එළදෙන්නු පියාඹනවද

සමාවෙන්න තප්පරයකට
 ඉළඟ නැවතුම කොතැනද
 අයිස්ලන්තේ තණ පිට්ටනියක්ද
 ආමාශෙක හෝ මුඛ කුහරයකද


කාගෙන්ද මම අහන්න ඕනි
 ගුවන්ගත වෙන එකම අමුතුයි
 එළදෙනක් පියාඹනවා කියන එක
 නැහැ නැහැ ඕනාවට වඩා හිනා එපා


අත්තටු නැතිව පියාඹන එකම
 කපුටෝ උනත් බලාවි ඇයි කියලා
 හුහ්..අර බලන්න ඒ මම නේද
 මගේ බෙල්ලමද අර ලේ හලන්නෙ


සමාවෙන්න තප්පරයකට
 එතකොට මම මැරිලාද
අසාධාරණයි මේක නම්
 කවුරුත් ඇහුවෙවත් නැහැ
 මැරෙන්න ඕනිද කියලවත්


ඉළඟ නැවතුම කොතැනද
 තාම මම එළදෙනක්ද
 කවුරු හරි කියන්න මට
 එළදෙන්නු පියාඹනවද

Comments

Popular Posts