ඉවසමින් මියයමි

ඉවසමින් මියයමි
 නුඹ නමින් විඳවමි
 දෛවය මෙය නම්
 තුටු සිතින් වැළදගමි
නෙත් සොරොව් වසාලමි
 හිත ගලක් කරගනිමි
 නුඹෙන් කිසිවක් නොපතා
 නුඹට හිත පුදන්නෙමි
කමක් නැහැ දුක් නොමැත
 හාදු මට නොදුන්නට
 මේ තරම් වුන් ලෙසට
 තව ටිකක් මග බලමි

Comments

Popular Posts