පත්තරකාරී (2 කොටස)
සාලාගේ වයස මට අනුමාන කරන්න අමාරු වුනා...සාමාන්‍යයෙන් මගේ අනුමාන කිරීම් පුදුම තරමට හරි යනවා...අනුමාන කිරීම, පෙරළ පෙරළා ප්‍රශ්න කිරීම කියන ගුණාංග ජානගත වෙන්න පටන් ගත්තේ පත්තර රස්සාවට පය ගැහුවට පස්සේ..සාලා ගැන අනුමාන කිරීම් කරන්න කලියෙන් සාලාව පෙරළ පෙරළා ප්‍රශ්න කරන්න ඔනි වුනා...ඒකට නිදහස් වගේම හොඳම තැන පාවෙන වෙළඳ පොළ...බස් ගාස්තුවත් ඉතිරි...නිදහසත් උවමනා ප්‍රමානයට තියෙනවත් එක්ක..
සාලා මගේ අත අල්ලගෙන ඉන්නවා දැකපු පිරිමි කෙනෙක් (කවුද කියලා නොදන්න) ඇස් දොඹ ගෙඩි තරම් ලොකු කරගෙන මං දිහා බලාගෙන හිටියා...ඒක සාලා දැකලාද මන්දා මගේ අත ක්ෂණිකව අතහැරියා..මගේ අත නිදහසේ ගුරුත්වය යටතේ පහළට ඇවිත් නතර වුනා..
"සාලා නේද මේ..ගොඩක් ස්තූතියි මං වෙනුවෙන් කාලය වෙන් කරගත්තාට..අපි ටිකක් නිදහස් තැනකට යමුද?ෆ්ලෝටින් මාර්කට්??මට එතනට ගියොත් ලේසියි..ඔයාට වුනත් පහසුවක් වෙයි"
මම හිනා වුනේ ඇත්තටම..මට ඉවෙන් වගේ දැනුනා සාලා හිත හොඳ ගෑනියෙක් වග...ඒ ඉව හැම මිනිහෙක් ගාවම තියෙනවා...ඒ ඉව අපිට ලැබුනේ පරිනාමය වෙන්නත් කලින්...ඒත් දැන් ඒ ඉව පාවිච්චි නොකරම ඉඳලා අතුරුදහන් වෙලා ගොඩක් අය ලඟින්...මං වගේ දෙතුන්දෙනෙක් ගාව තාම ඉතිරි..
සාලා පාවෙන වෙළඳ පොළේ අව්ව වැඩිම තැනක තිබුණ බංකුවකින් වාඩි වුනා...
"ඔතන අව්වයි නේද? අපි අතනට යමු.."
මම එහෙම කියන ගමන් දබරඇඟිල්ල දික් කරලා හෙවන බංකුවක් පෙන්නුවා...
"එතනට තව විනාඩි දහයකින් අව්ව එනවා...එතකොට මෙතන හෙවනයි.."
මම සාලාව විශ්වාස කරේ ඇයි කියලා කියන්න හේතුවක් නැහැ..සමහරවිට එයා කතා කලේ හිනා වෙලා නිසා වෙන්නත් පුළුවන්...මම සාලාට සම්මුඛව ඉඳගත්තා..කහ පාට රෙදි මල්ලෙන් පෑනකුයි කොළයකුයි අර ගෙන රෙකෝඩර් එක පණ ගන්වුවා..
"සාලා..මම කැමති ඔයා දිගටම කතා කරනවා නම්...ඒක ඔයාගේ හිතට වගේම මගේ ලිපියටත් වැදගත් වෙයි...මම කලින් ප්‍රශ්න හදාගෙන ආවත්, ඒ ප්‍රශ්න අහන්නේ නැතිව ඉන්න තීරණය කලා...ඔයා නිදහසේ කතා කරන්න...මම ඔයාගේ අසන්නිය වෙන්නම්"
ඒ වෙලාවේ සක්වල ගල් හතම හෙලවෙන තරම් තීරණයක් ක්ෂණිකව ගත්තා..ප්‍රශ්න අසන්නේ නැතිව ඉන්න..සමහරවිට මට මේ කතාව කෑළි කරලා දවස් දෙකක් තුනක් දාන්න පුළුවන් වෙයි..එහෙම වෙන්න නම් එයා කතා කරන එක වඩා හොඳ..ප්‍රශ්න කියන්නේ වැටක් වගේ..වැටක් නැති වුනාම සාලාගේ කටට, එයාට ඔනි විදිහට කතාව කියාවි..ලියන එක මගේ වැඩක්..
