව්වා...මෛතුන සිතුවමක් ඇඳපු මේස ලාම්පු දෙක දැල්වෙලා තිබ්බේ නැහැ...එයා ඒ මේස ලාම්පු ගැන වද වෙනවා කියලා තේරුනේ මගේ ඇඟෙන් බැහැලා යනකොට හුලඟට ඔහේ කියලා දාපු කතාවකින් මගේ යටි හිත කඳුළු බිඳුවක් හදවතේ වම් පැත්තේ ඇති වෙලා නැති වෙලා යන්න දීලා බලා හිටියා...
 "මොකක්ද මාශා ඔයා මළ මිණියක් වගේ නෙහ්...කෝ ඉස්සර වගේ ඇක්ටිව් වෙලා ඉන්නකෝ...ශික් "
එයා වතුර උගුරු දහයක් බිව්වේ හරියට කලින් හිතාගෙන හිටියා වගේ...මම ඇඳ රෙද්ද අහකට දාලා නිරුවතින්ම ඔහේ ඇඳේ ඇලවෙලා හිටියා...එයා යටට අඳිනේ නැතිවම කලිසමකුයි ශර්ට් එහෙකුයි දාගෙන හයියෙන් දොර වහගෙන යන්න ගියා
 මීට හරියටම අවුරුදු දෙකකට කලින් මම ප්‍රේමයෙන් බැඳෙනකොට මට යාන්තම් විසි එකක් ඇති...එයාගෙ අද තරම් මස් ගොබ ඒ දවස් වල තිබුනේ නැති වුනාට ග්‍රීක ප්‍රතිමාවක් වගේ හිටියා..මම ඒ ග්‍රීක ප්‍රතිමාවේ හැම අඟලකටම කාමයෙන් වගේම ආදරයෙන් බැඳිලා හිටියේ පිස්සියෙක් වගේ...දවසෙන් වැඩි කාලයක් ඒ දවස් වල අදට වඩා එයාට මම වෙනුවෙන් වෙන් වෙලා තිබුනා...මම ගොඩක් ආස කලේ එයාගේ පපුවේ උඩ ඔළුව තියාගෙන සිංහල සාහිත්‍යයයි ඉංග්‍රීසි සාහිත්‍යයි කසාද බන්ඳන්න...ඒ වගෙම සමලිංගික අයිතින් ගැන කතා කරන්න..මේ දවස් වල මගේ හොදම යාලුවෙක් ප්‍රසිද්ධියේ සමලුංගිකයන් වෙනුවෙන් පෙනී හිටියා...එයා මගේ යාලුවා එක්ක නිදාගත්ත බව එයාගේ සිහිය විකල් වෙන තරමට බීලා හිටිය වෙලාවක වැරදිමකින් වගේ මම දැනන් හිටියා...ඒත් මම එයාව සාධාරන කලා..බයි සෙක්ශුවල් කෙනෙකුට එහෙම දෙයක් වුනාට කමක් නැහැ කියල මම මටම තදින් කියා ගත්තා...ඒත් දැන් ඉන්න එයායි ඉස්සර හිටපු එයායි මට පෙනුනේ ඔරිජිනල් ෆෝන් එහෙක චයිනිස් කොපියක් වගේ...පිට කවරේ විතරක් හොදට තිබ්බා...ඊට පහු වෙනිදා පාන්දර හතරට නැකිටින කොටත් එයා ලිහලා දාපු කළිසම එහෙම්මම ඇඳ පල්ලේ සීලිම දිහා බලාගෙන ඉන්නවා...මම රෑ ඇඳුම හෙව්වත් හම්බුනේ නැහැ...ඒ නිසා මම ඇඳ රෙද්ද ඇඳගෙන කුස්සියට ගිහින් කෝපි කෝප්පයක් හදා ගත්තා...කෝපි බොන්න හොදම තැන බැල්කෙනියේ දකුණු කෙළවර එතනට මුහුද පේනවා...පාන්දර නිසා මට මුහුද ඇහෙනවා විතරයි...