දියවුනු හදවත්
ඒ වෙනකොට වහින්න පටන් අරගෙන තිබුණා..සෘතු භේදයක් ගැන වගේ වගක් නැති සමකාසන්න කඳුළු බිංදුවක ඉපදිච්ච මට මෙහෙ සරත් සෘතුව දැනුනේ එහෙ දෙසැම්බරය වගේ...ඇටමිදුළු පවා කටකට සද්දෙට කම්පණය කරන්න පුළුවන් හීතලක් වීදුරු හරහා විසරණය වෙලා ඇවිත් ලැප්ටොප් යතුරුපුවරුව මත එකම දේශාංශ වල කරක් ගහපු ඇඟිලි තුඩු මුදවමින් තිබුණා...
"මට ඔයාව අමතක කරන්න බෑ"
මේ දාහත්වෙනි වතාව..එකම අකුරු පේළිවල ඇඟිලිතුඩු දාහත් වතාවක් අනිච්ඡානුගව අයාලේ ගිහින් තිබුණා...පුදුමයි!දාහත් වතාවක් කියන්නේ එක පාරක් දෙපාරක් වගේ නෙමෙයි..සම්පූර්ණ දාහත් වතාවක්...මම හිටියේ බලාපොරොත්තු වීමත් නොවීමත් අතර තැනක අතරමන් වෙලා...ජපානේ වගේ මකර හැඩති භූදර්ශයක අතරමං වෙන්න ඕනි තරම් හේතු තිබ්බා....අවශ්‍යය නම් කලාත්මක සියදිවි නසා ගැන්මකට පවා ඉඩක් තිබ්බා...ඒත් මට ඕනි වෙලා තිබ්බේ බලාපොරොත්තු පැත්තටම බර වෙලා ඉන්න...හුස්ම ගන්න පහසුවක් ලබා ගන්න ඒක තරම් හොද මුකුත්ම නැහැ...ලාවා වගේ රස්නෙට තිබුණ හරිත තේ කෝප්පය ශීතකරනයේ දාලා තිබ්බා වගෙ නිවිලා තිබ්බා..ජපානේ පන්සලක් වගේ ශාන්තව හරිත තේ කෝප්පය බලාගෙන හිටියා...නිල් පාට ෆේස්බුක් පිටුව හුස්ම ගන්නවද මන්දා...මම විසල් කුකුසකින් ලැප්ටොප් තිරය උඩින් සීරුවට දබරගිල්ල අතුල්ලාගෙන ගියා..තාම රස්නෙයි...මැරිලා නැති බව විශ්වාසයි...මම තතමි පොළව උඩ එරමිණිය ගොතාගෙන හරිබරි ගැහිලා සයිබර් සුලඟට කවියක් පාකළා...වරා මල් වගේ ඒ කවිය මගේ ෆේස්බුක් බිත්තිය උඩ වැතිරුණා...කැටපත් පවුර වෙලා බිත්තියම! හදවත දියකරලා ඒ දියර වලින් අකුරු උපද්දන එක; ඉපදෙන අකුරු කවි කරන එක ලේසි වැඩක් නෙමෙයි...ඇරත් ආයිමත් ආයිමත් හදවත පුනර්ජනනය වෙන එක වේදනාවක්..එහෙම ඉපදුන කවි ෆේස්බුක් බිත්තිය උඩ නිසොල්මනේ කවි කියනවා...
"තාමත් එහෙම්මද?"
ෆේස් බුක් සල්ලාප්ප පෙට්ටිය දෙදරන්න ගත්තා...මම හිතුවෙම භූමිකම්පාවක් කියලා...ජපන් පොළව හරි ළාමකයි...හැමතිස්සෙම කම්පා වෙනවා...හරියට මම වගේ...ජපන් පොළව කම්පා වෙන ප්‍රාමණය මිනිස්සු මනිනවා..ඒත් මම කම්පාවෙන තරම මිනිසන්ට වැඩක් නැහැ...එයාගේ ප්‍රශ්නය නිල් පසුබිමේ කළු අකුරින් හිට ගත්තා..
