රබර් කැළේ
අද ඉදන් අමාගේ හීන සාප්පුවේ රසවත් ඕපදූප ෆලූඩා විකුණලා බලන්නත් හිතුනා...හ්ම්ම් මුල් සැරේ නිසා හාහාපුරා කියලා අමාගේ ගමේ විස්තර ටිකක් කියන්න කැමතී..
අමා ඉන්නේ ඉස්සර කොළම කොළ පාටට තිබ්බ ගමක...දැන් නම් ගමක් කියන්නත් ටිකක් විතර අමාරුයි...මීට අවුරුදු බර ගානකට කලින් අමා ඉස්කෝලේ හයේ පංතියේ ඉන්න කාලේ අමා ඉස්කෝලේ ගියේ ගමේ ඉස්කෝලෙකට...ස්කෝලෙ ඇරිලා ස්කූල් වෑන් කට්ටෙන් බැහැලා ගෙදරට යනකන් පයින් යන්න තියෙන්නේ විසාල රබර් වතු දෙකක් මැද්දෙන් වැටිලා තියෙන කන්දක් නැගලා...රබර් වතු දෙක මැද්දෙන් වැටිලා තියෙන පාර ඒ කාලේ හරිම කළුවරයි...දවල් දොළහ වුනත් හැන්දෑව වගේ...දෙපැත්තේ වැවිලා තියෙන රබර් ගස් වල මුදුන් දේදුණු පාලමක් වගේ එකතු වෙලා...අමා ඒ පාර දිගේ යන්නේ හයියෙන් සින්දු කියකියා...මොකද දවල් කාලෙට ඒ හරියේ කවුරුත්ම නැති ගානයි...ඉතින් උඩ පැන පැන රටේ නැති දේවල් හිතින් මවාගෙන ගෙදර යනවා...ඉස්සර මට සෙල්ලම් කරන්න කියලා යාලුවෝ හිටියෙම නැති තරම්...මගේ සෙල්ලම් කිරිල්ල කරන්න ඉතින් ඇඟපත වඩිය හොලවන්න ඕනි වුනෙත් නැහැ...ඉස්සර මගේ ආසම සෙල්ලම 'දිය යට ලෝකය'. ඒක එච්චර අමාරු නැහැ...මම ඉන්නේ වතුර යට කියලා හිතින් හිතාගෙන ඉන්න විතරයි තියෙන්නේ...හම්මේ ට්‍රැක් පැනගෙන එනවා...කොහොමත් මගේ සෙල්ලම් කාලේ ගොඩක් ගත වෙලා ගියේ හිතින් හදා ගත්ත හීන ලෝක ඇත්තට ඇස් වලින් මවා ගන්න එක....මට ඒ සෙල්ලම් නිසා ගවු ගානක් දුර තියෙන මුහුදේ රැළ්ළ ගෙයි උළුවස්ස ලඟ ඉදන් පාගන්න චාන්ස් එක හම්බුනා...ඒ විතරක් නෙමෙයි කවදාවත් වැටෙන්නේ නැති හිම බිම වැටිලා තියෙන වෙරළු මල් අස්සෙන් දකින්න පුළුවන් වුනා...වාසන්නාවට වගේ තාම ඒ සිගිති මානසික මෙව්වා එක තියෙනවා..ඒ දවස් වල මේ රබර් වතු දෙකේ දං බෝවිටියා හරියට තිබ්බා...ඉතින් ඉස්කෝලේ ඇරිලා යනකොට කට දම් පාට නොවෙන්නේ හෙනම කළාතුරකින්..ඒත් දැන් නම් රබර් වතු දෙකම කෑළි කරාලා විකුණලා තියෙන්නේ..ඒ රබර් ගස් කාපලා දාන කොට මමයි නංගි ඇඬුව හැටි තාමත් මතකයි...හීන ලෝකයකට පාර පෙන්නපු රබර් ගස් මැරිලා ඒ උඩින් බ්ලොක් ගල් මාලිගා හිටගෙන ඉන්නවා දැන්...දං බෝවිටියා ගස් කළාතුරකින් හම්බ වෙනවා...දැන් අර මම කිව්ව පාර දවල්ට ගිනියම් වෙනවා...ඒ වෙලාවට මට මතක් වෙන්නේ වතු දෙකක වුනත් ගස් අගිස්සවල් වලින් ආදරේ කරපු රබර් ගස්...

ඕව ඔහොම තමයි යාළුවා... මම කැමතියි 'දිය යට ලෝකය' සෙල්ලමට. අපි නම් දන්නේ 'දිය යටින් ගින්දර' සෙල්ලම විතරයි. ජයවේවා...
ReplyDeleteකාලයත් එක්ක සිද්ධ වෙන වෙනස්කම් වලට ඉඩ දෙන්නම වෙනවා කොච්චර අකමැති වුනත්....හී හී... 😃😊
Deleteහ්ම් හීන ලෝකවල ජීවත් වෙක ඒක සැපක් අමා
ReplyDelete