ආලෝක! ආලෝකය කියන්නේ මොකක්ද?
ආලෝක, මට ආලෝකය අල්ලලා බලන්න ඉඩදෙන්න...ඒක ඔයා වගේම ඝනකමයිද?ඔයාගේ අත්ල වගේ උණුසුම්ද?ආලෝක මගේ වම් පැත්තෙන් ඉඳගෙන ආලෝකය ගැන කවියක් කියනවා...සමහර තැන් වේගයෙන්, තවත් සමහර තැන් හෙමින් නැවතිල්ලේ කියනවා...සම්පූර්ණයෙන්ම කියලා ඉවර වුනාට පස්සේ අමාරුවෙන් හුස්ම තදකරගෙන හිටියා වගේ ප්‍රාශ්වාස කරනවා...
"ඒක ලස්සනද?මමයි ලිව්වේ.."
ඉපදිච්ච දවසේ ඉඳන් මට පෙනිලා තියෙන්නේ එකම දෙයක් විතරයි...ඒ මුකුත්ම නැති බව...මට ඉතින් ආලෝකය ගැන වැටහීමක් කොහෙන්ද ආලෝක...ඒක ඔයා හොදටම දැනගෙන මෙහෙම අහන එක අසාධාරණයි..ඒත් මම හිනා වුනා....
"ලස්සනයි...ලස්සනට තාලෙට කියන්න පුළුවන් කවියක් නේද?"
"ඔව්"
එයාගේ කටහඬ සතුටින් තෙමිලා...ගොඩක් හීතල සුලඟක් ඇවිත් කම්මුළ් වල වැදිලා පරාජය වුනා..ආලෝක, මේ අහන්න..දිගටම කවි ලියන්න...ඔයාට පුළුවන් නම් විතරක් ආලෝකය කියන්නේ මොකක්ද කියලා මට කියලා දෙන්න...ඔයාගෙ කවි වල ඉන්න ඉර හඳ තරු වළාකුළු ගැන මුකුත්ම දැනීමක් නැති කෙල්ලෙක්ගෙන් 'කවි ලස්සනයි නේද?' අහන්න කලින් ඒ මොනවද කියලා කියලා දෙන්න...මතකද දවසක් කිවා වළාකුළු දිය වෙලා වැස්ස හැදෙනවා කියලා...එතකොට වළාකුළු කියන්නේ තෙතමනයක්ද...?වහින්න මොහොතකට කලියෙන් 'හෝ ' ගාන්නේ වළාකුළුද?බලන්න මම ඔයාට ප්‍රශ්න පත්තරයක් වෙලා...
"මම ඔයාට ආදරෙයි...මම ඔයා ගැන කවි පොතක් ලියනවා...ඔයාගේ කිළිටි නැති ආදරේ ගැන...කියන්න මට...මම කවි කියවනවා අහගෙන ඉන්න ආසයි නේද?"
ආලෝක , මම නිසා කවි ලියන්න එපා...ඔයා ඔයාගෙ ආදරේ සමාන කරන කිසිම දෙයක් මගේ දැනීම් පථයේ අහලකවත් නෑ....මගෙ ලඟට එන්න...ඔයාගේ අත් වලින් මගේ අත් අල්ලගන්න...මට දැනෙන්නේ, මට පෙන්නේ මගේ ඇඟිලි තුඩු වලින්...ඉතින් ඔයා පෑන අල්ලගෙන ඉන්න කොට මට ඔයාව පේන්නේ නැහැ...මේ සීතල සුලඟ වැදිලා හිරි වැටිච්ච කම්මුළ් වලට ඇවිත් තද කරන්න ඔයගේ කම්මුළ්..මට ආදරේ දැනෙන්නේ එහෙමයි....ඔයා හුස්ම ගන්න සද්දෙට මම ආදරෙයි..හයියෙන් හුස්ම ගන්න...මට ඇහෙන්න මට දැනෙන්න හුස්ම ගන්න...
"මම ආසයි..ඒත්..."
"ඒත් ඇයි..?"
"ඉර හඳ තරු කොයි වගේද?එහෙම දේවල් හැමතිස්සෙම කවි වල නොලියා ඉන්න..."
චාටු කතා මොකටද ආලෝක...දුර්වලකමක් තියෙන බව ඇත්ත...ඒත් කිවයුත්ත කිව යුතුමයි..ආලෝක ඔයා ගැස්සුනා නේද...මට දැනුනා ඒක..ඔයා හුස්ම ගන්න රටාව මට ඔයාව කියවන හෝඩි පොත වෙලා....ගැස්සෙන්න එපා ...එතකොට මට හිතට බරයි...
"මම කොහොමද ඔයාට තරු ගැන කියලා දෙන්නේ...ඒවා පුංචි...හ්ම්ම්...හ්ම්ම්..ආලෝකය පිටවෙන පුංචි දේවල්...අහසේ තියෙන්නේ...තව..තව.."
ආලෝක වචන ඇහිදිනවා...එයා වචන ඇහිදිනකොට යාන්තම් සීතල වෙනවා...ආලෝක!ආලෝකය මොකක්ද? මට කියලා දෙන්න...අහස කියන්නේ මොකක්ද?
"ආලෝක ඔයාට පුළුවන්ද මට දේදුන්නක් අතගාන්න දෙන්න...තරුවක් අහන්න දෙන්න...මට දැනෙන්න දෙන්න ඉර හඳ...මට ඒ මුකුත් එපා...මට ඔයාගේ අත දෙන්න...ඒ ඇති මට...මට තරු හඳ ඉර ආලෝකය දැනෙන්න දෙන්න, ඔයාගේ එක පාරට අත අරින හුස්ම වලින්..මට ඒ ඇති...මම කවියෙක්ගේ ආත්මය කියවන්නේ එහෙමයි...මම වෙනුවෙන් කවි එපා...එක පාරක් අතින් අල්ලගෙන ඉන්න..මට ඔයාව දැනෙනවා...ඒ මගේ කවිය..ඒ
ඔයාගෙ කවිය..මම වෙනුවෙන් ලියවිලා තියෙන...මට ඒක දැනෙන්න මගේ අත අල්ලගන්න.."
ආලෝක මගේ අත අල්ලගත්තා...ඊට පස්සේ ආලෝක මං ඉස්සරහ කවි කියෙව්වේ නැහැ...ඒත් හැමදාම අලුත් කවියක් එයාගෙ අත්ලෙන් මට කාණ්දු වුනා...

පට්ටයි මල්ලියෙ :)
ReplyDeleteස්තූතියි අයියෙ..😊
Delete