"නෑ"
කෙටි වුනත් ඒ උත්තරේ කොච්චර සම්පූර්ණද..තනි අකුරකට දීර්ඝ ඇදයකින් වාරුවක් දුන්නම සම්පූර්ණ උත්තරයක් වෙච්ච හැටි දිහා මම බලන් හිටියේ පුදුමෙන්...ඉස්සර පුංචි හැඟිමකින් ජාතක පොතක් ලියපු මම දැන් එවරස්ට් කඳු වැටිය තරම් හැඟිම් අකුරකට ලඝුකරන්න දන්නවා...ජාපනය හොද ගුරුවරයෙක්..හයිකු කවි වලට...දැන් පුදුම වෙනවා ඇති..පුංචි අකුරකින් මම ඔයා දිහා බලන්න හදන හැටි දැකලා...හොදටම නිවුණු හරිත තේ කෝප්පය උගුරට හලා ගත්තා..උගුර දිගේ කහට පැළ්ළමක් ඉතිරි කරගෙන ග්‍රසනිකාව තෙත් වෙන හැටි දිහා මනැසින් බලාගෙන ඉන්න එක අපූරුයි..ඇරත් මෙහෙම වෙලාවක...
"ඒ කියන්නේ"
මට පුදුමයක් දැනුනේ නෑ..සීතලට මිදුණු ලැප්ටොප් තිරය අස්සෙන් වචන කාණ්දු වුනාට හැඟිම් කාණ්දු වෙලා තිබුණේ නෑ...හැඟිම් තිරය දිගේ බේරිලා ඇවිත් යතුරු පුවරුව උඩ මිදුණා...
"මෙහෙට ශරතය..නොගැනිය හැකි තරම් සුළු දේවල් කිහිපයක් ඇරෙන්න, මෙහෙ හැම තුරු පතක්ම පොළවට වැටෙන්න අරන්..හැමදේම වෙනස්..නොහිතන විදිහට"
හැමදේම වෙනස් වෙලා තිබ්බා...ඉස්සර මගේ තිබ්බ කෙසඟ දිග කොණ්ඩය වුනත් බෙල්ල ගාවට කොට වෙලා තිබුණා..මුළු කොණ්ඩයම චෙරි රතු පාටක් අරගෙනත් තිබුණා..සැහැල්ලු චීත්ත ගවුම් අතුරුදහන් වෙලා උහුලන්න බැරිතරම් බර සීත ඇඳුම් හිස්තැන් පුරවලා තිබුණා...ඉස්සර පස්වෙනි සිල් පදය රැක්ක මම දැන් සකේ බොනවා...නිගතාවෙ හදන සකේ රසයි..ඔයා නම් බීලා නැතිවත් ඇති..ජනේලේ ලඟ ඉපල් වෙච්ච චෙරි ගහක් සිසිරයට ලෑස්ති වෙනවා..අපි සිසිර කාලයට ගොඩක් ඇඳුම් අඳිනවා..ඒත් හැම ගහක්ම සිසිර කාලෙට නිරුවත් වෙනවා..බලන්න නේද...හැමදේම වෙනස් වෙන හැටි..ඔයාට හිතාගන්න පුළුවන්ද සීත කාලේ ගැන..ඔයාට මතක් වුනේ 'ෆ්‍රෝසන්' ෆිල්ම් එකේ කතා කරන හිම මිනිහා නේද..ඉස්සර මටත් එහෙමයි..ඒත් දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා...ඔයා වුනත් වෙනස් වෙලා නෑ කියලා කියන්න එපා...
"මට බලන්න ආසයි"
"සොබාදහම මැරෙන්න පණ අදින හැටිද?"
