පිපුරුණු හදවත්




එදා තමයි කාලයක් තිස්සේ බලන් හිටපු දවස...එදා ඉර පායලා තිබ්බෙත් නැගෙනහිරෙන්ම තමයි...බටහිර පැත්තට හැරිලා ඒ වෙනකොටත් බිම දිගා වෙලා හිටපු හෙවනැල්ලත් කුඩයක් ඉහලගෙන හිටියා කියලා යාන්තම් මතකයි...ගෝල් ෆේස් එකේ ඉඳගෙන ඉන්නම හදලා තිබ්බ සිමෙන්ති බැම්මක ඉඳගෙන හිටියේ මම රෝස පාට සායක් ඇඳගෙන ලේ පිරිච්ච කම්මුළ් දෙක හිනාවකින් ඔසෝගෙන...ගෝල් ෆේස් එකේ එක කෙළවරක මහ හෝටලේට ටිකක් ලඟින් සින්ඩරෙල්ලා බිකිනියක් ඇඳගෙන බැලේ නට නට හිටියා...වම් කකුළ නළල ගාවට අරගෙන වටයක් කැරකෙවෙන කොට මාව දැකලා තනි කකුළෙන් දුවගෙන ආවේ මම එතනින් පැනලා දුවයි කියලා මාව බදාගන්න එන සාම්පලේට...
 "මොකෝ පාන්දරම ඇවිත්?"
සින්ඩරෙල්ලා එක අතක දබරගිල්ලෙන් වම් පියයුර හෙමින් කහන ගමන් ඇහුවා...
 "අද එයා මාව දකින්න එන පළවෙනි දවස"
මම ඒ වචන කිව්වේ ලේ පිරිච්ච කම්මුළ් පුළුවන් තරම් තද වෙන්න හිනා වෙලා...
 "එයා සමහර විට එන්නත් පුළුවන් නේද?"
සින්ඩරෙල්ලා කොහොමත් තලත්තෑනි ගෑනියෙක් නිසා මම එයාට ඇන්ටි කියන්න හිතාගෙන හිටියේ...ඒත් මම හිනා වෙලා ඇහුවේ එයාව පිස්සු වට්ටන තරම් කළඹල ප්‍රශ්නයක්...
 "කෝ ඔයාගේ හස්බන්..?එයාට රාජ සභාවද?"
 "නෑ මම දැන් ඩිවෝස් කෙල්ලේ...එයා ආස නෑහෑ බිකිණි කුමාරියෙක්ට...එයාට ඔනිත් ගෙදර වැඩපල කරන වැඩකාරියක් විතරමයි...එයා මගේ බෙල්ල පිටි පස්ස රතු වෙන්න හාදු දෙන්න දන්නේ නැහැ කියපු ගමන් නඩුකාරයා මට එයාගෙන් ඩිවෝස් එක දුන්නා."
එයා මම අහන්න හිටපු ප්‍රශ්න කියවලා වගේ ඔහේ කියෝගෙන ගිහින් හයියෙන් හුස්මක් ඉහළට ගත්තා...එයා ආයිත් නැකිටලා ගියේ බැලේ නටන්න...මුහුදු හුලඟ කොච්චර ලුණු රසද කියනවානම් තොල් ලෙව කකා ඉන්න එකම හිතට ගෙනාවේ හරිම රස්නේ හැඟිමක්...මට එහා පැත්තේ බැම්මට ටිකක් එහායින් ස්නෝ වයිට් නිදි කුමරිගේ තොල් සිපගෙන ඇස් දිහා බලාගෙන හිටියා...මම හිටියේ කොහොමත් ලා නිල් පාට අහසේ සුදුපාට වළාකුලක හෙවන යට...මේ මගේ පළවෙනිම දවස නිසා හදවත ගොඩක් හයියෙන් ගැහෙන්න පටන් ගත්තා...හරියට පපු කුහරෙන් එළියට ඇවිත් හදවතට පියාඹන්න ඕනි කියනවා වගෙ හයියෙන් ගැහෙන එක ඉවසන්න පුළුවන් මොන කෙළ්ළටද...මම ඉවස ගන්නම බැරි තැන මූණු පොතේ බිත්තියේ හදවත් දාහතරක් එක පෝළිමට එල්ලුවා...මම එයාගේ මම ආසම පොටෝ එහෙකත් හදවතක් එල්ලුවා...ඒත් නැහැ හදවත ගැහෙන එක නැවතුනේ...මම බැලුම්කාරයෙක්ව දැක්කේ ඔය අල්ල පනල්ලේ... මේ අවස්තාවට මුහුණ දෙන්න එක හදවතක් කොහොමත් මදි කියලා මට කලින් නොහිතුනේ මොකද මන්දා...මම හදවත හැඩේට තියෙන බැලුම් දාහතරකුත් අරගෙන ලඟින් තියා ගත්තා...දැන් හිත මෙල්ලයි..හදවත සුපුරුදු ලබ් ඩබ් සද්දේ එක්ක ආයිත් ගැහෙන එකම සතුටක්..
අන්න එතකොටම ඈතින් බ්ලැක් නයිට් සුවඳක් අරගෙන එයා එනවා මම දැක්කා....එයා ආවෙ තනි කළු යකඩ අස්සයෙක් පිටේ....එයා මාව පහුකරගෙන එහාට ගියා...ආයිත් මෙහාට ආවා...ආයිත් එහාටයි මෙහාටයි යන්න ඇති දහපාරක්...සමහර විට විසිපාරක් විතර...එතකොට එයා මගේ ෆෝන් එකට කෝල් එකක් ගත්තා..මම ආන්ස්වර් කරන්න කලින් එයා ඒක කට් කරා...එතකොටම "ඔයා කොහෙද වස්තු? " කියලා හාදුවක් එක්ක මැසේජ් එකක් ආවෙත් එයාගෙන්..
 "මම ඔයාගේ පිටි පස්සේ"මමත් මැසේජ් එහෙක හාදුවක් අමුණලා යවන ගමන් එයා මම දිහා බලන විදිහ බලන්න ආසවෙන් හිටියේ පුළුවන් තරම් ඇස් දෙක ලොකු කරන ගමන්...එදා තමයි දවස එයා මම දිහා බලපු...මම ආයිත් කම්මුළ් හිනාවකින් උස්සාගෙන එයා දිහා බැලුවා...එයා මාව දැක්ක ගමන් අඩි තිහක් පස්සට ගිහින් නතර වෙලා බැලුවේ මගේ ඇස් දෙක දිහා...එතකොටම අහස කළු වෙලා තිබ්බා....මගේ ඉහලින් තිබ්බ වළාකුල එක පාරට හීනි ඉකියක් එක්ක අඬන පටන් ගත්තා...සින්ඩරෙල්ලා බිකිනිය පිටින්ම එයාගේ කාර් එකට ගිහින් දොර වහගත්තා...ස්නෝ වයිට් නිදි කුමරිව අරගෙන දේදුනු ලන්තෙට පියාඹලා හැංඟුනා...ඒත් එයා මාව දාලා යාවි කියලා නොහිතුනාට එයත් වැස්සට බයේ පැනලා ගිහින් තිබුනා...හදවත් දහතුනක් එක දිගට අකුණු සද්දෙට පිපිරිලා ගියා...දාහතරවෙනි හදවත හිරි වැටිලා තිබුනේ...එක අකුණකට ආයිත් ඒ හදවත පුපුරලා ගියා....ඉතිරි වෙලා තිබුනේ පපුවේ ඇතුලේ හැංඟිලා හිටපු හදවත විතරයි..ආයිත් ෆෝන් එකට මැසෙජ් එකක් ආවා...ඒක ඇවිත් තිබුනේ එයාගෙන් ..."බායි "
එයා එහෙම එවල තිබා..මම ඉතිරි වෙච්ච හදවත පරිස්සමට පෙට්ටියක දාලා හංඟලා ගෝල් ෆේස් එකේ රළකට වීසි කලා...කවුරු හරි දැක්කොත් ඒක ආයිත් මට ගෙනත් දෙනවද..ආයිත් ඕනි මට පිපිරෙන හදවත් ගොඩක් හදලා පිපිරෙන හැටි බලන්න