"මගේ ඇත්ත නම සාලා නෙමෙයි..ඒ මගේ කොළඹ නම...මගේ ඇත්ත නම යශෝධරා...නෝනා මගේ ඇත්ත නම් ගම් දාන්නේ නැති වග මම දන්නවා...ඒත් කතාවක් කතාවක් වෙන්න නම් හරියට පටන් ගැන්මක් තියෙන්න ඔනි...මම උපතින්ම කොළඹ හැදුන කෙනෙක් නෙමෙයි..මගේ ගම අනුරාධපුරය...අනුරාධපුර ටවුමෙන් බැහැලා තව බස් දෙකක යන්න ඔනි..ඊට පස්සේ කිලෝමීටරයක් පයින් යන්න ඔනි...අපේ ගමේ තැනින් තැන කොළ පාටයි..ගොඩක් තිබ්බේ කොහොඹ ගස්..පායන කාලෙට අපි පුංචිම කාලේ පැදුරු කඩමාලු අරගෙන කොහොඹ ගස් යට නිදා ගන්නවා..ගමේ ගොඩක් අය කෙලේ හේන් ගොවිතැන..සමහරක් ගොයියෝ කන්සා වැව්වා...උන්ට නම් සරුයි.."
සාලා දිව එළියට දාලා තොල් තෙත් කරගත්තා..මම මගේ වතුර බෝතලේ දුන්නාම වතුර උගුරු තුනක් එක හුස්මට බීලා ඉවර කලා..තොල් මඟහැරුන වතුර බිංදුවක් කටේ පැත්තකින් බේරිලා ඇවිත් මේසෙට වැටුනා..
"අපේ පවුලේ මම මද්දුමී...ලොකු අක්කා උපතින්ම මන්දමානසිකයි...පොඩි නංගි තාමත් ඉස්කෝලේ යනවා..අප්පච්චි නැති වුනේ මම ඕලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ....ඕලෙවල් පාස් වුනත් ඒ ලෙවල් කරන්න වත්කමක් අපිට තිබ්බේ නෑ...මම ඉස්කෝලෙ ගමන නවත්තලා දැම්මා...ඒ කාලෙදි තමා ජගත් අපේ ගෙදර ආවෙ ගියේ..අපේ ගමෙන්ම කලිසම් ඇන්දේ එයා විතරයි..අනිත් හැමෝම සරම්...කලිසම් මහත්තයෙක් ගෙදරට එන එක ගැන අම්මා පවා සතුටු වුනා...එයා ගෙදර එන කොට අක්කාට බූන්දියි මට වළලුයි ගෙනත් දෙනවා...ප්ලාස්ටික් වළලු වුනාට මට ඒවා හරි ඉහළයි..ජගත් කිව්වා මාව කොළඹ රස්සාවකට දාන්නම් කියලා...මම හිටියේ ජගත් හඳ පෙන්නලා ඉර කිව්වොත් ආ ඒ ඉර තමා කියන සාම්පලේට..අම්මා වුනත් නංගි ගැන හිතලා කැමති වුනා...අඩුම තරමේ ඒකිටවත් අකුරු හතර උගන්වන්න පුළුවන් නෙහ්...මම ජගත් එක්ක කොළඹ ආවේ බස් එකේ...මට හොඳට මතකයි මට කොළඹට එනකොට දෙපාරක්ම වමනේ ගියා..කොළඹට එනකොට හොඳටෝම වහිනවා...ජගත් කිව්වා කාමරයක් අරගෙන නවතිමු කියලා...මමත් හා කිව්වා..අපි ගියේ කොටුවෙම තියෙන කාමරේකට...කාමරේ හැරෙන්නත් ඉඩමදි...තනි ඇඳක් විතරයි තිබ්බේ...අකුණු ගැහුවා..ගෙරෙව්වා...මට තෙහෙට්ටුවට නින්ද ගියා...ආයිමත් ඇහැරෙනකොට වැස්ස පායලා...වැස්ස එක්කම ජගත් පැනලා ගිහින් තිබ්බා..."
