සිනාසෙන ඒ හඬ ඇසෙනවද


කසුප් නිරිඳුන් පපුමත
චන්ද්‍ර කිරණක්ව දැවුන
තුංග අතීත හෙවනැලි'තර
මන්ද්‍ර වේගයෙන් ඇවිදිමි

බූදල් අතහරිමි
සියල්ලම නුඹ පමණි
සිහගිරිය පා මුලදි
පස් පිඬක් මෙන් ඇද වැටෙමි


මුකුරු බිතු විනිවිද
අතාත්වික නුඹ දැක ගනිමි
අතීතය බඹර වෙස් ගෙන
හිතේ වද බැඳ ඇතිද විමසමි


නටඹුන්ව ගිය නුත්‍ය ශාලා
රජ සභා මැද කෝළ ලීලා
එකදු ගල් කැටයකට හෝ අද
මතක ඇද්දයි විචාළමි
පිළිතුරක් දෙන තුරු ඉවසමි


අප්සරාවක් දමා ගිය එක
කොණ්ඩ කටුවක උල්ම කෙළවර
මුකුරු බිතු මත සෙමින් තෙරපා
නුඹ ගැනත් මම කවක් ලීවෙමි


කිසිත් කියවිය නොහැකි තරමට
දූලි වෙස් ගෙන පැරණි පෘතුවක්
කවිය සඟවා මුකුරු බිතු මත
සිනාසෙන ඒ හඬ ඇසෙනවද

Comments