"ඉතා කෙටි කලබල සිහින" අමා එක්ක කියවමු..
දෙසැම්බර් දොළොස්වෙනිදා යනු හිම වැටෙනු ඇතැයි කියා හිතෙන තරමට හීතල දිනයක්ය..උත්තර ධ්‍රැවයෙන් හමාගෙන එන සුළඟක පැටලුන මේපල් පත් මහවැලි කේන්ද්‍රයට ගහගෙන ආපු ෆ්‍රීසරිය සිහිනමය දවසක්ය...
ඒ බසු හීන ඉතා කෙටියෙන් කළබලයෙන් පොතක් ඇතුළෙ හුස්ම ගත්ත දවස..සැබැවින්ම ඒ බස්සිගේ හීන ගුවන් ගත වුනු බස්සිගේ දවස..
"බස්සි" යැයි කියු සැනින් මතකයට එන්නේ අඳුරු අත්තටු ඇති ඔරවගෙන ඉන්න අහංකාර පක්ෂියෙක් වූවත් මට සිහියට එන්නේ "බස්සිගේ නවාතැනේ" සාඩම්බරකාර හිමිකාරිය වන යශෝධා සම්මානි ය..සැබවින්ම ඇය කවි ලියන සයිබර් බස්සියක් බව පැවසුවද වැරැද්දක් නැතිය...ඇයගේ කුළුදුල් කවි පොතේ පියාසැරියට ඇය හා සතුට බෙදා ගැනීමට මහවැලි කේන්ද්‍රයට මමත් ගියෙමි..ඒ සියුම් චකිතයක්ද සමඟ බව සටහන් නොකෙරුවා නම් එය අඩුවකි...බස්සිගේ කුළුදුල් කවි පොත මෙන්ම මගේද "කවි ලියන්නෙක්" ලෙස සමාජයට මුහුවුන මංගල අවස්ථාව මෙය වීම එයට හේතුවය ..
එත් මහවැලියට හීන දකින්නට ගිය පළමු මොහොතේම බස්සිගේ සුහද පිළිගැනීම එක්ක චකිතය අතුරුදන් වී ගියේ ඉබේමය..
මේ වටපිටාව හදාගෙන පැමිණියේ "ඉතා කෙටි කළබල සිහින" ගැන කතා කිරීමටය...බස්සිව කියවන්න හොදම පොට සපයන්නේ ඇගේ කවි බව ඇයව කියවන ඕනෑම කෙනෙක්ට වැටහෙන සත්‍යයකි...මම ඇයව ඇගේ පොත තුළින් මගේම නිර්වචන ඔස්සේ කියවා බලන්නට කැමැත්තෙමි...
නිසැකවම ඇය සල්ෆියුරික් ගැලුමක් බව පැවසිය යුතුය..ඇය සමාජ තතු මතට ඇගේ බසු පරිකල්පනය යොදා ඒ හැමදෙයක්ම ඉතා මිහිරි කවි බවට වියෝජනය කරයි..
"මේ ජීවිතේ මොකටද!
ස්වර කෑලි ඇනිලාම තටු හීරෙන
මටත් ඕනෑ සන්නාහක පළඳින්න"
ඇයගේ කවි මුහත්ය..සරලය..නමුත් ව්‍යංගය අපිට දැනෙන ලෙස ගත හැකිය....මෙවැනි කවි උපදවන්නියන් මා දන්නේ අතළොස්සකි...බස්සි ඒ අතරින්ද දක්ෂියෙකි...
බයෝ පොත් වල නිදිකිරා වැටෙන බයෝ ඉගෙන ගන්නා ළමයින් විතරක්ම දන්න "වචන" ඇය කවි වල නිධන්ගත කරයි...ඒ ඇගේ හැටිය...ඒ ඇය බස හසුරුවන ඇගේම විදිහ...ඒ වචන ඇය යොදන්නේ හිතාමතාම බව දනිමි..ඒ වචන නිරන්තරයෙන් රස මවයි...
"බෙන්සීන් හාදු දෙයි ෆීනෝල් දැරියකට
මේ රෝස සුවඳක් ගෙනාවේ එස්ටරද?"
ඇයගේ කවි අතිශයින්ම දේශපාලනික වේ...ඇය ෆැන්ටසිය තුළින් රියලටියේ රස්නය දැනෙන්ට සලස්වනු මිස එක එල්ලේ ඊතල විදීමට එතරම් කැමැත්තක් නැති හැඩය..එය මාද දැඩිව අදහන්නකි...ඇය සැබවිම කිවිඳියක් වන්නේ ඒ නිසාය..ඇය සෘතු වෙනස් වෙන අපරදිගට තම කවි වැසි පතිත කරන අතරම ලංකාවේ චන්දරේලාගේ දා සුවඳටද කවි පොද වැසි අතහරියි...
