කවි නොලියු කවියාට ලියාතබමි
කවි නොලියු කවියාට ලියාතබමි..
(මේ ලියා තබන සටහන් , නුඹ කිසිදාක කියවවූවාට මට කිසිසේත් කම් නැත...නමුදු මා මෙය ලියා තැබිය යුතු බව අදහමින් බොහෝ දෑ මඟ හැර ලියා තබමි)
වචන අකුරු පහළ වෙන්නට ඉස්සර නුඹ පහළ වීමේ තක්කඩිකම මට තනිව ඉවසා ගැනීමට සිදුවී ඇත...නුඹෙ සාහසික වීම් පවා මටසිලිටි රැපින් පත්තිරු වල ඔතා සඟවා ගන්නා දාරුමය හදවත් ඇත්තිය මම වෙමි...මේ නිකිණිය වැසි රහිත වීමේ විස්සෝපයේ පළවෙනිම වැරදිකරු නුඹය...මා එක දිගට අඬා වසන් කළ කඳුළු ජනේරු වැස්සට බලහත්කාරයෙන් පැටවුවේ නුඹය...ඉදින් මම මේ සියළු වැරදි වලට වැරදිකරු ලෙස නුඹව නම් කරමි..
බක් මහ ගිනියම් පාරජම්බූල උණුහුම කොළඹ පාරක් පාරක් ගානේ වහින සමයක, නුඹ හා ඇවිද ගිය තැන් වල නැවත ආපසු පැමිණීමට , සිහි කැඳවීම් පිණිස අතැර ගිය ධවල කානේෂන් මල් පෙති නුඹ සොරා ගත්තා දැයි සැකය..දැන් ඒ තැන් ලෝවාමහාපාය මෙන් නටඹුන්ව අතීතය අමතකව මානසික රෝගීව පසුවෙයි..මම අපි අතර පෙර පැවති යුද්ධ විරාම කාල ගැන පවා වද වෙමි..දැන් මේ දිගු නිහැඬියාව සුන්නත්දූලි කරමින් මෝටාර් ගුවන් ගත කිරීමට පවා සිතෙයි..
නුඹ කවියෙකු බව දත්තේ මා පමණක්මය...නුඹ කිසිදාක කවි නොලීවද නුඹ කවි ලියනවා විය හැක යන අනියමාර්ථය තුළින් මම නුඹේ සෙවනැලි කාලිදාස මෙන් යැයි දකිමි...දැන් මම , නුඹෙ තුංග සෙවනැලි පවා නොසළකා හැරිය හැකි ලෙස දෘඪ මුත් එකම වරක් හෝ දුර දොඩනයෙන් නුඹෙ ස්වර සංඛ්‍යාත ඇසීමට තරම් බිඳෙන සුළු වීදුරුවක්ව ඇත...මම නොබිඳී සිටීමට වෙර දරමින් බිඳී යාමට ප්‍රේම කරමි..
මම ප්‍රේමයේ යමා මහ පෙළහරින් වෙහෙසට පත්ව පසුවෙමි..එනම් එකවර වෛරයේ ගින්නෙන්ද ප්‍රේමයේ තුහිනයෙන්ද හදවත දැවී තෙමී රිදී යනු ඉවසීමය..
නුඹෙ සල්ලාලබව මගේ සිත දමනය කළ ඒ සමය දෙස මම උදාසීන බැල්මක් හෙලීමට කැමැත්තෙමි...නුඹ හා ගෙවී ගිය වසන්තයන් දෙක මට ලැබුණ වටිනාම රජතමය කිනිස්ස බව කිවයුතුය..මම ඒ කිනිස්සෙන් පපු කැනිති කැනීමට ලක් කර සොයන්නේ නුඹවය..නුඹ සෑම තැන්හී පවතියි..මට ඒ පැවැත්ම වමනයක බිය රැඳි ඔක්කාරයක්මය..
නුඹෙ වම් පස හෝ දකුණු පස සිටින රුක් දෙවඟනට මම ඉරිසියා නොකරනවා යැයි පැවසීම උගහටය...මම බොරු නොකියමි...ඇය නුඹෙ හඬු ගඳ කොතෙක් කල් ඉවසා සිටීදැයි සැකය...ඇය දමා යාවි යැයි සිතුනද එසේ නොමවේවායි එක සිතින් පතමි..මන්ද නුඹේ කඳුළු දරා ගැනීමට තරම් සවිමත් පාදමක් මට අහිමි බැවිනි..
