වත්සුනු
පළවෙනි පින්සල් පාර ඇහිපිහාටු ලඟින් නතර වුනා...මම හිටියේ මගේ අතාත්වික ප්‍රතිබිම්බය දිහා තාත්වික විදිහට බලාගෙන...ඒ නතර වුන පින්සල ඇහිපිහාටු වලට උඩින් පාවෙලා ගිහින් ඇහිපිහාටු තෙත් කළා...
"මිස්ට තියෙන්නේ ලස්සන ඇහිපිහාටු...මට මේකප් කරන්නත් ආස හිතෙනවා.."
මම මගේ තොල් හෙමින් පළල් කළා..ඒක හරිම කෘතිම හිනාවක්..ඇහිපිහාටු අතඇරපු පින්සල කණ්ණාඩි මේසෙ උඩින් හතිලමින් නතර වුනා...තව රතු පාටින් හිස තෙත් කරගත්ත පින්සලක් මගේ තොල් දෙක අස්සෙන් හිර වුනා...රතු පාට උලන්න පින්සල තොල් අස්සේ හෙමින් ඇවිද්දා...හෙමින් එහෙම පින්සල ඇවිදින කොට මට කිචි...
"මිස් නූඩ් සීන්ස් වල රඟ පාන්නේ කැමැත්තෙන්ද?"
ආයිමත් රතු පාට තොල් ආලේපන පින්සලක් හෙමින් තොල් අස්සෙන් ඇවිදන් ගියා.....මම දිහා බලාගෙන හිටපු අතාත්වික ප්‍රතිබිම්බය බලාගෙන හිටියේ යාන්තම් හිනා වෙන ගමන්...මම හෙමින් ඇස් පියා ගත්තා...සිනිදු කෙඳි අහුරක් කම්මුළ් සිප ගත්තේ ඒ වෙලාවෙදිමයි...ඇස් පියා ගත්ත ගමන් මාව අතීතෙට ගහගෙන යනවා...මම අතීතෙට බයයි..ඒ නිසාම රෑ නින්ද මම කැමැත්තෙන්ම ප්‍රතික්ශේප කරපු දෙයක්...මට මුලින්ම මතක් වෙන්නේ අම්මාව...අම්මා කියන වචනයම ධාරානිපාත වැස්සක් වගේ...රෑ හැමෝටම සුවඳ බෙදලා උදේට අපිට බත් තම්බන අම්මා...අම්මා හැන්දෑවේ උලන විලවුන් සුවඳ අස්සෙන් අපි හෙව්වේ කිරි සුවඳ..මමයි නංගි අම්මාගේ පපුවට තුරුළ් වුනේ ඒ සුවඳ හොයන්න...අම්මා දැන් කොහෙද කියලා හොයන්නවත් වෙලාවක් නැහැ...
"මැඩම්..මේකප් එක ඉවරයි"
ඒ කියනේ දැන් මම ඇස් ඇරලා අතාත්විකව හිනා වෙන ඕනි කියන එකට පර්යාය වචන පෙළක්...
දර්ශන තලය තිබ්බේ ලස්සන ඇඳක...ඩිරෙක්ටර් කිව්වේ ඒක පිහාටු වලින් හදපු බවක්...නිරුවත් වෙන එකේ ලැජ්ජාව මුලින්ම නැති වුනේ අවුරුදු පහළවේදි...මාශා ඉස්සරහදි...එදා කපපු ලැජ්ජ නහරේ ලේ පැල්ලම තනි සුදු ඇතිරිල්ලේ නැවතිලා තිබුනා..මාශා මගේ පෙම්වතා...හෙටත් අදටත් ඒක එහෙමයි...කෝ මාශා දැන්...මාව බොනික්කියෙක් කරපු මාශා ගැන තාමත් හිතේ තියෙන්නේ රස්නයක්...මාශාගෙන් පස්සේ තව කෙනෙක් අතට..තවත් කෙනෙක් අතට මාරු වෙලා අන්තිමට කැමරාව අතට මාරු වෙච්ච කතාව නපුරු හීනයක් වගේ...ඩිරෙක්ටර් ලඟ ඇවිත් පිටපත දුන්නම මම හීනෙන් ඇස් ඇරියේ...
"ඔයාට තියෙන්නේ ඇඳ උඩ මුනින් අතට වැතිරිලා ඉන්න"
කැමරාව මම දිහා බලාගෙන හිටියේ සමච්චල් හිනාවක් එක්ක...මම ඇඳුම් එකින් එකා ලිහා දැම්ම...කණ්ණාඩියක් ලඟ පාතවත් නැති වුනාට ඇඳුම් ලිහලා පිහාටු ඇඳ උඩ මුනින් තලාව හිටියේ මගේ අධි අතාත්වික ප්‍රතිබිම්බය...ඩිරෙක්ටර් වුනත් ඇස් වලින් පුලුස්සන්න හැදුවේ මාව නෙමෙයි කියන හැඟිමෙන් මම ඇස් වහ ගත්තා...පිරිමි හිත හිස ඔසවල කියලා පේන්න එයාලගේ ඇස් දිහා බලන්න ඕනිම නැහැ..කටහඬින් උනත් කියන්න පුළුවන්...
"කට්...එක්සලන්ට් ශොට් එකක්....ඔයා ග්‍රීක ප්‍රතිමාවක් වගේ වීනස් වගේ ඇත්තමයි.."
ඩිරෙක්ටර් එහෙම කිව්වේ අමාරුවෙන් හිස ඔසවගෙන ඉන්න ළැම දිහා බලාගෙන...මම ආයිත් කණ්ණාඩිය ලඟට ගියේ මේකප් රිමූ කරන්න...ඒ වෙලාවෙදි අහම්බෙන් වගේ මගේ තාත්වික ප්‍රතිම්බය හිනා වුනා
#අමා

නියමයි අමා....
ReplyDeleteස්තූතියි ගොඩක්
Delete