දැන් ලැප්ටොප් තිරය මත හිම ගොඩක් දිය වෙලා ගිහින්..හැඟිම් ස්නායු දිගේ ප්‍රතීක චාප වල සවාරිත් යන්න පටන් අරගෙන..මටත් ආසයි බලන්න..අපි ඉඳන් හිටපු රූස්ස මැයි ගහ ආයිමත්...මේ කාලෙට මැයි මල් කොහෙද...ඔයා බලන්න ආසයි කියපු ඒ සාහසික විදවීම තප්පරේකට නිෂ්චල කරන්න ;ඡායාරූපයක හිර කරන්න කියන එකම සැහැසියි..ඔයාට ඇත්තටම ඕනි රතුපාට වෙච්ච ගස් දකින්නද...නැත්නම් සුදුමැලි වෙච්ච මාව දකින්නඳ..මෙච්චර මොර සූරණ වැස්සෙත් මේපල් කොළ ගිනි රතු පාටින් ගිනි ගන්නවා...අනික සරත් සෘතුව දකින්න
"දැන් ඉකමන් වැඩි නැද්ද?"
මම එහෙමත් ඇහුවා..
"ෆූජි කන්ද පිපිරෙන්නේ කොයි වෙලාවෙද කියන එක අපිට අනුමාන කරන්න බැහැ..ඉක්මන් වෙන තරමට හිතට හොදයි"
අන්න ඒ වෙලාවේ එයාව මට හරිම පැහැදිළිව පේන්න ගත්තා..ෆූජි කන්ද ඔයා දැකලා තියෙනවට වඩා ගොඩක් විසාලයි...ඉහ මුදුනේ හිම තට්ටුවක් හැම සෘතුවකම දරාගෙන ඉන්නවා...ඒ වටේම උණුදිය උල්පත්..ඒ හැම උල්පතක්ම මගේ හදවත තරම්ම උණුහුම්..මම මගේ එක අතක් හදවත ගාවටම ගෙනිහින් ආයිමත් ඇදලා ගත්තා...නැත්නම් පිච්චෙන්නත් ඉඩ තිබ්බා..ෆූජි කන්ද අහින්සක නෑ තමා..පිදුරුතලාගල වගේ අහින්සක කන්දක් නෙමෙයි ෆූජි..ඒත් විශ්වාස කරන්න පුළුවන් කන්දක්..යමා සකුරා පෝළිමට මල් වලින් ගැබ්බර වෙලා පත්‍ර ක්ෂිණ වෙලා යන වසන්ත කාලේක අපිට ඇවිදින්න තිබුණා නම් ෆූජි කන්දේ හැම තැනම...ඔයත් රැවටේවි අහින්සකයි කියලා ෆූජි කන්දට..මෙහෙ මිනිස්සු වගේම ෆූජි කන්දත් ගුප්ත විදිහට නිහඬ වෙලා..
"ඒත් හිතේ තියෙන සමහර රාමු කැඩිලා බිඳිලා යන එක දරගන්න අමාරු වේවි..පියවි සිහිය කියන්නේ මහ භයානක දෙයක් වෙලාවකට.."
මම එහෙම කියනකොට ඒ භයානක පියවි සිහිය පසු නොබලාම යන්න ගිහින් තිබුණා...භයානක පියවි සිහිය දූලි වෙනකොට මම ශාන්තියට සමාධි ගත වුනා...සරත් කාලයම අනිත්‍යය භාවනාවක් එක විදිහකට...අසිහියෙන්ම ප්‍රගුණ කරන්න ඕනි!
"තිරයක් ඇතුළෙන් දකින්නේ පියවියක් කියලා සහතික වෙන්න අමාරුයි..ඒක හිතට සහනයක් නෙමෙයිද?"
එතකොටම ලැප්ටොප් තිරය විසල් තිරයක් වෙලා මාව පරමාණුවක් බවට පත් වුණා..අන්න එතකොට සැනසීමයි .. ක්ෂුද්‍ර බව ඇතුලේ සැනසීම ලැබෙන එක කොතරම් වාසනාවක්ද! මම දිළිසෙන ඇස් දෙකෙන් බලාගෙන හිටියා...හැමදේම දිළිසෙන්න පටන් අරගෙන..හැමදේම කන්ද මුදුනක නැවතිලා තිබුනා...මෙච්චර වෙලා ප්‍රාණ නිරුද්ධ ෆෝන් එක උත්තාන වෙනකන්ම කන්ද මුදුනේ හැමදේම නැවතිලා තිබ්බා..ඒත් "ඉළඟ සම්මන්ත්‍රණයට ලෑස්ති වෙන්න" කියලා ෆෝන් එක සන් කලා; ආයිත් පහළට පහළට බහින්න..
