අමාගේ කුකරි එක්ස්ප්‍රේමන්ට්ස්


අමාගේ හීන සාප්පුවේ කෑම උයන්නයි ඔන්න අමාගේ සූදානම..."අපෝ අමා කියන කෑම කාලා කන්තෝරුවේ පදිංචි වෙන්න වෙයි" , "අඩෝ අපිව මරන්නද හදන්නේ" වගේ දේවල් වලින් බෝම්බ ගහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේක ලංකාවේ තුනපහ එව්වා මෙව්වා දාලා හදන කෑමක් නෙමෙයි..මේක පිටරට කෑමක්...දැන් හිතනවා ඇති මේ හදන්න කියලා දෙන නස්පැත්තිය මොකක්ද කියලා...ඒකේ නම "අර්තාපල් පෑන්කේක්" නැත්නම් ,
"පොටැටෝ පෑන්කේක්"


අවශ්‍ය ද්‍රව්‍ය-


*අර්තාපල් ග්‍රෑම් 500ක්
*උතුරුවාගත් කිරි මේස හැඳි 4ක්
*පාන් පිටි මේස හැඳි 4ක්
*බිත්තර 3ක්
*බිත්තර සුදුමද 4ක්
*ඩබල් ක්‍රීම් මේස හැඳි 4ක් (බය වෙන්න එපා කඩේ ගන්න තියෙනවා)
*ලුනු සහ ගම්මිරිස්
*බදින්න එළවලු තෙල්
*සරසන්න පාර්ස්ලි කොළ


මෙන්න හදන හැටි-


අල පොතු එක්කම හොඳින් මෘදු වෙනකන් තම්බා ගන්න..පසුව එහි පොතු ඉවත් කර හොඳින් පොඩි කරගන්න..පසුව එයට උණුකරගත් කිරි එකතු කර බීට් කර සිසිල් වීමට ඉඩහරින්න..
එම මිශ්‍රනයට පාන් පිටි මුහුකර ගන්න...
පසුව ලී හැන්ඳක් යොදාගෙන පාන් පිටි වලට මුලින්ම බිත්තරද පසුව බිත්තර සුදු මද ද ඩබල් ක්‍රීම්ද එකතු කර බීට් කරගන්න..එයට ලුනු ස්වල්පයක් සහ අවශ්‍ය තරමට ගම්මිරිස් දාන්න(මේක සැර කෑමක් නෙමෙයි...පුළුවන් නම් සුදු ගම්මිරිස් දාන්න)....එය මුදු වන තුරු එය සිදු කළ යුතුය..අපිට අවශ්‍ය  ඝනකම එනතුරු(ක්‍රීම් එකක් වගේ) බීට් කළ යුතුය..
පසුව ලිප දල්වා සාස්පානකට තෙල් රත් කරගන්න...පසුව සාස්පාන මතට සාදාගත් බැටරයෙන් මේස හැඳි 2ක් දමා තුනී කරගන්න..විනාඩි 2ක් පමණ රන්වන්පාට වන තුරු පිසගන්න...
පසුව මෙලෙස පෑන් කේක් සාදාගෙන රස විදින්න..රස මටත් කියන්න <3

Comments

  1. ඔහොම බෑ. ෆොටෝ එක්ක දාන්න කෑම පෝස්ටු ලියද්දි. එතකොටයි කස්ටිය ඇදිලා එන්නෙ.

    ReplyDelete
  2. ෆොටෝවක් නැති අඩුපාඩුව නම් දැනුනා තමයි.

    ReplyDelete
  3. අඩේ පෑන් කේක් එක විස වෙලාද මේ යෝධයා ආගි අතක් නෑ

    ReplyDelete
    Replies
    1. විස නෑ කිඹුලියේ..කාලා බලන්න..මැරෙන එකක් නම් නෑ ඈ :p

      Delete
  4. පොටෝ දාන්න මමත් කැමතියි :(
    ඒත් මම ෆෝන් එකෙන් බ්ලොග් එක ලියන නිසා ඒක කරන්න ටිකක් අමාරුයි

    ReplyDelete

Post a Comment

Popular Posts