වචන (5 කොටස)
එයාගේ අතින් උණුහුමක් කාන්දු වුනා..ඒ උණුහුම උදේ ළාහිරු එළිය වගේ...හැම සෛලයක්ම උණුහුමින් පුරවන උණුසුමක්..එයාගේ දිළිසෙන ඇස් වලින් මගේ ඇස් වල ගැඹුර හෙවුවද කොහෙද...හාදුවක්..මේ වෙලාවේ ක්ෂ්ණික හාදුවක් තමා ගැලපෙනම දේ...හින්දි ෆිල්ම් එහෙක ජවනිකාවක් කරගන්න මේ වෙලාව මට ඕනි වුනේ ඇයිද මන්දා..ඒත් අපි දෙන්නා බලාගෙන ඉන්දැද්දිම හාදුව ඈතට පියාඹලා ගියා...අපි ඒ දිහා බලන් හිටියා......ඉතින් හාදුවකට වඩා උණුහුම් එයාගේ උරහියට තවත් බර වෙනවා ඇරෙන්න වෙන කිසිම අවශ්‍යතාවයක් ආවේ නැහැ..අඩුම ගානේ හුස්ම ගන්නවත් ඕනිකමක් තිබුනේ නැහැ..ඒත් ජීවත් වෙන්න ඕනි වෙලා තිබ්බා...ඒ නිසා හුස්ම ගත්තා...'ඔයාගේ නම මොකක්ද?', 'ඔයාගේ වයස කීයද?' කියන ප්‍රශ්න බොඳවෙලා ගිහින් මැකිලාම ගියා..දැන් එතන ඉතිරි උණුහුමක්...ආදරණිය උණුහුමක්...එදා අපේ හෙවනැලි අතුරුදහන් වෙලා කළුවර වැටෙනකන් අපි ඔහේ ඉඳගෙන හිටියා...'ඔයා මට ආදරෙයිද කියන්න' කියලා මමවත් එයාවත් අහන්නවත් කියන්නවත් බැදිලා හිටියේ නැහැ...ඒත් මේ උරහිසෙන් මේ අත් වලින් ගලාගෙන එන්නේ ආදරේ කියලා මමයි එයයි දැනගෙන හිටියා...එයා චිත්‍රේ අරගෙන නැකිටිනකොට මම එයාගේ අත තද කරලා අල්ලගත්තා...ඒ වෙලාවේ හෙමින් අත ලිහා ගත්ත එයා ආංගික අභිනයකින් 'මම යනවා ' කියන්න හැදුවා...කෝ වචන...ඔයා ගොළුද කියලා අහන්න හිතුනත් ඒ ආංගික අභිනය කරපු විදිහේ හැමදේටම උත්තරයක් තිබ්බා...මාව අඩි පහළොස්දාහක් ගැඹුරු වළකට වැටිච්ච ගානට කම්පනය වෙලා හිටියේ...මම එය දිහා බලන්නෙවත් නැතිව පුළුවන් තරමක් දුරට දිව්වා...ආයිමත් හැරිලා බලන කොට එයාව පෙනුනේ පුංචි තිතක් වගේ...
ඉළඟ දවසේ වෙනදා පුරුදු විදිහට මම මැයි ගහ යට බංකුව ලඟට ආවා....පොකුණේ ඕලු මල් වගේම මැයි ගහත් පුරුදු විදිහට හිටියට එයා හිටියේ නැහැ...අපි ඉඳන් හිටපු බංකුව උඩ සුදු පාට කොළයක් හේත්තු කරලා තිබ්බා....මම හිටියේ හැඟීම් දැනීම් නැති ගානට..බලාපොරොත්තු ගිනි ගත්ත ගානට...අවුරුදු දහයක ප්‍රේමයෙන් පැරදිච්ච ගානට...මම සුදු පාට කොළේ අතට අරගෙන බැලුවම දැක්කේ මල් පිපිච්ච අතු මල් වලින් බර වෙච්ච ලස්සන ගහක චිත්‍රයක්...සමහර මල් වැටිලා බිම වැතිරිලා...මම ඒ චිත්‍රේ තුරුල් කරගෙන බංකුව උඩින් වාඩි වුනා...හැමදාම ඒ බංකුව උඩ මම හිටියත් මට ආයිත් එයාව කවදාවත් හම්බ වුනේ නැහැ...
-නිමි-

Comments
Post a Comment