දාලා යන එක තමා අමාරුම
අපි දැනන් හිටියා ඉවර වෙන හැටි
අන්තිම දර්ශනයෙ මට තිබ්බේ අඬන්න,
ඔයා දිහාවට මල් විසිකරන්න,
මල් වලින් සරසාපු කළු පාට බෙන්ස් එකට,
අත වනන්න, සුභ පතන්න
මට කොහෙද එච්චර හයියක්,
සුදුමහත්තයෝ දන්නවා නේද ඒක
ඒකමයි මං මඟින් නැවතුනේ,
අපි දෙන්නටම (ඔයාට)
ලේසියට!
සමහර දවස් හරි අමාරුයි ගෙවන්න,
ඒ දවස් වලට මම වහන් මගේ ඇස් දෙක,
අහගෙන ඉන්නවා මහ පාර,
කළබළෙන් තද කරන තිරිංග සද්ද,
සපත්තු අඩි සද්ද,
බල්ලෙක් වාහනේකට හැප්පෙන සද්ද.
සුදුමහත්තයෝ කෝ මට
දෙනවාමයි කිව්ව පැනි බූන්දි මුල
කමක් ඉතින් නාවාට,
කැළනි ගඟට විසිකරන්න බැරි නැහැනෙ නේද?
මට පුළුවන් ගේ ලඟින් අරගන්න එතකොට
දාලා යන එක තමා අමාරුම
බුදු බණෙත් තියෙනවාලු
"ප්‍රිය විප්පයෝග දුක්ඛ"
ඒ තමා සංසාර චක්කරේ
කවදාම හරි දවසක
වඳින්න ආවාම කැළණිය
බලන්නත් යන්න ගඟ
ඉවුරේ අර පාසි බැඳුණ ගලක
ඔයා ආසම පාට දම් පාට
මලක් දැක්කොතින් එහෙම
බබාලට කියනවා නේද
අර ඉන්නේ කාලෙකට ඉස්සර
කවි ලියපු බලිකුරුටු
කෙල්ලෙක් වග
ඇත්ත දාලා යන එක තමා අමාරෑ
ReplyDeleteමම දුකෙන් ඔබ දුකෙන් නිසා...
ReplyDelete