පළවෙනි වේදිකාව

පළවෙනි වේදිකාවේ
 කවුරුත් ඉඳගන්න
 ලී බංකුව උඩ
 අපි අතැර ගියපු
 මතක පොත
 හැමෝටම පෑගෙන හැටි
 හැමෝම පාගන හැටි
 ඇවිත් බලන්නෙ මමම
 විතරද
හූ කියන්නේ කෝච්චි
 විතරද
 තිගැස්සෙන කොට හිත
 අඬන්නේ මගෙ විතරද
 කාලෙක ඉදන් බලන් හිටපු
 කපුටෝ අහනවා
 නුඹ ගැන
 ඉතින් මක් කියන්නද
'ශෝ ශෝ ' මිස
දන්නෙ නෑ වගේ නුඹ
 ඉන්න කොට
 මම දන්න බව
 කියන්නේ කොහොම
 එදා මම අඬපු
 වම් උරහිස
 හිනාවෙන් පොඟවන්නේ
 මම නෙමෙයි ඇය
 ගාලු කුමාරි ඉක්මනට
 වෙලාවට
 ඇවිත් ගෙනියන්න මාව
 ගාල්ලෙන් තවත් ඈතට
 දුරට

Comments

Popular Posts