මේ කාලය කා දමා කෙළ ගසා 'තුක්' කියන ලද සාපලත් ශිෂ්ටාචාරය පොසිලභවනය වන දිනෙක අපේ සීරීම් සහිත ප්‍රේමය උපමාවට ගත හැකි ලෙස ලේඛන ගත කළ යුතුය..නමුදු ඒ ගැන මා ලිවා නම් එහි නුඹට පට්ටම අසාධාරණයක් කිරීමට මට සිතිය හැකිය..ඒ නිසාවෙන්ම මම ලිවීම නවතා බොහෝ කල් වෙමි...දකුණින් යෑමද දකුණින් ලිවීමද මා සීරුවට අතහැර ඇත...
මම නුඹව ගොරහැඬි මුර්ධජ අකුරක දිවි ඇති තෙක් සිර කරමි...මම අල්පප්‍රාණයෙන් හුස්ම ගනිමි...නුඹෙ ඝන බුරුසු රැවුල මගේ සවිමත් රදනකයකට තද කර ගැඹුරු හාද්දක් දීමේ ස්වප්නයක පසුවෙමි....මගේ පල්මාණික්කම් පැහැ ඇස් වලින් බේරෙන දාමාකාර කතන්දර වල රස නිසා උත්තේජනය වන රසාංකුර නුඹේ මිය ගොස් හමාරය...නුඹ අතීතය පුනරුච්චාරණය කරමින් සිටියි...වේදිකාවක් නැතිවම, හරි හමන් පිටපතක් නැතිවම නුඹ පාපී විජයගේ චරිතයට කැමැත්තෙන් පණ පොවමින් කුවන්නා බවට මා රූපාන්තරණය කරමින් සිටියි..තාම නොයිපදුන දිසාලාගේත් ජීවහත්තගේත් පියා නුඹය...මම සනුහරේ ගල් මුල් ඉවසාගෙන සිටින කබොක් ගල් බැම්ම...
මගේ ගෙවී යන රාත්‍රීන් මධ්‍යසාරයෙන් පෙඟී ගිය බව සැල කරමි...ඒ වයින් ගඳෙන් පෙඟුන ඇඳ ඇතිරිලි සයනීය ශුංගාරයන් ශුන්‍යයෙන්ද පහළට තල්ලු කර දමා ඇත...එය ස්තිරියාවකට කොහේත්ම සුදුසු නැති බව නොපවසන්න...මම වචන උක්ත ආඛ්‍යාත නොසලා හැරීමට පටන් ගෙන ඇත...
මම නුඹ නමින් පැල කළ රෝස ගස් මුලින් උදුරා භූමදාන කළ යුත්තෙමි..නුඹේ සුලඟට පවා ලෙළෙන ලඹ දෙසවන් විනිවිද කර්ණපටහා පටලය තෙක් ඇවිද යන්නට ඇත්නම්...මම නිෂ්ශබ්ද කන්නලව්වක් කරන්නට කැමැත්තෙමි...නමුදු නුඹ එයට කිසිදා එයට ඉඩ නොදෙනු ඇත...මම විසඳා ගත නොහැකි අවකලනය ගාණක් මෙන් සිටින්නේ ඒ නිසාය....සමා වෙන්න ...මම ජුලියට් නොවුනද නුඹට රෝමියෝ වීමට බාධා නොකරමි..වෙන ජුලියට් කෙනෙක් සොයා ගන්න...ඒ නුඹේ ක්‍රීඩාව...!!
මේ ලෙස නුඹට කරදර කිරීමට යටි හිත කළ තර්ජනයට බියෙන් මම මේ සටහන ලියූ බව දැනගන්න...නුඹට අවැසි විටෙක මා ගිනි උඳුනට විසි කර පාතරසය ඇයට කියා තම්බා ගන්න...හරක් මස් නම් නොකන්න...හාල් මැස්සෝ පමණක් කන්න...ඇට දිරා යන්නට නොදෙන්න..නුඹ කවියෙක් බව මා කියූ බව පමණක් සිහි තබා ගන්න...මගේ මළ ගමට නොපැමිණියාට කමක් නැත...නමුත් මා සොහොන් කොත උඩ මා වෙනුවෙන් යමක් ලියන්න...ලියන්නට බැරි නම් කියන්න..නෑ ..නොලියාම ඉන්න..
