කුල
ආදර සදෙව්, අකුරු ලිවීම අමතක වෙන්න ඔන්න මෙන්න තියෙද්දි, ඔයාට ලියමනක් ලියන්න ලැබුණ එක ගැන සතුටුයි..මේ ලියමන ලියන්න කලින් උදෙත්, මූණට මූණ හම්බුන ඔයාට මේම ලියන්න හිතුනේ, සමහර වෙලාවට මූණට මූණ බලාගෙන මේ දේවල් කියන කොට, හිත අස්සේ කොණක හරි කහටක් මම නොදැනුවත්වම ඉතිරි වෙලා තිබ්බොතින්, මම කියන දේවල් වලට වඩා, තරහ, කණගාටුව ඔයාගේ ඔළුව ඇතුලේ මළකඩ වගේ බැඳෙන්න පුළුවන් කියලා හිතුන නිසා..මේ මොහොත වෙනකොට හිතේ පුංචිම දුකක් වත් , තරහක්වත් නැති නිසා, ඔයාට මේ ලිපිය, මගේ "සෝ ස්වීට්" කටහඬෙන් කියවගන්න පුළුවන් වෙයි.. ඔයා මගේ පොඩි කාලේ ගැන උනන්දුවක් නෑ කියලා මම දන්නවා..ඒත් මට ඔයාට ඒ ගැන බලෙන්, ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න උවමනායි..එතකොට මට අවුරුදු දොළහයි...අපේ ගමේ පන්සල තිබ්බේ ලස්සන වෙල්යායක් මැද්දේ..ඔව් ඔව්.. ඔයාට දැන් හිතට මැවුණ ජාතියේම පන්සලක් ඒක..අර හතාමාරට යන කතාවේ පේන පන්සල වගේමයි.. ඉරිදා උදේ පාන්දර නැගිටින ළමයි, ගෑනු පිරිමි භේදයක් නැතිව, අරලිය ගස් බඩගානවා මල් කඩන්න.. අපි ඇත්තටම මල් කැඩුවේ ලොකුම මල් වට්ටියට දෙන ලකුණු ගන්නයි , වැඩිම ලකුණු ගන්න කෙනාට හම්බෙන චොකලට් එකට තියෙන පෙරේතකම නිසයි..දහම් පාසලේ ළම