අම්මා
දැන් මාස අටක්...පුංචි බඩක් එක්ක මම ඉඳගෙන හිටියේ සිල්මාතා ආරාමයේ බුදු මැදුර ලඟ...දැන් කකුළ් ඉදිමිලා වේදනාවයි...මම මට පුළුවන් විදිහට පන්සිල් ගත්තා...පන්සිල් අරගෙන ඉවර වෙනකොටම ඇහුනේ පොළව හුස්ම ගන්නවා වගේ සද්දයක්...ඒ පොළව හුස්ම ගන්නවා නෙමෙයි...ඒ අම්මා...අම්මා ඇවිත් මගේ ලඟින් වාඩි වුනා...හරියටම මගේ මූණ දිහා බලාගෙනම...ඇහි පිල්ලම් වුනත් ගහන්නේ හරියට භාවනා අරමුණක් වගේ ශාන්ත විදිහට...'අම්මේ' කියන්න හිත කීවට කට ඒ වචනේ සීරුවට කපලා කොටලා ආගන්තුක බරක් පටවලා 'මෑණියෝ' කියලා පිට කළා...යාන්තම් හිනා වුන මෑණියෝ බලාගෙන හිටියේ හඳක් වගේ මෝරලා තිබ්බ මගේ බඩ දිහා...කහ පාට සියුර ඇතුලෙන් පාත් වෙච්ච ලස්සන කහ මල් අත්තක් මගේ බඩ උඩින් ගෑවිලා නොගෑවිලා ගියා...මෑණියන්ගේ ඇඟිල් ගෑවෙන කොට බඩ ඇතුලේ හිටිය පැටියා පයින් පාරක් ගහනවා දැනිච්ච නිසා මම ඇහිපිය අකුළව ගත්තා..
"චන්ඩියෙක් වගේ"
මෑණියෝ එහෙම කියලා හිනා වුනා...මමත් හිනා වුනා විතරයි...මෑණියෝ හැමතිස්සෙම ඉන්නේ හැඟීම් ගිලගත්ත පෙනුමකින්...ඉස්සර චිත්‍ර පංතියේ හිටපු මිස් කියන්නේ බුද්ධ රූප දේව රූප හදන්න ඕනි ඒ විදිහට කියලා...හැඟීම් ගිල ගන්න ඒ පෙනුම මෑණියන්ගෙත් තිබ්බා...බුදු මැදුරේ වැඩහිටපු බුදුහාමුදුරුවන්ගෙත් තිබ්බා...මෑණියෝ මගේ අත හෙමින් අල්ල ගත්තා...මට මතක් වුනේ පුංචි කාලේ..ඉස්සර අම්මගේ අතේ එල්ලිලා ඉස්කෝලෙ ගියපු හැටි...මිනිස්සු හැඟීම් එක්ක වැඩකරන කොට වැඩ කරන්නේ අනිච්චානුගව...ඒ නිසාමද මන්දා මම අම්මගේ අත හයියෙන් අල්ල ගත්තා...
"මෑණියෝ...මට අංගුලිමාල පිරිත කියන්න එනවා නේද?"
අම්මගෙ අත හරි රස්නෙයි...අම්මා යාන්තමට හිස වැනුවා...
"දූ දන්නවද?"
මෙහෙම කියන්නේ ලස්සන කතාවකට මුල පුරනකොට...මම අම්මගේ ඇස් දිහා බැලුවේ ඒ කතාව අහගන්න...දැන් ඒ ඇස් ගොළු වෙලා...මට දුක හිතුනා...
"මට ඔයාව හම්බ වෙන්න ඉන්න කොටත් ඔය වගේම කකුළ් ඉදිමුනා...දූ මේ බලන්න....දැන් ඔයා හුස්ම ගන්නේ ඔයාට විතරක් නෙමෙයි..මෙන්න මෙයාටත් එක්ක"
අම්මා එහෙම කියන ගමන් මගේ විසල් බඩ දිහා බැල්මක් දැම්මා...
"ගෑනු දරුවෙක් අම්මෙක් වෙන්න හීන දකින්නේ ඒ දරුවට තේරෙන කාලේ ඉඳන්...ඔයාට මතකද දුවේ පුංචි බෝණික්කන්ට ඔයා අම්මෙක් වෙච්ච විදිහ...මගේ සාරි පටලවගෙන අම්මෙක් විදිහට සෙල්ලම් කරපු
විදිහ....ඒ තමයි කෙල්ලෙක්ගේ පළවෙනිම හීනය...ස්වභාවධර්මය ගෑනු මවලා තියෙන්නේ ඇති වෙන්න මව් සෙනෙහෙ එක්ක..මගේ දුවේ..මට තාම මතකයි ඔයාව ලැබිච්ච වෙලාව...මගේ පෙකිණිය අත ඇරලා ඔයා තනියම හුස්ම ගත්තට අපි දෙන්නා කාටවත් පේන්නේ නැති යදමකින් බැඳිලා හිටියා....ඒ යදම නිසා ඔයා අම්මෙක් වෙද්දි මාව හොයාගෙන ඇවිත්....ඔයා මගේ පපුවට ලං වෙද්දි මුලින්ම තොල් වලින් තන පුඩුව උරන්න ගද්දි මට දැනුනේ මම සම්පූර්ණ වුනා කියලා...ඇත්තමයි මගේ දුවේ...මට ඔයා පාරමිතාවක් වගේ...මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණ නිරායාසයෙන් හිතේ පැළ වුනේ ඔයා නිසයි...ගෑනියෙක්ට දරුවෙක් කියන්නේ බන්ධනයක් නෙමෙයි....රාහුල බන්ධනයක් වුනේ සිදුහත්ට විතරයි...යශෝධරාට නෙමෙයි..මේ බලන්න මගේ දුවේ...අම්මෙක් කියන්නේ දරුවෙක්ගේ පළවෙනි යාලුවා...පළවෙනි ගුරුවරයා....ඉතින් හැම දෙයක්ම කල්පනාවෙන් කරන්න ඕනි...මතකද දුවේ කිරි අම්මලාගේ දානේ....ඒකට වාඩි වෙන්න කැප කිරි දීපු අම්මෙක්ට විතරයි..මතු බුදු වෙන්න පෙරුම් පුරන්න පුළුවන් අම්මෙක්ට...බුදු කෙනෙක් මුලින් විවරණ ලබන්නේ අම්මෙක්ගෙන්...මගේ දුවේ...බලෙන් අම්මෙක් වෙන්න බෑ ...ඒක ඔයාට දැනෙනවා නේද? අම්මා කියන නමට ලෝකයක් දණ ගහනවා...මගේ දුවේ මේ පැටියට ජීවිතයක් දෙන්න"
ඒ වචන අම්මා කිව්වේ 'ඉතිපිසෝ'ගාථාව කියනවා වගේ භක්තියෙන්...මිනිස්සු හැඟීම නිසා අනිච්චානුග වෙනවා...මම අම්මගේ සිවුරේ එක කෙළවරක් කඳුළු වලින් තෙමලා තිබ්බා....අම්මා පරිස්සමට දරුවා එක්ක මාවත් අතගෑවා...හිතෙන් බේරිලා ගිහින් ඇවිත් අම්මගේ ඇඟිලි වලින් ගලාඅගෙන එමින් තිබ්බේ උණුහුමක්...අම්මේ ඒ මව් ගුණ...

Comments
Post a Comment