මීට
කලකට පෙර ඇද හැලුණ
නිකිණි මේඝය..
මියැදෙන්නට පෙර මෙය කියවීම පෙර පිනකැයි සිතමි. මොනවා කියන්නද ? හදවතම මොහොතකට ගල් වුණා . විශිෂ්ටයි සහෝ !
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඉතා අනර්ඝ නිර්මාණයක්. මෙතූ තමයි පාර කිව්වෙ
ReplyDeleteAgei
ReplyDeleteJayawewa
Agei
ReplyDeleteJayawewa
නියමයි කියන්නේ නියමෙනුත් නියමයි....
ReplyDeleteඅම්මේ... උඹ නම් නියම සොයාගැනීමක් අමා...
ඌ මරමු අමා...මට දුක හිතුණ. දුක හිතෙන ලස්සනම ලස්සන ලියවිල්ලක්. එක හුස්මට කියෙව්ව.
ReplyDeleteමද්‍යසාරයෙන් පෙඟී ගියකල බොහෝ ව්‍යාකරණද අවකලනයට සමාන වේ.
ReplyDeleteසුපිරියි බං...............
ReplyDeleteබොහොම ලස්සනයි. "කවියෙකුට ආදරය කල යුවතියක් " ඉයන් තමයි පාර පෙන්නුවේ.
ReplyDeleteවිශිෂ්ඨයි.
ReplyDeleteඅනේ කොමෙන්ට් ගොඩායි...හැම එකටම වෙන වෙනම ස්තූති කරන්න මේ දවස් වල ටිකක් අමාරුයි..හැමෝට ගොඩාරියක් ස්තූතියි <3
ReplyDeleteමෙතූ ඉයන් හීන බලන්න යාලුවෝ එක්කන් ආවාට තැන්ක්යූ <3
මීට කලින් මේ පැත්තේ ඇවිත් නැහැ. ඉයන් තමා පාර කිව්වේ. හොඳ කාව්‍යමය ආවේගයක් මේ නිර්මාණයේ දකින්නට තියනවා.
ReplyDeleteපල්මානික්කම් මොනපාටද කියලා දන්නේ නැති අය හොයන්න පටන්ගනියි. අන්න එහෙමවත් හොයන්න බලන්න දෙයක් පාඨකයාට ඉතිරි කිරීම වැදගත්.
වචන දෙකක් තියනවා හැදුවොත් හොඳයි.
//මේ ලියා තබන සටහන් , නුඹ කිසිදාක නොකියුවාට// නොකියුවාට නෙවෙයි නොකියවූවාට නේද වඩාත් සුදුසු හා නිවැරදි?
පාරිජම්බුල කියලා වැදිලා තියෙන්නේ යතුරු ලියන වැරද්දකින්. එය පාරජම්බුල කරන්න.
මම ඒ වැරැදි හදන්නම් ^_^
Deleteගොඩක් ස්තූතියි විචාරයා වැරදි පෙන්නලා දුන්නා වගේම හීන සාප්පුවට ගොඩ වුනාට
මීට කලින් මේ පැත්තේ ඇවිත් නැහැ. ඉයන් තමා පාර කිව්වේ. හොඳ කාව්‍යමය ආවේගයක් මේ නිර්මාණයේ දකින්නට තියනවා.
ReplyDeleteපල්මානික්කම් මොනපාටද කියලා දන්නේ නැති අය හොයන්න පටන්ගනියි. අන්න එහෙමවත් හොයන්න බලන්න දෙයක් පාඨකයාට ඉතිරි කිරීම වැදගත්.
වචන දෙකක් තියනවා හැදුවොත් හොඳයි.
//මේ ලියා තබන සටහන් , නුඹ කිසිදාක නොකියුවාට// නොකියුවාට නෙවෙයි නොකියවූවාට නේද වඩාත් සුදුසු හා නිවැරදි?
