ප්‍රේමයක් වී නම්


මේ හමා එන සුලඟ,
වරා මල් පිණිසය.
තමා ඇතිදැඩි කරපු
 විසල් අතු අතහරිනු පිණිසය.


හිස්තැනක එකත්පස්
 ප්‍රේමයක් ගැන ලියා අවසන,
නැවතීම තබන්නට,
දිරිය දෙනු පිණිසය,


මේ හමා එන සුලඟ
 මත් වීම පිණිසය,
දවා අළු කල සුසුම්
 වෙරි කරනු පිණිසය.


මේ හමා එන සුලඟ
 අත්හැරීම පිණිසය
 වළාවක් පුපුරවා
 වැසි මවනු පිණිසය..


නිහාරික දූලි වුව
 දිනෙක තරු වෙයි සොඳුර
 අතැර ගිය පසු දිනෙක
 අතු කැබලි වුව
 දළු දමා තිබිය හැක


ප්‍රේමයක් වී නම් ලොව
 අත්හැරීම පිණිසය!!

Comments


  1. මේ හමා එන සුලඟ,
    වරා මල් පිණිසය.
    තමා ඇතිදැඩි කරපු
    විසල් අතු අතහරිනු පිණිසය.

    Really nice ama....!

    ReplyDelete
  2. ඇත්තටම පට්ටයි.. වරා අතු විසල් කියල කියන්නත් බැරි වුණත් මලට සාපේක්ෂව විසල් නෙවයෙවේවා

    ReplyDelete

Post a Comment

Popular Posts