බිඳුනු හදවතක පාපොච්චාරණය
මම හදවත අගුල් දමාගෙන සිටින්නෙමි....නමුදු දැන් හදවතේ දොරගුලු යමෙක් සොළවන්නට යත් දරයි.....ඒත් වරක් දෙවරක් නොව කිහිපවරක් හදවතේ දොරගුලු විවර කිරීම නිසා ඇති වුනු කම්පනයන් නැවත එසේ නොකරන්නට සන් කරයි...හදවතේ දොරටුව මෙසේ වේගයෙන් නොසොල්වන්න...අගුල් නොකැඩුනද දොරටුව සරනේරුවෙන්ම ගැලවී යාමට ඉඩ ඇත...නුඹ දොරටුව ඇරගෙන පැමිණ දැකීමට රිසි ආදරණියබව මගෙන් අතුරුදහන් වී හමාරය...සැකය , අවිශ්වාසය හදවත තුළ මහ රුකක් වීමට මුල් ඇද ඇත...කෝපි කෝප්ප දහයක් නැත්නම් පහළොවක් සහ වම් ඇස අහිමි ටෙඩියෙකු අතර මම නොසෙල්වී සිටිමි...හාදු හෝ ආදර වදන් වලින් මා මුසපත් නොකරන්න..මට අවැසි දීර්ඝ වස්සානයක හිත්පිත් නැති ලෙස බලා සිටීමටය...නැවත ආදර මුංවැපිර වීමට නොහැකි ලෙස ආත්මයද හදවතද පුරන් වී ඇත..නුඹ වැස්සක් බව දැනෙයි..හීන් පොදයක් නිරුවත් කම්මුළක පතිත වෙනවා පවා මට දැනෙයි..නමුත් නුඹද විජයගේ පරපුරේම පුරුකක් බව මම නැවත අමතක නොකරමි....මට නැවත නැවත කල්පිත පරික්ෂා කිරීමට අවැසි නැත...පිරිමින්ට පොද වැස්ස මහා කුණාටුවක් කිරීමට මහ කාලයක් නොයන බව අත්දැකිමෙන් දනිමි...මේ නියං සමය මට රිසිය...නුඹ වැස්සක් වී නොවැටෙනු මැනවි
මේ නියං සමය මටද රිසිය.....
ReplyDeleteගැහැනු පොද වැසිද....
නොසිතන පමාවට....
මහා මෙඝ පටලවා එන......
රුදුරු වැසිම වෙයි....
.
.
.
රහයි...නියමයි....
ගැහැනු මෙන්ම
Deleteපිරිමි ද
ආලය හමුවේ
විටක
මුරුගසන් වැස්සක්මය..
ස්තූතියි.. :)
පොද වැස්සෙන් හෝ කුණාටුවෙන් තෙමෙනතෙක් නොසිට ලිඳක් කපාගැනීම වඩා හොඳය.
ReplyDeleteළිඳක් කපාගන්නවට වඩා හොඳ නැද්ද කුඩයක් අරගන්න එක :)
Deleteනියඟය හොදයි බං.. පොද වැස්සට පස්සේ බලාපොරොත්තු දළු ලන ලෙඩක් අපිට හැදෙනවනේ.. ඊට පස්සේ තමා කෙල වෙන්නේ..
ReplyDeleteඅදයි බං මේ පැත්තට ආවේ.. පෝස්ට් 25ක්ම ලියනකන් මට මේක මිස් උන එකයි පුදුමේ.. දිගටම ලියමු..
ස්තූතියි දිනේශ් අයියේ හීන සාප්පුවට ආවට....ඒ කතාවට නම් කටේ රුපියල් පහක් දාන්න වටිනවා.....
Delete