Comments

  1. සාප්පුවේ පළවෙනි කස්ටමර් මං :D අමෝ මාව අතරමං නොකර ගෙනියන්න එහෙනම්.මේ කමෙන්ට් 1 ගැන මට අනාගතේ දවසක ආඩම්බරෙන් කියන්න හැකිවේවා!ජය!

    ReplyDelete
    Replies
    1. අමාගේ හීන සාප්පුවට එන කස්ටම්ස්ලට හොදට සළකනවා දිනේශ් අයියේ.... ^_^ ඇවිල්ලා චුට්ටක් වාඩි වෙලා හිටියත් සනීපයි :D

      Delete
  2. ‍"හී‍න ‍සාප්‍‍පු‍ව‍ට ‍ඕන්‍ ‍මාත්‍ ‍ආ‍වා , ‍අ‍මෝ ‍අ‍ව ‍ග‍මන්‍ ‍ඳුන්‍‍න‍නේ ‍හොඳ ‍වෙල්‍‍කම්‍ ‍එ‍කක්‍ ", ‍සු‍බ‍ප‍තුම්‍ ‍මල්‍‍ලි‍යෝ , ‍උ‍‍බේ ‍ඒ ‍ග‍ම‍නේ ‍අ‍ඩි‍තා‍ල‍ම ‍මේ ‍විඳි‍‍ය‍ට ඳා‍පු ‍එ‍ක ‍හොඳා‍ය . ‍ත‍ව ‍යා‍ම‍ට ‍ඳු‍ර ‍බො‍හෝ‍ය, ‍ය‍න ‍ග‍ම‍නේඳි‍ ‍‍නො‍යෙක්‍ ‍කා‍ර‍නා ‍නි‍සා ‍ම‍ග ‍ව‍රඳි‍න්‍‍න ‍ඇ‍හැ‍කි . ‍ඒ‍ක ‍නි‍සා ‍ප‍රිස්‍‍ස‍ම‍ට , ‍‍ජ‍ය ‍අ‍මෝ

    ReplyDelete
    Replies
    1. මේ උපදෙස තරයේ සිහිතබා ගන්නවාය....ස්තුතියි අයියේ ^_^ හීන අහුලන්න ආවාට :)

      Delete

Post a Comment

Popular Posts