ලිප්ස්ටික් පාට හවසක


පහ මාරේ බස් එක මිස් වෙච්ච
එක්තරා මං ආසම ලා රෝස
ලිප්ස්ටික් පාට හවසක් ඒක


අමතක වෙලා ගිහින් තිබ්බේ
රිදී මිට කළු දෙකට කඩන කුඩය
"පමා වෙලා වැහැපන්" කිව්වට
වැහි වළා අහනවද එහෙම


නගරාන්තර ධාවනය වෙන
යකඩ හදවතක කසු කුසුව
ඇහෙන නෑහෙන ගානට
"එන්න,ඉඳගන්න,
මේ කපපු පේර ගන්න,
මල්ලක් දහයයි,මිරිස් ලුණු ගානට"
කොඳුරනා හඬ ඇසෙන

නිදාගත් පහන් කණු කඩා නිදිගැට
දල්වගෙන තම හිස් නිවන්නට වෙහෙසෙයි,
කළුවර,
"මිස්,ගන්නවද පත්තර,
සිරිකත තරුණි නැත්නම් අද"
කවුරුදෝ අහනවා ඇහුනට
මං හැමදාම ඔව්වට
බලාගන්නෙම අහක
මේ තමයි ලිප්ස්ටික් පාට හවස
බස් මිස් වෙලා හම්බෙන් හමුවෙන
මහන්සිය පල් වෙලා බැරල් වල
බ්‍රැන්ඩි සුවඳක් වගේ දැනෙන

මම ආසයි මෙහෙම බස් එක හරි
දවසකට මිස් කරගන්න
අන්න ඒ දවස් වලට
මට පුළුවන් මිස්ටර් පැයකට විතර
මිසිස් නොවී මිස් වෙන්න

Comments

  1. "සහෝදරයා මේ සිස්ටම් එකෙයි වැරැද්ද
    අසාධාරණ ලෝකෙක - සාධාරණ ඩිසිශන් කොහෙන්ද?"
    මිස්ටර් පෙරේරා බලන්නෙම ඔළුව ඇල කර
    බ්‍රිස්ටල් එකට දබරැඟිල්ලෙන් හීනියට තට්ටුකර, අළු කඩකඩ

    පුල්ස්කැප් පිටුවල තීරු වගු ඇඳ රූලට
    දවස තිස්සෙම බැලන්ස් කරන්නෙ නූලට
    ගැස්සුනොත් හෙම බොස් ඉන්නෙ අස්වීම අත උඩ තියාගෙන
    කිස් කද්දි හිත ෆයිල් මැද දියවෙන සිහින අස්තීරය

    කිරිකිරියෙ වෙවුල වෙවුලා විදුලි පංකාව
    "සර සරස්" කියකියා දවසෙම හුස්ම බෙදුවට
    කිහිලි දෙක ඉක්මනට දියවෙන්නෙ දාඩිය උස්නෙට
    සැහැලි කවියක් නෙමෙයි තවලමක් ළමයෝ මේ ජීවිතය

    හීනියට එකක් ගත්තම හවසට ඔයා ඉන්නෙම හොස්ස උස්සගෙන
    අතින් අල්ලාගන්න හැදුවත් යන්නෙ උරහිස් ගස්සගෙන
    තිස් හයක් ගෙවිලා දැන් - තව කීයක්ද කියල දන්නෙත් නෑ මං
    ඉස්සර මනෝ මන්දිර පාමුලයි මම තාමත්

    ලා රෝස ලිප්ස්ටික් හාදු රැඳුනේම නෑ කමිස කොලරෙක
    මාත් ආසයි හීන අහුලන්න අතරමං වෙන්න දවසක
    අත්තටු බැඳන් කිමිදෙන්න යන්නට විස්කි පාටැති අහසක
    අපි එක්ක අපි අතරමං වෙමු එකම එක දිග හවසක

    ReplyDelete
    Replies
    1. මාර කම්බිනේෂන් එකක්නේ බොලව්!

      Delete
  2. යකඩෝ ලිප්ස්ටික පාට හැන්දෑවලුත් තියෙනවා එහෙනම්.

    ReplyDelete
    Replies
    1. එහෙම එව්වත් තියෙනවා අයියේ :p

      Delete
  3. අපිත් පැන්ටසියේ තරුණ කොල්ලෝ. හික් හික්...

    ReplyDelete
  4. වෙනස් විදියෙ හවසක්. නම නම් හරි අමුතුයි.ලස්සනයි.

    ReplyDelete

Post a Comment

Popular Posts