හැබැයි මුහුද වෙනදට වඩා හොදට ඇහෙන බව මට දැනිලා තිබ්බා...එයාගෙයි විමාශගෙයි ආදරයක් නැති ශාරීරික සම්බන්දයක් ගැන අපි යාලු වෙන්න කලින් ඉඳලම මම දැනුවත් ...මම එදා හිත හදා ගත්තේ ආදරේ කලේ නැහැ නේද කියන දේත් එක්ක...ඒත් කසාදෙට පස්සේ මට දැනගන්න හම්බුනේ ඒ බැඳිම බලහත්කාරකමක් කියලා...එයා අතින්ම ඒ කෙල්ල ගෑනියෙක් වෙලා කියලා..මගේ ලඟ සමාව කියන එක වතුර වලට වඩා තිබුනා...මම සමාව වලින් එයාගේ ලිංගේ නෑව්වා...ඔව් ඒකත් ශිව වගේ එයාව දකින්න ඕනි වුනාම මවා ගන්න පුළුවන් දෙයක්...ඒත් සැරින් සැරේ ඔළුවට ආපු විමාශා මගේ ස්ත්‍රීත්වය ප්‍රශ්න කරන එක නම් දරාගන්න බැරි වුනා ...
 'උඹගේ මිනිහා මාව දූශනේ කරපු එකට උඹ බැන්නේවත් නැත්තේ ඇයි' කියලා විමාශා හීනෙන් වගේ අහනකොට මම ගැස්සෙනවා...මම රැඩිකල් පෙම්වතියක් වුනාට දකුණු ආසියා ගෑනියෙක් නිසාදෝ මට එයා කරන හැම වැරැද්දක්ම සමාවෙන් හෝදන්න්න පුළුවන් වෙලා තිබ්බ...සමහර විට ඒක ගෑනුන්ගේ ගෑනුකම කියලා මම හිත ගල් කරත්තා...මම හිනා වුනේ ඇල් වතුර වෙච්ච කෝපි කොප්පෙත් එක්ක.. මම ඒක බැල්කෙනියේ ඉඳලාම රෙඩ් ෆාම් ගහකකට වත් කරා..
උදේ කෑම වෙලාව වෙනකොට මම කෑම කාලා ඉවර වෙලා මේසේ ලඟට ගියේ එයාගේ ඔෆිස් එකේ වැඩකට මගෙන් ඉල්ලලා තිබ්බ පුංචි ලිපිය ලියන්න...ලියන්න ගත්තට මට ලියන්න ඕනි වුනේ නැහැ...මට ඕනි වුනේ එයාගේ බෙල බදාගෙන ආදරෙයි කියන්න...එයාගෙ තොල් රිදෙනකන් හපන්න...තරුණ බිරිඳකට එහෙම හිතෙන එක වැරදි නැහැ කියලා ක්‍රිෂ්ණ මේසේ උඩ තිබ්බ මහාභාරතේන් නැකිටලා ඇවිත් කිව්වට බයිබලෙන් එලියට ආපු යේසුස්වහනසේ කිව්වේ මම සාතන්ගේ ග්‍රහනෙට අහුවෙලා කියලා...මම සාතන්ට අහුවෙලා නම් එයා සමහර විට දෙවියන් වහන්සේ කෙරෙහි දයාවෙන් ඉන්න තිබ්බා...මම මේ හිතන දේවල් පිළිවෙලකට කොළයක් අරගෙන සටහනක් දාගත්තේ එයාට මේවා කියන්න...ඒත් ගොඩක් වෙලාවට වුනේ එයා කියන දේශනවලට මම ඔහේ අහගෙන ඉඳලා එකඟ වෙන එක...පස්සේ ලියන්න ආපු එක පැත්තකින් තියලා මම ෆ්බී එකට ගියේ හොදම යාලුවගෙ එක්ක කවියක් ගැන කතා කරලා පරණ මම බවට පත්වෙන්න...ඒත් එයා ඔන්ලයින් නොහිටිය නිසා මම ආයිත් ලොග් අවුට් වුනා...
