අසම්මත
අන්තිමට නැවතීමේ තිතක්...මට එක තිතකින් නැවතීම තියලා මදියි...ඒ නිසා තිත් හතරකින් වාක්‍යය නැවැත්තුවා....සිතුවම් හිටියේ මගේ පිටට පිට දීගෙන....එකම කුශන් කොට්ටෙ ඉඳගෙන...එකිනෙකාට ප්‍රතිවිරුද්දව ඉඳගෙන...
"ඔයා ලියලා ඉවරද?"
සිතුම් ඇහුවා...ඇත්තටම ලියලා ඉවරද..මට තව ඡේදයකට අදහස් තිබ්බා...එක දිගට ලියන්න...ඒත් මම තිත් හතරකින් නැවතීම තියලා ඉවරයි නෙහ්...
"ඔයා චිත්‍රේ ඇඳලා ඉවරද?"
එහෙම ඇහුවේ මම...ප්‍රශ්නෙකට ප්‍රශ්නෙකින් ප්‍රතිපිළිතුරු දෙන එක නරක පුරුද්දක් තමා...හැමතිස්සෙම හොද වෙන්න කියලා නියමයක් නැහැ...
"හ්ම්ම්...මට තව ටිකක් වෙලා යාවි.."
"හ්ම්ම්"
තව වෙලා යාවි...තව වෙලා ඕන තරම් ගන්න සිතුවම්...ආයිත් ආයිත් කාලේ හරහා මේ වෙලාවට මට එන්න ඕනි...ඔයාට පිට දීගෙන කතාවක් ලියන්න...ඒත් මට තිබ්බේ හැන්දෑව හතරාමාර වෙනකන් විතරයි වෙලාව...චූටි දුවගේ පංති හතරාමාරට ඉවර වෙනවා නෙහ්...දැන්ටත් වෙලාව තුනයි හතලිස් පහයි...තප්පර කට්ට මහන්සි නම් චුට්ටක් නවතින්න බැරිද...
"මට දූව සිංහල පංතියෙන් ගන්න යන්න ඕනි..."
සිතුවම් නැගිට්ටා...මම තප්පරේකට ගැස්සුනා...
"ඇඳලා ඉවරයි...ලස්සනද?"
මමත් නැගිටලා සිතුවම් ගාවින් හිට ගත්තා...චිත්‍රේ ඇඳලා තිබ්බේ පුංචි ගෑනු ළමයෙක්ව...ගෑනු ළමයා කහ පාටයි...එක කකුළක ලොකු යදමක්..අතේ සුදු රෝස මලක්...සුදු රෝස මල තිබ්බේ වම් අතේ...අනිත් අතේ
පුංචි දරුවෙක්...ඒ ගෑනු ලමයා බලාගෙන හිටියේ අහස දිහා..පියාඹන්න හිතලවත්ද?අත්තටු නැතිවම...ඒ මදිවට කකුළේ ලොකු යදමක්..
"දැන්ම යන්න ඕනිද?තව වෙලා තියෙනවා නේද?"
මම විවාහකයි...මට වඩා අවුරුදු පහළොවක් වැඩිමල් පිරිමියෙක්ගේ තරුණ බිරිඳ මම...පුංචි ගෑනු දැරිවියෙක්ගේ අම්මා මම...එතකොට මම සිතුවම්ගේ කවුද...ප්‍රේමවන්තියද...එහෙම වෙන්න බෑ...
මම කවියෙක්...මම ලියනවා...සිතුවම් මගේ ප්‍රස්තුථය...ඒ බැඳිම හොදයි..
"දැන් ගියොත් මට දුව එනකන් ඉන්න පුළුවන් පංතිය ගාව"
"ඉතින් පංති ඇරෙන්න ලං වෙලා යන්න...මාත් එක්ක තව ටිකක් ඉන්න"
ජීවිතේ වන්දනා ගමනේ යන සිතුවම්ට මම 'තව ටිකක්' නතර වෙන්න හිතෙන නවාතැනක්...මම එයාගේ අම්බලම...සිතුවම්ට තියෙන්නේ වශීවෙලා ඉන්න තරම් හිතෙන ඇස්....තද කළු පාට ඇස්..උඩට කරලා බැඳගෙන ඉන්න කොණ්ඩේ...හැම සෛලයකම තරුණ ජවය..මගේ ස්වාමිපුර්ශයා ලඟ කොහෙත්ම නැති අගේ කිරීම...මම කවියක් ලිව්වොත් එයා කියාවි 'මට ඔය මගුල් තේරෙන්නේ නැහැ' කියලා..ඒත් සිතුවම් මගේ රසිකයා...එයාගේ හැම චිත්‍රෙටම කවි ලියන එයාගේ රසිකයා මම...
සිතුවම් මගේ අතින් අල්ලගත්තා..සිතුවම් ගොඩක් රස්නේ පිරිමියෙක්..ගෑනියෙක්ව අවුස්සන්න අතින් ඇල්ලුවත් ඇති...හැම නහරයකම ලේ දුවන පිරිමියෙක් ලඟ මෙහෙම ඉන්න ආසයි යටි හිතත්....සිතුවම් මගේ තොල් ඩැහැ ගත්තේ ඒ වෙලාවේ...මම ඇස් පියා ගත්තා...ඇස් පියා ගත්තම සිතුවම්ගේ ලඟින් එන අමුතු මල් සුවඳ එනවා...සිතුවම් ඒ මොන මල් ද?ඔයාගේ චිත්‍රෙක තිබ්බ මලක සුවඳක්ද...එක පාරටම මගේ දූව පෙනිලා නොපෙනිලා ගියා...ඇස් වහන් ඉන්නකොට කොහොමද පේන්නේ..හිතේ සෝදීසිය..මම සිතුවම්ගෙන් මගේ තොල් ගලවගෙන වම් පිට අල්ලෙන් පිහදා ගත්තා..මුකුත් නොකියම සිතුවම්ගේ චිත්‍ර කාමරෙන් එළියට ආවා...තොල් වල මතකයක් පුපුරු ගහනවා...ඇවිළෙනසුළු කඳුළු ඇස් වලින් කඩාගෙන වැටිලා තොල් ලඟින් නැවතුනා...
"ආයිත් කවදද එන්නේ?"
මම මුකුත් නොකියම එතනින් පිට වුනා...මගේ දූව අරගන්න පංතිය ලඟට යනකොට දුර ඉඳලම මාව දූ දකින්න ඇති....ඒ නිසා දුවගෙන ඇවිත් ඇඟේ එල්ලුනේ..මමයි දුවයි ගෙදර යන පාරේ පුංචි ඇළක් තියෙනවා...මම එතන නැවතිලා හෙව්වේ මගේ කවි පොත..කෝ ඒක ..මට ඕනි ඒක මේ ඇළට විසි කරන්න...මම ඒක සිතුවම් ගාව දාලා ඇවිත්...

Comments
Post a Comment