***********************************
"ගුඩ් මෝනින්"
ලැවන්ඩර් පාට වයිබර් තිරයට මම හිරු එළිය යෙන් එහෙක බරට ඇමුණලා ලංකාවෙ පැත්තට ගහගෙන යන සුලඟකට අත ඇරියා...
"අපිට හැන්දෑව..නගරය පුරාම කණාමැදිරි එළි වගේ නියෝන් එළි තිත් විසිරෙන්න පටන් අරන්"
"ඒ වුනාට මට මෝනින්"
මම වහාම හරි හතරැස් ඉළක්කම් වලින් වෙලාව පෙන්වන රූපයක් යැව්වා...උදේ හතයි දාහතයි..
"එකම වෙලාවෙ ලෝකෙ දෙතැනක්දි; එකම දවසේ ඉපදෙන්නත් මැරෙනත් පුළුවන්"
මම ස්කයිප් ජනේලෙන් ලංකාව දිහා බලාගෙන හිටියා..එයාගෙ ඇස් වලින් මට ලංකාව පේනවා..මුළු ලංකාවම ඇස් වලට ගුලි කරගෙන මට පේන්න ඇස් ඇරගෙන එයා හිටියා...රැවුළ කොට වෙන්නම් කපපු කොළ්ළෙක් ස්කයිප් ජනේලෙන් ජපානේ ඉන්න ලංකාවෙ කෙළ්ළගේ මූණටම එබෙන්න වුනා..මම ඉක්මනට සමනල් ටැටූව පේන විදිහට අතමිට මොළවගෙන දබරගිල්ල එයා දිහාවට ළෙලවමින්;
"පේනවානේ මිනිස්සු වෙනස් වෙනවා"
කිව්වා..ඇත්ත තමා කියන පෙනුමකින් එයාගේ මූණ පින්තාරු වෙලා තිබ්බා...ලංකාවේ පිරිමි ගේශාවෝ වගේ..හැඟිම් මූණෙන් පෙන්වන්න දක්ශයි...
"ඒත් සමහර තාරකා එහෙම ලේසියෙන් මිය ඇදෙන්නේ නෑ"
මම හිනා වුනාද විරිත්තුවාද කියලා හිතන්න වද වුනේ නැහැ..ජපානේ සරත් කාලේ සමහර මූසළ මළානික කඩතොලු මගේ ඇස් වලින් කියවලා එයා සද්ද නැතිව හිටියා...ජපන් බසින් ලියපු පොතක් කියවලා වගේ එයා බලාගෙන හිටිය නිසා පැය එකහමාරකට පස්සේ ස්කයිප් කවුළුව අගුල් දාලා වහලා දැම්මා..
මම එයාගේ ෆේස්බුක් බිත්තිය දිගේ ඇවිදගෙන ගියේ රොබෝ මානසික නිද්‍රාවකින්...හැම පින්තූරයකම වගේ එයා ලඟින්ම තවත් ස්ත්‍රී ප්‍රාණියෙක් හිටියා...පුළුවන් තරම් උරහිසට බර වෙලා...මම සමහරදාට අඬපු කඳුළු පැළ්ළම් හොයාගන්නත් බැරි තරමට ඒ ස්ත්‍රී ප්‍රාණියා සළකුණු කප්පරක් උරහිස උඩ තියලා තිබ්බා එයාගේ...මම පින්තූර
දිහා බලාගෙන හිටියා මිස කැමැත්ත පළ කලේ නැහැ...අකමැත්තෙන් කැමැත්ත පළකරන එක සාපරාධි වැඩක්!
*******************************************
ආයිමත් ගර්ත රාජකාරි පටන්ගෙන තිබුණා..ජපානේ වුනත් ලංකාවෙ මතක හුස්ම ගන්නෙ ගැටබෙරය ගහන තාලයට..එහෙමත් නැත්නම් තාලම් පට ගැටෙන තාලයට...ශමිසෙන් තාලයට හීන දකින්න මට තාමත් හුරු නැහැ..හුරු නොවේවි කියන්න බෑ..වෙන්නත් නොවෙන්නත් සමාන සම්බාවිතා තියෙනවා...හෙඩ්ෆෝන් එක අස්සෙන් එයාගෙ දවුල් සද්දෙට ඉහළ පහළ යන හුස්ම හඬ ඇහෙනවා..
