ප්‍රේමයම ප්‍රේමයේ වර්ණගෙන


කන්කෙඳිරි ගාන වැල් ඇඳ උඩ
වල් වැදුනු මල් පිපෙන ගස් දෙකකි
තාම මල් පිපෙන මුත් අතු අගිසි වල
කඳ දිරාගොස් ඇත, මහළුව!


"ජීවිතෙන් බාගයක් නුඹ ලඟ
කොළ හලපු මල් වරපු,
නුඹ නමින් ඵල දරපු මට,
දැන් මහ ගොඩක් හති!"


වෙව්ලනා කටහඬින් සෙමින්
ප්‍රේමයම වැස්සක්ව ඇදහැලෙයි
වැල් ඇඳේ ගස් දෙකක් සෙමින්
සතිය හුස්මකට ගුලි කරයි


"කාලයක් ගත වෙලා ඉක්මනින්
වගක් නෑ සුන්දරී මට නම්
තාම නුඹෙ ඇස් අස්සේ දිස්නෙට
පේන්නෙත් දැනෙන්නෙත් මාවයි"


ගස් දෙකම
මොළවනු පිණිස ලිප
එකින් එක තුරු පත් හෙලයි!


ප්‍රේමයම ප්‍රේමයේ වර්ණගෙන
ක්‍රිම්සන් ගිනි දළු මැදින් අවදිවෙයි!!

Comments

  1. ප්‍රේමයම ප්‍රේමයේ වර්ණ ගෙන... කන්කෙඳිරි ගාන තනි ඇඳක අතක් හා මුසුව... රැළි නඟයි අපේ නං ජීවිත වල

    ReplyDelete
    Replies
    1. ඉකමනින් ප්‍රේමයම තැවරුණ
      වළලු හඬක් හා මුසුව ඇඳේ කෙඳිරිල්ල
      නිවාඩු ලැබේවායි පතන්නෙමි තනි අතට

      උඩුවාගේ ඈ :p

      Delete
    2. ඔන්න ඔය උඩුවාව අල්ල ගන්න බස්සි..මං නෑ :p

      Delete

Post a Comment

Popular Posts