"නුගේගොඩ හන්දියේ-මද්දහන් ගින්දරේ,
සිහින මල් පිපෙනවද චන්දරේ"
බස්සිගේ හැම කවියක්ම විශේෂය...ඒ අතර සමහරක් වචන ඇයගේම නිර්මාණය..ඇය තම කවි වල හැඩතලයන් ඇයට රිසි පරිදි වෙනස් කරයි...මම කොතෙක් කවි කියවා තිබුනද බස්සිගේ මෙන් "අකුණු කවි" කියවා නොතිබුණ බවට විශ්වාසය..බස්සි ඇපලෝ මෙන් නොව අකුණු අතහරින්නේ හිතටය...ඉතින් අපි අළු වෙලා නොයිද කොහොමද..ප්‍රේමය ඇයට අසුවී ඇත්තේ එවන් අකුණුමය වළාවකින්ය..ගොර හඬ පසුව අනුනාදවනු පිණිස ඇය කවි ලියා ඇත..
"දැන් තරුණ වස්දඬුවකිය ඒ බට පඳුර
නොකිව්වට මම , දන්නවනෙ අපි මහළු බව
අපිම විතරක් දන්න-ඒ සොඳුරු පෙම් පුවත
එයාටත් ඇහේවිද?"
අපිට නැවත තොටගමුවේ රාහුල හිමි නමක් අවැසි නැත...උන්වහන්සේ හා සම වීමටද කිසිවෙකුට හැකි වෙයි යැයි සිතීමටද නොහැකිය...කවියට අවැසි නව මානයන් සොයා යන කවි ගවේශකයන්ය...එසේ ගවේශනයේදි කවිය උස්මහත් කර දැඩි කළ හැකි කවියෝ බිහිවෙනු ඇත...සැබවින්ම ඇවසි වන්නේ "තමන්ගේ ලකුණ" සුරැකිය හැකි කවීන්ය...බස්සිද පා තබා ඇත්තේ ඒ කටුක මුත් සුන්දර ගමනට වීම මගේ හිතටද සතුටක්ය..
ඉතින් බස්සි කවි පොතකින් නවතිනවාට මගේ නම් සතුටක් නැත..."බස්සිගේ නවාතැනේ" අරුම පුදුම කෙටිම කෙටි කතාද පොතක් ලෙස එළිදැක්වීමට යෝජනා කරමි...
කවියෙ නව මාවතක් සොයාගෙන අලුත් යමක් ලබා දෙන්න බස්සිට ශක්තිය ලැබේවායි පතමි..

ස්තුතියි.. ඔබ හොදින් කියවා ඇති හැඩයි..
ReplyDeleteඇත්තටම!!
Deleteතවම පොත දැක්කෙවත් නෑ. එදා එන්නත් බැරි උනා. කොහොමහරි කියවන්න ඕනෙ.
ReplyDeleteකොහොමහරි කියවන්න ඕනෙ. :)
ReplyDeleteඑදා හිටියද?
ReplyDeleteඔව් අනිවා හොයන් කියවන්න :)
ReplyDeleteඔව් මම ඇවිත් හිටියේ..කුර්තා එකක් ඇදගෙන පරඩැලක් වගේ...කණ්ණාඩිත් දාගෙන හිටියා :3
නිතරම කන්නාඩි දෙක පිහදදා උන්නේ අමාද එතකොට… :-o
Deleteමම කණණාඩි දෙක පිහදදා හිටියා කියලා මතකයක් නෑ නෙහ් මට..හී හී 😋
Deleteඅර උඩ කිව් විස්තර හරිනං මම කිව් කතාවත් හරියටම හරි… :-D
ReplyDeleteඉතින් බුද්ධිකවත් මම දකින්නත් ඇති එහෙනම් :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමම ඉඳියේ චුට්ටක් පිටිපස්සේ… දකින්න නැතුව ඇති මම හිතන්නේ… හැබැයි ඉතින් දුටු ලකුණු වලින් මාවනං හඳුනගන්නත් තිබුනා… කිව් ලකුණු වලින් ඔබව හඳුනාගන්න ගියානං… ඉතා කලබලයක් වෙන්නත් තිබුනා… :-D
ReplyDeleteහී හී එහෙම නොවෙන්නත් තිබුනා
Deleteමුං කියවලත් ඉවරයි. අපේ පොත් තාම මග.
ReplyDeleteඅයියූ තාම මඟද...අපි දෙපාරක් කියවලා ඉවරයි 😃😃
Deleteමාත් ඇවිල්ල උන්නා....අමා මාව අඳුනනවයි ?????
ReplyDeleteමාත් ඇවිල්ල උන්නා....අමා මාව අඳුනනවයි ?????
ReplyDeleteඇවිත් හිටියා නම් මම දකින්නත් ඇති :)
Delete