ප්‍රේමයද තෝරලා දෙනවාද


රේඛීය පථයකට සීරුවට
දෑස් එක්කන් එන හිනාවක
පිරිමි ඇස් මේ තරම් දරුණුද
ගෑනු හිත් පුච්චනා තරමට

මම නුඹේ හදවතට පායාපු
කීවෙනි පුරහඳ ද කියනවද
අමාවක දාට පහු වෙනිදාට
නව සඳක් සොයාගෙන යනවාද


පිරිමි ඇස් වලින් වැසි වැටෙන එක
ගෑනු හිත් වැහි දියෙන් තෙමෙන එක
නුඹ මගේ යැයි හිතට දැනෙන එක
ප්‍රේමයද තෝරලා දෙනවාද

Comments

  1. ප්‍රේමයද කියන එක තමයි ප්‍රශ්ණේ ඉතින්.

    ReplyDelete
  2. වැහිවලට තෙමි තෙමී හඬන එක
    හඬ හඬා ආයෙමත් තෙමෙන එක

    ReplyDelete
  3. හැමෝටම ගොඩාරියක් ස්තූතියි ^_^

    ReplyDelete

Post a Comment

Popular Posts