පයට පෑගුන මුත් සිනාසෙන

සැතක් අරගෙන කවක් ලියනෙමි
 හදේ පටකෙක ලේ නහර වල
 අළු පාට හාදුවක ගුලිවෙමි
 කොපුළ් නිම්නෙක පාවෙලා යන
 නෙතක් තරු මැද සඳක් නොවවෙමි
 වළා සළුවෙන් ඇස් වසා යන
 මමත් තනිකඩ තණ මලක් වෙමි
 පයට පෑගුන මුත් සිනාසෙන

පෙරාගෙන එක කළුවළාවක
 අහස කුස දැරු වැහි පිරිත් පැන්
 නේක දුක් අකුණක පාට කොට
 විළිරුදාවක විලාපය වන්
 මේඝයක මම සෙනෙහෙ දියකර
 නුබේ දෙපා මත වැතිරගන්නෙම්
 ඉතින් අවසර තණ මලක් මම
 බඹරෙකුට පෙම් කවි ලියන්නෙම්

උදා දිනකර මරා කළුවර
 අහස් කුස පෙම්වත් කරද්දී
 වහා මීදුම තුරු හිසක් මත
 ඔහේ දැවටී සැඟව යද්දී
 දරා ගන්නට බැරිතරම් බර
 පිනි කඳුළු කුසයට වඩිද්දී
 බඹර අහපන් නුබෙ නමින් මම
 පිනි කඳුළකට මවක් වෙච්චී

Comments

Popular Posts