"මේ කතාවෙ අවසානය මොකක්ද?
මම ටී පනස් හය පිස්තෝලයක් ඔළුවට තිබ්බා වගේ එයා හුස්ම ගන්න එක මොහොතකට නැවැත්තුවා...පස්සේ අමාරුවෙන් මවාගත්ත විසුළු කටහඬකින් වචනයක් පිට කළා..
"ඇයි?"
අවසානය නොදැන යමක් කරන එක කලාවක්..අවසානය නොදැනීමත් කලාවක්..ඒක ප්‍රශ්න කිරීමත් කලාවක්..මම දැන් හොද කලාකාරියක් වෙලා..
"මම අහන්නේ ඔයා අනුමාන කරන විදිහ"
කල්පිත ලයිස්තුව අතට ගන්න දැන්....විධිමත් අනුමානයක් කරන්න..මෙහෙම වෙන්න පුළුවන් කියලා
"එක්කෝ සුඛාන්තයක්,එහෙම නැත්නම් ඛේදාන්තයක්.."එයා ප්‍රශ්වාස හුස්ම පිට කළා.."මොක වුනත් එකම කාසියේ දෙපැත්ත වගේ"
"සුඛාන්තයකුත් නොවෙන ඛේදාන්තයකුත් නොවෙන අවසානයක් තියෙන්න බැරිද?"
මම හොයන්නෙම අතරමැදි තැනක්..උපේක්ශා සහගත සිතකට තැනක් වගේ දෙයක්..
"හ්ම්"
"කාසිය උඩ දැම්මාම දෙපැත්තම වැටෙන්නේ නැතිව කෙළින් හිටින අවස්තාවකුත් තියෙන්න පුළුවන්"
"වෙන්න පුළුවන්..ඒත් මම කැමති;කාසිය බිම වැටෙන්න කලින් මේ මොහොත ඇතුලේ ජීවත් වෙන්න"
"ඉස්සර කලා විද්‍යාලයේදි මම ලියන දේවල් වලට ගුරුවරුන්ගෙන් කිසිම පිළිගැනිමක් නොලැබුන තරම්..ඔහුන්ට ඛේදාන්තයක් හෝ සුඛාන්තයක්
නැති කතා විශ්වාස කරන්න බැරි වුනා...කුඩා පැන්සයකට වුනත් කෙළින් හිටගන්න වාරයක් එන බව හැමෝම බොහෝම කැමැත්තෙන් අමතක කළා.."
මම වචන තව තුනක් ගිලින ගමන් හති දැම්මා..
"මට තේරෙන්නේ නෑ"
මම දන්නවා හැමදේම ඔයාට තේරුණ බව...ඔයත් කැමතියි පැන්සය හිටගන්න විත්තිය අමතක කරන්න...මම එයාගේ තේරුම් ගත්ත ප්‍රමාණය තරාදියකට දැම්මොත් තරාදි තැටි කැඩෙනවා සිකුරුයි...
"ඔව් ඔයාට තේරෙන්නේ නෑ නේන්නම්"
මම 'තේරුම් ගන්න එපා' කියන කටහඬකින් එහෙම කිව්වා..සමහර දේවල් නොතේරුනා සේ ඉන්න එක ලේසි...කරදර අඩුයි..
ඊට පස්සේ මම හදවත අරගෙන මේසේ පැත්තක තිබ්බ හිස් බොන්සායි පෝච්චියක සීරුවට පැළකරා..එතනින් පැළ වුනේ බොන්සායි සකුරා ගහක්..රතුත් නැති සුදුත් නැති රෝස පාට මල් පිපෙන සකුරා ගහක්..දැන් සිසිර කාලයටත් මල් පිපේවි..