දොළහට විතර නාද වුනේ ගෙදර ෆෝන් එක...මට ඒ සද්දේ හරියට ගෙදර ඇතුලේ කණකොකෙක් කෑ ගහනවා වගේ...මම දුවලා ගියේ කෝල් එක ආන්ස්වර් කරනවට වඩා මේ සද්දේ නැතිකරන්න...
 "හෙලෝ "
මම ටිකක් නුරුස්සන විදිහට ඇහුවා...
 "මේ මිසිස් සමරවීර නේද?"
 "ඔව් කියන්න"
 "වැදගත් කාරනාවක් කියන්න කතාකලේ"
 "කවුද කියන්න ඔය?"
 "ඒක වැදගත් වෙන එකක් නැහැ...ඔන්න මිස්ටර්ගේ වැඩ බලාගන්න බෝල් රූම් හොටෙල් එකට මේ දැන්ම එන්න..රූම් නම්බර් විසි දෙක"
ෆෝන් එක නිකන්ම කට් වෙලා ගියා...මම හිනා වෙලා නිකන් ඉන්නයි හැදුවේ...මොකද පිට මිනිහෙක්ට වඩා හැමදේම කියන මගේ මහත්තයා මට විස්වාස නිසා...ඒත් බිත්තියේ එල්ලිලා හිටපු හූනෙක් නම් කිව්වේ නොසලා හරින්න එපා කියලමයි...ඒක කියන්න වගේ හූනෙක් චික් චික් ගෑවා..
මම ට්‍රයිශෝ එහෙක නැගලා හෝටලේට ගියා...මම කෙළින්ම ගියේ රිසෙප්ශන් එකට...
 "මම මිසිස් සමරවීර...මගේ මහත්තයා මට මෙහෙට එන්න කිව්වා...එයා මෙහෙ රූම් එකක් බුක් කරලද?"
 "ඔව් මිසිස් සමරවීර...මම ඉන්න රූම් එකට කෝල් කරන්නම්"
 "එපා වද වෙන්න...මම යන්නම්"
මම ගියේ කුවේනිගේ පරපුරේ ගෑනියෙක් කියලා මම මාවම නම්කරගන්න ගමන්...ඉතිහාසේ හැමදාම වගේ ගෑනියෙක්ට අසාධරනයක් වෙලා තිබ්බා...අද ඉඳන් ඒ ගොඩට මාවත් ඇතුල් වෙයි කියලා හිත යටින් මම බය නොවුනාම නෙමෙයි..මගේ වාසනාවට හරි අවාසනාවට හරි දොරේ යතුර පිටින් එල්ලිලා හිටියා..සමහර විට වැඩිය මිනිස්සු මේ හෝටලේට නොයෙන නිසා වෙන්න ඇති එයා එහෙම නොසැළකිලිමත් වෙන්න ඇත්තේ...මට ඕන වුනා එක පාරට දොර අරින්න...හිතුවා වගේම එක පාරට දොර ඇරියා...
එතන එයා වගේම තවත් මම නොදැකපු ගෑනු ප්‍රාණියෙක් උන්නේ නිරුවතින්...මට ඒක ප්‍රශ්නයක් වුනේ නැහැ...නිරුවත කියන්නේ මිනිස්සුන්ගේ හැබෑව කියලා මම දැනගෙන හිටපු නිසා...ඒත්...මට දැනුනේ මගේ කකුළ් පණ නැති වෙන ගතියක්...මම ඇමරිකානු ගෑනියෙක් වුනා නම් කියලා හිතුනේ මේ අවස්ථාවට ඒ තරම්ම සදාචාර ගල් හිත
 ඔනි වෙලා තිබුන නිසා...ඒ ගෑනු ප්‍රාණියා තවමත් එයාගේ බෙල්ල සපා කන්න දඟලන අස්සේ එයා නැකිටලා සෘජු ලිංගේ ඇඳ රෙද්දෙන් වහ ගන්න හැදුවා....මම ආයිත් දොර වැහුවා...

Comments

Popular Posts