පාරිජම්බුල කියලා වැදිලා තියෙන්නේ යතුරු ලියන වැරද්දකින්. එය පාරජම්බුල කරන්න.
මේක නම් නියම ලියවිල්ලක් ...පට්ටයි
ReplyDeleteස්තූතියි 😊😊
Deleteඋඹ දිගටම ලියන්න ඕනෑ එකෙක්.. සුබ පැතුම් මල්ලියේ..!!
ReplyDeleteස්තූතියි 😊😊
Delete"ගඳයෙන්" යන්න ගඳෙන් කියා වෙනස් කරන්න.
ReplyDeleteඅනේ ඇත්තට.. මං හිතුවෙ මේක ලියන්නෙ කෙල්ලෙක් කියලනෙ. දැන් තමයි ලියන්නෙ කවුද කියල දන්නෙ. :D
ReplyDeleteමලයගෙ නිර්මාණ නං බුකියෙන් කියවනවා. තව "වළාකුළු අතර හිඳ" ගෘප් එකෙනුත්.. දිනේෂ් මල්ලිගෙ පෝස්ට් වලට කමෙන්ට් කරපු ඒවයින් තමයි හොයාගත්තෙ. දැන් ඉතින් දිගටම මේ පැත්තෙත් එන්නම්..
ඇඟ හිරිවැටෙනවා...මගේ ඔළුව ඇතුලෙන් අමුතු සද්ද ඇහෙන්න ගත්තා... මේකට උත්තරයක් ලියලයි ගැලවුනේ... :)
ReplyDeleteනිකිණි මේඝයට සනෙහසිනි
අවුරුදු සීයක් ජීවත් වුන මිනිහෙක් වගේ ජීවිතය කියවන්නත් ඒක නිර්මාණයකට කැටිකරන්නත් තියෙන ඔය හැකියාව උපරිමයි... ජයවේවා..!
ReplyDeleteදඩාං....කවුද යකෝ මගේ ඔලුව ගලක ගැහුවේ....
ReplyDelete(එහෙම ෆීල් එකක් ආවේ!!!)Aru
බීටල්ගේ පන්දම් එළියෙන් මමත් ආවෝ. ආපහු යන්න බැරි තරමට මංමුලා වුනා . ඒක සුන්දර අතරමන් වීමක්
ReplyDeleteසැක් ...
ReplyDeleteකියන්ඩ වචන නැත ..
බීටල්ගේ එළියෙන් මමත් ආවා, ඇවිත් ලිපි දෙකම කියෙව්වා, නියමයි... බිටල්ට පිළිතුරු ලිපියක් ලියන්න උත්සාහයක් ගත්තා...
ReplyDeleteහිතට වහල් වූ නුබට ලියමි....
ඉදිරි ලිපි වලදී හුස්ම ගන්න මතක් කරල ඉඩක් තියන්න .. ජය වේවා !
ReplyDeleteබීට්ල් ලඟට ගිහින් මෙහෙට ආවා , ආපහු යනවා බීට්ල් ලඟට
ReplyDeleteබීට්ල් ගේ පෝස්ට් එකෙන් මෙහෙටත් ආවා... බීට්ල් කියපු කතාව ඇත්ත... සම්මත ලිවීම වෙනස් කරන්න, අර්ථවත් ලෙස වෙනස් කරන්න පුළුවන් ස්වභාවයක් මේ ලියවිල්ලේ තියනවා. අපි ඉස්සරහටත් එන්නම් බලන්න
ReplyDeletehttp://kegahanahitha.blogspot.com/2016/04/blog-post_54.html#links
ReplyDeletepuluwannam mekath balala kyanna adare denena heti
කවි නොලියු කවියාගෙන් කවිකාරිට පණිවිඩයක්..
