විප්ලවය
"ඔයාට මිනිස්සුන්ව දැනෙන්නේ තේරෙන්නේ නැත්නම් ඔය කරන විප්ලවයෙන් ඇති වැඩක් තියෙනවද?"
ඇස් පුළුවන් තරම් ලොකු කරලා නළල රැළි කරලා දුර්ගා වචන අමුණමින් හිටියා...සරත් හිටියේ බිම වැටිච්ච රොබරෝසියා මල් කළු පාට බාටා සෙරෙප්පුවෙන් පාගන ගමන්...
"විප්ලවයට අපි අපේ හැඟීම් කැප කරන්න ඔනි දුර්ගා...ඔයාට නොතේරුනාට මම මගේ හැමදෙයක්ම කැප කරන්න ලෑස්ති"
"මේ මාවත් කැප කරනවාද?"
සරත් එයාගේ ඝනට වැඩිච්ච රැවුල් කොට අස්සෙන් හෙමින් වම් අතේ වමට බර දබරගිල්ල අරන් ගියා...දුර්ගා බලන් හිටියේ සරත් උත්තර දෙනකන්...ඒ වෙලාවේ තෙත හීතල සුලඟක් ඇවිත් තව රොබරෝසියා මල් දාහක් විතර මහ පොළවට අතහැරියා...සරත් දුර්ගාගේ ඇස් වල ගිනි දැල් දැක්කේ ඒ වෙලාවේ...හීතල වෙලාවට හොස්ටල් එකේ කොල්ලො එක්ක සිගරට් එකක් බොන කොට පත්තු කරන ලයිටරෙන් ඉපදෙන මැරෙන ගිනි දැල් වගේ දුර්ගාගේ ඇස් දිළිසෙනවා...ඇස් වලින් යමාමහ පෙළහැර පානවා වගේ එකම වෙලාවේ කඳුළුයි එකම වෙලාවේ ගින්දරයි දුරගා ගේ ඇස් පිට කරනවා...
"කැපකරන හැමදේම කියන කුළකයේ ඔයා ඉන්නවා කියලා හිතන්න මම කැමති නෑ දුර්ගා"
කඳුළු පෝළිම් දහයක් දුර්ගාගේ ඇස් වලින් කාන්දු වුනාට පස්සේ සරත් අමාරුවෙන් වචන ගැට ගහ ගත්තා..
"ඒක හිත හැදෙන උත්තරයක් නෙමෙයි සරත්...හැමදේම ඉවර වෙනවා වගේ දැනෙනවා මට...මම දන්නවා ඔයා මට ආදරේ විත්තිය..ඒත් මට වඩා ඔයා විප්ලයවට ආදරෙයි..."
දුර්ගා කඳුළු පිහදා ගත්තේ සරත්ගේ කමිස කොණකින්..
"කමිසය හෝදලා නෑ නේද? හරිම හඩු ගඳයි..."
"දවස් තුනකින් මූණවත් සෝදලා නෑ..ඊයේ එළිවෙනකන් පෝස්ටර් ඇන්ඳා..අනිද්දට අපි පෙළපාලියක් යන්න හිතාගෙන ඉන්නේ"
"එහෙනම් අදත් නාන්න එපා...එදාට පොලිස් මාමලා නාවලා එවාවි"
දුර්ගා හිනා වෙලා සරත්ගේ වම් උරහිසට බර වුනා...සරත්ට දැනුනේ මුළු සංසාරෙම ඒ උරහිසට දුර්ගා බර වෙලා හිටියා වගේ හැඟීමක්...සරත් එයාගේ ඔළුව වමට බර කරලා දුර්ගාගේ ඔළුව උඩින් හාන්සි කළා...
"ඔයා කාලද ඉන්නේ?"
"නෑ..උදේ කහට එකක් බිව්වා"
දුර්ගා එයාගේ බෑග් එකෙන් උඳු වඩයක් අරගෙන සරත්ගේ දකුණු අත උඩින් තිබ්බා...සරත් උඳු වඩය හෙමින් කෑළ්ළෙන් කෑළ්ළ දත් වලින් කඩාගෙන හපන්න ගත්තා...සරත් හපන සද්දේ උරහිසෙන් දුර්ගාට ඇහුනේ "බරස් බරස්" ගානවා වගේ..දුර්ගා උරහිසෙන් ඈත් වෙලා ළා රෝස පාර රොබරෝසියා මලක් සරත්ට පෑගෙන තැනකින් අතහැරියා...
දුර්ගා දැක්කා සරත්ගේ රැවුල් ගස් වල ඉතිරි වෙලා එල්ලිලා ඉන්න උඳු වඩේ කෑළි දෙකක්...දුර්ගා ඒ දිහා බලලා හිනා වුනා..
"අපි කසාද බඳිමු"
"මට බෑ..ඔයා හොදටම දන්නවා දුර්ගා..ඒක වෙන දෙයක් නෙමෙයි කියලා...මට රට වෙනුවෙන් සමාජේ වෙනුවෙන් යුතුකමක් ඉතිරි වෙලා තියෙනවා...කසාදය ,ළමයි වගේ දේවල් ගැන මට හිතන්න බලකරන්න එපා"
දුර්ගා ඈත පේන දුර්ගයක හැප්පිලා අයාලේ ගහගෙන යන්න හුස්මක් අතහැරියා...හැමදේම තියෙන්නේ අතහරින්න..මොනවාම හරි අල්ල ගත්තොත් ඒ අල්ල ගන්න ඔනි අතහරින්න බලාගෙන...
දුර්ගාට දැනුනේ සරත් ලඟ එයා මුල් ඇදලා පැළ වුනා වගේ හැඟීමක්...එයාට සරත්ව අතහැරලා යන්න ඔනි වුනත් එහෙම කරන්න බැරිකමක්...ආදරේ කියන්නේ එහෙම දෙයක් තමා..ගැලවෙන්න අමාරුයි..කොහොල්ලෑ වගේ හැමතැනම ඇලෙනවා..
