මේඝයක් වින්දෙමි

කළු පාට ඝන වළා
 ආකසේ නැවතිලා
 අපි දිහා බලබලා
 කඳුළු එක්කහු කලා

තව තවත් කළු වෙලා
 කළු වළා මිරිකිලා
 මහ පොළව හීතලට
 තෙම තෙමා අඬනවා

පොතේ පිටුවක් කඩා
 නව නවා ඔරු හදා
 බොර පාට වතුරකට
 ඔහේ අතහරිමි මා

සුලඟ කවි මුමුණලා
 වැහි වළා සනසවා
 පෙම් කතා කෝටියක්
 ආකාසේ අඳිනවා

Comments

Popular Posts