ඇය, නමින් නිහාරිකා
කළුවර අඳුරු වන්නට පෙර
දූලි වළාවක් වූ ඇය
සියක් දහසක් ග්‍රහලෝක අතර
හිරු මිලියනයකුත් අතැර
ප්‍රේමයමෙන් බැඳුනාය
අයාලේ යන ශක්ති පුංජයක් සමඟ
ප්‍රේමයේ අසනිය කුසුම් විකසිතව
තැනින් තැන අලෝක ලප මතුව
ඒ විශ්වයේ ප්‍රථම වසන්තය
ඇරඹුම ගිනි ගත් මුත්
වෙව්ලා සලිත වන තරමට
සීතලක් ශේෂ වුන
අනන්ත වසරකට පෙර
ශක්ති පුංජය නියාම ධර්ම පිළිපැද
විශ්වයට දියවෙලා ගිය පසුව
ඇය
දූලි අංශුවකට වුව
දරා ගත හැකි බව
අකාලික විරහවක මහ බර
පසක් කරනු වස් දිනක
ඉළ ඇට තුළ පවා ගිලුණ
වේදනාවක මිහිරි සංඛ්‍යාත
දරා ඉවසා ගත්තීය ඇය
බිහි කරනු පිණිස මව් ස්නේහය විශ්වයට
තරුවකට ලබා දී උපත
එදා සිට දුක් දරන්නීය ඇය
බිහිකරන්නීය තරු
වෙළබකගේ වෙස් ගෙන
විදින්නිය ඇය
ප්‍රේමයේ පුරාතණ
වෙන්ව ගිය ප්‍රේමයක උණුහුම!
ලස්සන කවි පෙලක්.
ReplyDeleteජය වේවා!
තැන්ක්යූ කසුන් ^_^
Deleteමේක ගති ඈ.
ReplyDeleteතැන්ක්යූ දිනේෂ් අයියේ 😃
Delete