ReplyDeleteඔයා කියන කතාව සහතික ඇත්ත.. නොපෙනෙන්න ඉන්නකොට හැමදාම හැමෝටම මාව එපාවෙන විදියටම ඔබ සාධාරණ බව ඔප්පුකරන්න ගත් වෑයමට ස්තුතියි.. නිකිණි මාහට මහ වැහි මහ පොළව නොතෙමන අභාග්‍යට ද මා වරදකරු කරන ඔබට මම දොස් නොපවරමි. අපේ ඉතිහාසික කතාව ඇතුලේ විජයව මුග්ධ ප්‍රේමවන්තයෙක් කරන මිනිසුන්ට නොතේරෙන හද විල කලඹන සෝකාන්ත ප්‍රේමයක විජය සිරවූ බව නොපෙනෙන්නේ තමන්ගේ පැත්ත පමණක් දකින බලන කෙන්නෙක්ට විතරයි කියල හිතන්න අමාරුද?
ඇත්තටම මම කවියෙක් නෙවෙයි.. නමුත් මම හැමදාම ඔයා ලියන කවි දිහා බලාගෙන හිටිය.. ඔයා ඒ කවි ලියනකොට ඒ කවි වලට කතන්දර හැදුව .. හදවතින්ම මම ඒ කවි වින්දා කවිය තුල මම ඔබව අදහන්න පුරුදු වුනා කවිකම් නොදන්නා හිත කවි රසයට වහල් වුනා කියලත් හිතෙනවා.. ඇත්තටම ඔයා නොලියපු එකම කවිය මම බව මම දන්නවා... සත්තයි... නන්දා මාලනී නැන්දා ගොඩාක් ඉස්සර කියපු ගීතයක කොටසක් මට මතක් වුනා. ඇත්තටම කියනවනම් ඒ කතාව අදටත් කොයි තරම් සාධාරන කතාවක්ද කියල හිතෙනවා.. "නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවිලොවේ... "
කවිකම් කොතරම් තිබුනත් ඔබ සතුටුවෙන්නේ කිවිඳුන් ගෙන් බව මම දන්නවා.. නමුත් මට සමාවෙන්න...
මෝටාර් ගුවන්ගත කරන්න දෙවරක් නොසිතන ඔබ තවමත් නිහඬව බලා සිටින්නේ ඒ අලෙවි නොවුණු මිලක් නැති හීනයට පෙම් බඳින නිසා බවත් මම දන්නවා..
ඔයාගේ නඩු තීන්දුව මාව ගොරහැඬි මුර්ධජ අකුරක දිවි ඇති තෙක් සිරකිරීම සාධාරණද කියල පොඩ්ඩක් හිතල බලන්න.
නන්දා මාලනී නැන්දගේ මේ සින්දුව ඇහෙනකොට සත්තයි මට ඔයාව මතක්වෙනවා..
අමා මට සමාවෙන්න.. ඔයාගේ හීනසප්පුවේ මම මිලක් අහිමි හීනයක් වුනාට ..
සහුර්ද ඔබට හැකිනම් මිලක් අහිමි ඒ හීනෙට වටිනාකමක් තියනවද කියල විනිශ්චය කරන්න..
නඩු තීන්දුවට අභියාචනාවක් ඉදිරිපත් කිරීමට සහය වන්න.
කුරුටු ගෑ ගී පොතේ කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා...
කුරුටු ගෑ ගී පොතේ...
ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියූ කවි ගීතිකා...
ඔබේ නාමෙන් හැඩූ කදුලින් ගයමි මම කිවිදුනේ...
මියුරු කවිවැල් කුරිරු ස්වරයෙන් ඇසේ රෑ යාමයේ
නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවිලොවේ...
සත්තයි තවමත් ආදරෙයි..
"මම ප්‍රේමයේ යමා මහ පෙළහරින් වෙහෙසට පත්ව පසුවෙමි..එනම් එකවර වෛරයේ ගින්නෙන්ද ප්‍රේමයේ තුහිනයෙන්ද හදවත දැවී තෙමී රිදී යනු ඉවසීමය.." එය නම් අනර්ඝය
ReplyDeleteඔබට අති විශිෂ්ට පරිකල්පනයක් තියනවා.ඔබ දවසක දිග් විජය කරනු ඇත
විශිෂ්ටයි අමා... මං හැමවෙලාවෙම කරන්නෙ මේ බ්ලොග් එකේ මඟහැරුණු තව හිස්තැන් මට තියනවද කියල
ReplyDeleteමම මේ වචන වලට ආදරෙයි
ReplyDelete