සාලාගේ කටහඬ යාන්තම් වෙව්ලන බව දැනෙනවා...ඒ වෙව්ලීම එක්ක ඇස් අනුනාද වෙන්නත් පටන් අරගෙන තිබ්බා...
"මම ඇඳුම් බෑග් එකත් අරගෙන එළියට බැස්සා...ඇත්තම කිව්වොත් මාව කාමරෙන් එළෙව්වා...මම ස්ටේෂමට ඇවිත් බංකුවක වාඩි වුනා....මට ආයිත් ගමේ යන්න බෑ...පැය විසි හතරක් ඇතුළත මගේ මුළු ජීවිතේම අංශක 360කින් වෙනස් වෙලා තිබ්බා...තව අංශකයක් ගියානම් ආයිමත් හිටිය ලක්ෂයටම එන්න තිබ්බා...මට එහෙම ඔනිකමක් තිබ්බේ නෑ...මම රෑ වෙනකන්ම ස්ටේශමේ ඉඳලා රෑ කොටුවේ තියෙන බෝ ගහ ගාවට ගිහින් ඉඳගෙන හිටියා..ඒ වෙලාවෙදි තමා මාර්තා නෝනාව හම්බුනේ...එයා මට සල්ලි එලපු පාරකින් අපායට පාර පෙන්නුවා...කරකියා ගන්නම බැරි වෙච්ච වෙලාවක අපායට හරි පාර පෙන්නන කෙනා දෙවියෙක් වගේ...මම ඒ පාරදිගේ තාම අපායට යනවා...හැම පැයකට සැරයක්ම මැරෙමින් ඉපදෙමින්...ඒත් පොඩි නංගිට ඉගනීමටයි අක්කාගේ බෙහෙත් වලටයි සල්ලි යවලා මටත් යහතින් කාලා බීලා ඉන්න තරමට මට සල්ලි හම්බෙනවා..."
සාලා කතාව නැවත්තුවා...ඒ වෙලාවෙදි සාලාගේ ඇස් අස්සෙන් අතීතකාමී කඳුළක් මේසයට වැටුනා...දැන් වතුර බිංදුවයි කඳුළු බිංදුවයි දෙකම මේසේ උඩ...
එකම කඳුළයි වැටුනේ..ඊට පස්සේ සාලා හිනා වුනා...
"ඔයාට බය නැද්ද ඒඩ්ස් ගැන එහෙම"
මම එහෙම අහන ගමන් සාලාගේ ඇස් දිහා බැලුවා..
"නෝනා...මම අනිත් හැමෝම වගේ මැරෙන්න බයයි...සියදිවි නසා ගන්න ඈයොත් අන්තිම මොහොතේ හරි ජීවිතේට ආදරේ කරනවා..ඒත් මට එහෙමයි කියලා ආපහු හැරීමක් නෑ...එහෙම හැරීමක් අම්බපාලිට තියෙන්න ඇති..ඒත් අපිට එහෙම හැරෙන්න විදිහක් නෑ.."
සාලා නැගිටලා යන්න ගියා...ආපහු කවදාවත්ම මං දිහා හැරිලා බැලුවේ නෑ..
දැන් වැස්ස පායලා..වීදි ලාම්පු පෝළිමට දැල් වෙනවා...මට දැනුනා කවුද මං දිහා බලන් ඉන්න විත්තිය..මම හැරිලා බලනකොට එතන හිටියේ වයසක මිනිහෙක්...බලාගෙන හිටියේ වැස්සට තෙමිලා ඇඟටම ඇලවුන මගේ ඇඳුම් අස්සෙන් පේන බෙසියර් පටියක් දිහා...මම කකුළ් ඉක්මන් කරලා ගුවන් පාලමෙන් පහළට බහින්න පටන් ගත්තා..
