අමතක පාර යලි පැමිණෙන්න

එලන ලද මීදුම් කළාල වල
අතැර ගිය නමක් නැති තරු පංති
අමතකද මන්දා ඒ දවස් ගැන
මතක් කරගන්න බැරි එකයි දුක
කතාවක් බහක් නැති නුඹෙ ඇස්


කොළ පාට විතරමයි හැමතැනම
තැනින් තැන ලැවන්ඩර් දම් පාට
අරන් එන්නවා නේද මං ආස
ඩැෆොඩිල් මලක් තද කහ පාට
මතක් වෙයි බාගදා අතීතය


සිහිනයක් අතර මඟ නවතාන
අවදියෙන් මගේ තුන් සිතම අද
මතකයක් ඔතාගෙන එනවාද
අළු පාට භෂ්ම රස හිම අතර
මට මතක නැත්තේ නුඹෙ ඇස් දෙක
අමතක පාර යලි පැමිණෙන්න

Comments

  1. //අළු පාට භෂ්ම රස හිම අතර//
    මොකද්ද ඒ රස ??

    ReplyDelete

Post a Comment

Popular Posts