ඉඳලා හිටලා මම එයාගේ ෆේස්බුක් බිත්තිය මතට ගොඩ වෙනවා..මගේ ඇස් තියෙන හැම්ස්ටර් මීයෙක් එයාගේ තුරුළේ ගුලි වෙලා ඉන්න පින්තූරයක්
බිත්තියේ උඩක එල්ලිලා තිබ්බා..පුදුමය කියන්නේ ඌට තිබ්බෙත් මගේ ඇස්!
මම ආයිත් සුපුරුදු විදිහට හදවත දිය කරන්න පටන් ගත්තා...ඇඟිලි තුඩු යතුරු පුවරුව උඩ එහාට මෙහාටා ගෙනිච්චෙ හදවත දියකරලා දාන්න..භෞතික ස්පර්ශයකට හදවත් දියකරන්න අමාරුයි...අනික ආයිත් හදවත ප්‍රතිරෝපනය වෙන එක වේදනාකාරි වුනත්...උමතුවෙන් මම හදවත දිය කරනවා..සමහර දරන්නම බැරි වේදනාවන් වාෂ්පශීලි කඳුළකට සාන්ද්‍ර කරන්නත් පුළුවන්...අඩුම තරමේ මේ සීත කාලයට මට ලෑස්ති වෙන්න පුළුවන් ...හිම මිනිස්සු හදන්න නෙමෙයි..උන් ගැන කවියක් ලියන්න..සමහරවිට එයා ගැන වුනත් ලියවෙන්න පුළුවන්..
-නිමි-
ප.ලි.
බස්සි අක්කාගේ #බස්සිගේ නවාතැනෙ පළවෙච්ච "නොපිරවෙන හිස්තැන්"
කෙටි කතාව ඇසුරින් ලිව්වේ

දෙන්නෙක්ගෙ කතාවක් සම්පූර්ණ වෙන්නෙ ඒ කතාව දෙන්නගෙම පැත්තෙන් ඇහුවොත් විතරලු. ඔයා බස්සිගෙ කතාවෙ තිබුන අඩුව සම්පූර්ණ කලා කියලයි මට දැනුනෙ.
ReplyDeleteහැමදාමත් වගේ මේ පැණි වළල්ලත් හරි රසයි අමා.
බස්සිගේ කතාව කියවන කොට අනිත් චරිතේ හිතන විදිහ නිකන්ම දැනුන නිසා ලිව්වේ :)
Deleteස්තූතියි වරාමලී හැමදාම වගේ
මං බැලුව ඉස්සරෝම මේ මක්කද වෙන්නෙ කියල..
ReplyDeleteබස්සිගෙ කතාවක් නේද මේ කරකවල යන්නෙ කියල හිතුනෙ මැදට මැදට එද්දි...
මේකත් ඒක වගේම ටොප්.. පස්ට ඈ... කතා දෙකම නියමෙටම තියෙනව
බක්ෂිට කීවෙයි...
ඔව් බස්සි අක්කට කිව්වා...අපි දෙන්නගෙම කතා දෙක එකතු කරලා තනි කතාවකුත් හැදුවා...ස්තූතියි මහේෂ් 😊
Deleteයශ් ගේ පෝස්ට් වලින් මට බෝරිං වුණ මුල්ම එක...
ReplyDeleteඒකට ඔයා දිගුවක් දීලා...
කොහොමත් ඔයාගේ කතා කියවන්ට ආසා හිතෙනවා...
මේක නම් එච්චර කියෙව්වේ නෑ ඒ වුණාට...
බස්සි අක්කාගේ කතාවත් එක්ක සම්බන්ධ කරලා ඒ කතාවේ ගෑනු ලමයා පැත්තෙන් හිතන්න ගත්තම දන්නෙම නැතිව දිග වෙලා...කොට කරන්න ලෝබ නිසා නිකන් හිටියේ :)
Deleteහිතේ තිබුන දෙයක්ද ලිව්වේ...
ReplyDeleteබස්සි අක්කාගේ කතාවෙ දෙවනි කතාව ලිව්වේ මම...හිතේ පහල වෙච්ච දෙයක් කිව්වොත් නිවරැදි..
Delete