උඩ ඉඳන් බලනවා වගේ නෙමෙයි...පහළට ආවම හැමදේම ද්විමාන වෙලා වගේ දැනෙනවා...දැන් වේලාව හවස හය පසුවී විනාඩි හතලිස් පහයි...කළුවර කියන නාමමාත්‍රික ප්‍රේමය දිශාවක් ඉසව්වක් නැතිව කොළඹ අතික්‍රමණයක කරනවා...තැනින් තැන වැස්ස ගැන බොර මතක ඉතිරි කර ගත්ත මඬ වලවල් ඉතිරි වෙලා තිබ්බා...මම අනිච්ඡානුග චලනයකින් ලඟා වෙමින් හිටියේ ස්ටේශම ලඟ බෝ ගහ යටට...වැස්ස අව්ව ගැන වගක් නැති කපුටු කූජනයේ උච්ච ස්වර ස්ථාන වල ප්‍රථිපලය කපුටු වසුරු...අනූ නවයයි දශම ගානකුත් එක්ක ඒ වසුරු ප්‍රහාරයෙන් බේරුනා..
බෝ ගහ යට මම එක්ක තව කිහිප දෙනෙක් හිටියා...වීදි ලාම්පු එළිය ඒ පිරිසගේ ගෑනු පිරිමි බව විතරක් තීරණය කරන්න ප්‍රමානවත්...එක ගෑනු කෙනෙයි හිටියේ...මාත් එක්ක දෙකයි...මම හෙමින් මගේ බෙල්ල පිටි පස්සට හරවලා ස්ත්‍රී සංඥාව දිහා බලන්න හැදුවේ...ඒ එක්කම අකුණක් කෙටුවා...ක්ෂණික ධවල එළියත් එක්ක මම දැක්කේ සාලා වෙන්න පුළුවන්...ඒ අකුණත් එක්කම මගෙ පෙනීම අතුරුදහන් වෙලා තිබ්බා...එහෙමත් නැත්නම් ඒ ඒවගේ දියණිය වාෂ්ප වෙලා ගිහින් තිබ්බා...
තාම බෝ ගහ යට බුදු පිළිමය භාවනා ඉරියව්වෙන් වැඩ ඉන්නවා..මට මෙහෙම හිතෙනවා...සමහර විට මේ බුදු පිළිමය බස් හෝල්ට් එහෙක හිටගෙන ඉන්න , ගිනි අව්වකට පිහිට වෙන්න තියෙන මේ බෝ ගහ එක්ක බන්ධනයක් හදාගෙන වෙන්න පුළුවන්..සියළු බැඳීම් අතහැරියාට එක බධනයක් බෝ ගහ වෙනුවෙන් ඉතිරි කරලා යන්න ඇති...නැත්නම් මේ බෝධිය කපුටු බෝ ගහක්ය කියලා පොරෝ පහරකින් අපවත් කරවන්නත් ඉඩ තිබ්බා...සරල දේවල් වගේ පේන්නේ අපිට ගැඹුර ගැන හැඟීමක් නැති නිසා...සමහර වෙලාවට ඒ හැඟීම ජීවිත කාලේදීම නො එන්න පුළුවන්...ඒත් බලාපොරොත්තුවෙන් ඉන්න..සංසාරේ තව දිගම දිගයි..කොළඹ ඉදන් දෙවුන්දරට වඩා දුරයි..ඒත් යන්න තියෙන පාර නම් හරිම කටුකයි...ඔයාලා මගේ කතාවේ අතිච්ඡාදනය වෙන දවසක් ආවොත් එදාට මම මට පුළුවන් විදිහට සංසාර බන්ධනයක් ලිහලා පෙන්වන්නම්...එතකන් හදවත් ඇත්තෝ ඉවසත්වා!!
_නිමි_

අමිහිරි සත්තාවක් මිහිරි ලෙස කියා තියෙනවා..!
ReplyDelete