සිද්ධාර්ථ

සිද්ධාර්ථ
 දැන් වෙනදට වඩා ඔයාට
 තරහ යනවා හරියට
 අපි දෙන්නා හදා ගත්ත
 එකම මාළිගාවෙ දොර ගාව
 ඔයා එනකන් හවසට
 බලන් හිටියත් දැන් වැරදිද
ලේසි පහසුද සිද්ධාර්ථ
 අපිට රාහුලලා දෙන්නෙක්ම
 ඉන්න කොට
 ඔයාගෙම අච්චුවට
 තව රාහුලෙක් ඉන්නවා අපිට
 අපේ මාළිගේ දොර ගාව
 ඇතුළට එන්න මාස දෙකයි තව
වෙරි වෙලා එනකොට මෙහෙම
 හිටිතැනම ගල් වෙනවා මාව
 සිද්ධාර්ථ කොහෙන්ද හැමදාම
 දිග කොණ්ඩ ගස් ඇමිණෙන්නේ කමිසයේ
 කොළරය ගාවම
මට හරිම බයයි සිද්ධාර්ථ
 අභිනික්මන් හිතක් නැහැ නේද
 අපි සතර පෙරනිමිති වත් වුනාද
 අභිනික්මන සසර කෙළවරට
 යන්න නම් නෙමෙයි නේද
සිද්ධාර්ථ
 තනි මට
 උහුලන්න බැරි වෙවි
 තනිවම පවුල් බර

Comments

  1. සංවේදී නිර්මානයක්. ලස්සනයි අමා

    ReplyDelete

Post a Comment

Popular Posts