ප්‍රේමයට මේ තරම්

තලෙළු පැහැ තිරිවාන පතුරක
 පොසිලගත ප්‍රේමයක සළකුණ
 ගඟක ඉවුරක අතරමං කර
 දිය බිඳිති ගලා යයි මුහුදට


මුහුද මද කිපුණ රළ ගෙඩි'තර
 සිප්පි කටු කවඩි හක්ගෙඩි වල
 ප්‍රේමයේ ලවණ රස හදවත
 ගොඩ සුලඟේ සුසුම් තවරා ඇත


මට ඇසෙයි සුලඟ කොඳුරන හඬ
 වැටකෙයියා ගාල් ලඟ නැවතුන
 ප්‍රේමයට මේ තරම් ඝනකම
 හෙවනැලිව තනි වෙන්න ඇහැකිද

Comments

  1. ලස්සනයි අමා.. ඔයගෙ කවි කියවන්න ආස හිතෙනව.

    ReplyDelete
  2. ප්‍රේමය ඉතින් ඔහොම තමයි බං.

    ReplyDelete
  3. හම්මියෝ... පිස්සු කොර යකෝ

    ReplyDelete

Post a Comment