පුංචි හැඳින්වීමක්..අවුරොරාගේ වළාකුළු සටහන් වලට

හැමදෙයක්ම තෙමිලා...ඒත් තෙත නෑ ටිකක්වත්...තෙමිලා කියපු ගමන් ඔළුවට ආවෙ තෙතම තෙත තුවායක් නේද?එහෙම නැත්නම් තෙත් වෙච්ච ජනෙල් වීදුරුවක්...ඒත් මට ඔළුවට එන්නෙම සොපියාගේ මූණ..සොපියා ඉන්නේ කළු මහත වළාකුළක...හරිම තෙත් කුශන් කොට්ටයක් උඩට වෙලා සොපියා වැහි බිංදු වල ආදරේ දියකරනවා...මතක දියකරනවා...කඳුළු දියකරනවා...සොපියාගේ මූණ හැඟීම් වලින් තෙත් වෙලා තියෙන එක ඉතින් මහ පුදුමයකුත් නෙමෙයි නේද...හහ් මට කියන්න අමතක වුනා....මම අවුරෝරා...මමයි සොෆියයි දෙන්නම විශ්වය පටන් ගන්න වෙලාවේ වළාකුළු රැකගන්න බිහිවෙච්ච රැකවල් දියණියෝ...අමරණිය ආත්ම....අපි වළාකුළු වලට වෙලා මහ පොළව දිහා බලාගෙන ඉන්නවා....රෑට වළාකුළක ඇලවිලා තරු දිහා බලාගෙන ඉන්නවා...'අපෝ මහ කම්මැළි නෙහ්' දැනටත් එහෙම හිතලා ඇති ඔයාලා...ඇත්තටම කම්මැළි නෑ!වළාකුළක ජීවිතේ ටිකක් අමාරුයි නම් තමා..ඒත් ඒ අමාරුව ඇතුලේ ජීවත් වෙන්න ආසයි..මම මුලින්ම කිව්වා නේද හැමතැනම තෙත විත්තිය...වේලිච්ච උණුසුම් තෙතමනයක් දෙන්නේ වෙන කවුද ඉතින්...ඉර එළිය! පාට හතක් දිය වෙච්ච එළියෙන් හැමතැනම තෙත් වෙලා...මේ වෙලාවට සොෆියා හොයාගන්නවත් නෑ..එයා වසන්තකාලයේ වසන්ත වරුසාව වහින වෙලාවට ඇවිත් සුභ පතනවා...හෙමින් හිස නවලා...මගේ හොදම යාලුවා සොෆියා...අපි සමකය ලඟ සවාරියේ යනකොට සොෆියා හීතල හිම වළාකුළු වැහි පොද කරනවා...අපේ පුංචි මායාකාරි සොෆියා..
සොපියාටයි මටයි හැමදේම ඇහෙනවා...හැමදේම පේනවා...එහෙම වෙන්න එපැයි..අපි ඉන්නේ වළාකුළු උඩ නෙහ්...සොපියාගෙයි මගෙයි දවසේ රාජකාරි ඉවර වුනාම වැඩි වෙලාවක් ඉන්නේ නිකන්...සොපියා කැමති බුම්මගෙන ඉන්න...ඇස් ලොකු කරගෙන ඉන්න...ඒත් ඒ තනියම ඉන්න වෙලාවට...මම හිටියෝතින් සොපියා කැමති වළාකුළු මැද්දෙන් කවුළුවක් හදාගෙන මිනිස්සු දිහා බලාගෙන ඉන්න...දැන් වළාකුළු සටහන් වලින් කියන්න යන්නේ ඇත්තටම ඇත්ත කතා...සත්තයි කියලා දිවුරන්න ඔය අත පොඩ්ඩක් මෙහාට දික් කරන්න...අත පිහදලා නේද ඉන්නේ...ඕපදූප නෙමෙයි හොදේ මේවා දැකපු දේවල් kiki emoticon

Comments

  1. මට කලින් එකට අදහසක් දාන්න බැරි වුණා මචෝ...
    ඒ කතාව නම් පට්ට සුපිරියි හොඳේ...
    මේකට ඇවිත් ඒක ගැන ටයිප් කරේ ඒක ඒ තරම් සුපිරි නිසා...
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි :) දිගටම හීන සාප්පුව එක්ක ඉන්න

      Delete
  2. ඕයේ තව ටිකක් දිකු වුණා නං කියල හිතුණ
    අගේට ලියල තියෙයි
    දිගටම ලියමු අපි.් දිගටම එන්නං ජයවේවා

    ReplyDelete

Post a Comment

Popular Posts