"ඔයාගේ දේශපාලනයට හැඟීම් නෑ"
"ආදරේ කියන්නෙත් එක්තරා දේශපාලනික සංසිද්ධියක් දුර්ගා...ඔයාට ඒක තේරුම් ගන්නම වෙනවා..."
"මට තේරුම් ගන්න ඔනි නෑ සරත්...මට තේරෙන එකම දේ විප්ලවයක් කියන්නේ මිනිස්සුන්ගේ හැඟිම් එක්ක කරන මාරාන්තික සටනක් කියන එක...පපුවට පිස්තෝලේ තියලා ඔළුවට පොල්ලෙන් ගහනවා වගේ දෙයක් නෙමෙයි...විප්ලවය වෙනම මිනිස්සු වෙනම තියෙන තාක්කල් ඔයාලා පරාජිතයි...ඔයාට මාව අතහරිනවද අල්ලගෙන ඉන්නවද කියලා කෙලින් තීරනයක් ගන්න බැරි නම් විප්ලවය ගැන තීරන ගන්නේ කොහොමද?ඔයත් රූකඩක් වගේ සරත්...තමන්ට තමන්වවත් අඳුන ගන්න බැරි හිස් චරිතයක්...ඔයාවත් හරියට දන්නේ නැති අදිසි දේශපාලන බල මූලවල අතකොලුවක් වෙලා විප්ලවය...ඔයාලා හැමෝම සාම්ප්‍රදායික විප්ලවයක් බලාපොරොත්තු වෙන්නේ..ඇයි ඔයාලට චේ ගෙන් පස්සේ ඉස්සරහට හිතන්න බැරි..ඔයලා චේ මතම යැපෙන පරපෝශිත බලු මැක්කෝ වගේ..."
අන්තිම වචන ටික පිට වෙනකොට දුර්ගා යාන්තම් ඉකිගහන සද්දයක් ඇහුනා...සරත් හිටියේ බය වෙලා දුර්ගා දිහා බලාගෙන..
"ඇරිස්ටෝටල් ප්ලේටෝ ඉඳන් අයිසැක් නිවුටන් වෙනකන් ඔයාට පුළුවන් තර්ක කරන්න..ඔයාට පුළුවන් ප්‍රොයිඩ්ව නැත්නම් නීට්ශේව අපි දෙන්නා මැද්දෙන් ගෙනත් තියලා මාව පැරදෙන්න තර්ක කරන්න...ඔයාලා හැමදාම කලේ පතරංග පොත් වලින් දාර්ශනිකයෝ කුලියට ගන්න එක..ඔය මිනිස්සුන්ගේ දැනුම විප්ලවයට ගන්න හැටි ගැන ඔයාලට දැනීමක් නෑ..."
"ඔයා හරි ඇති දුර්ගා...ඒත් ඔයා කියන්නේ කැම්පස් එකෙන් ඩිග්‍රිය අරගෙන රස්සාවක් හොයාගෙන පස්සේ කසාද බැඳලා දරුවෝ හදලා විප්ලව කරන්න කියලාද? "
" නෑ...මම කියන්නේ කරන දේ හරියට කරන්න..විප්ලවය කියන්නේ මෙට්‍රින් ටොන් ලක්ෂ ගානක් බර වචන අහිංසක මිනිස්සුන්ගේ ඔළුව උඩට අතහැරලා චප්ප වෙලා යන්න දෙන එකත් නෙමෙයි කියන එක මතක තියා ගන්න"
සරත් හුස්මක් අරගෙන කඩින්කඩ පිට කළා...සරත්ට කතා කරන්න ඔනි වුනත් දුර්ගාගේ වචන එක්ක එයාගේ හිතට ආපු වචන විහිලුවක් වෙයි කියලා හිතුන නිසා නිහඬ වුනා...
"මේ දුරුතු මාසේ...හීතලයි...මේ වගේ කාලෙකට කෙල්ලෙක්ට ඔනි තර්ක කරකර ඉන්න නෙමෙයි කොල්ලත් එක්ක...ගිනි රස්නේ කහට උගුරක් බොන ගමන් ලැබෙන්න හිතලවත් නැති දරුවන්ට නම් දාන්න...කොල්ලගේ පපුවේ නළල අතුල්ලලා උණුහුම් වෙන්න...විප්ලවයක් කරන්න හිතෙනවා මටත්..ඔයාට කෙල්ලෙක්ගේ හිතේ තියෙන මඬ වලවල් වල මල් පූදවන හැටි කියලා දෙන්න"
"හ්ම්ම්..."
සරත් දුර්ගාව බලෙන්ම වගේ වම් උරහිසට තද කර ගත්තා...දාඩියෙන් පෙඟිලා තිබ්බ කමිසයේ වම් පැත්ත ලුණු රස කඳුළු වලිනුත් තෙමෙන්න පටන් අරගෙන තිබුනා..

අපූරුයි.විප්ලවය ඇතුළෙ අතරමං වෙච්ච තරුණියක් ගැන කියවෙන යශෝධා සම්මානිගෙ රතු හැට්ටකාරි කවිය මතක් වුණා.
ReplyDeleteගොඩක් ස්තූතියි වැසි දැරිය..හීන සාප්පුවට පිළිගන්නවා :)
Deleteසුභ නව වසරක් වේවා.............
ReplyDeleteජයවේවා
විප්ලවය අතරේ හුඟක් දෙනෙක් දන්නෙම නැතුව අතරමං වෙනවා බං.
ReplyDeleteකතාව ලස්සනයි.
සුබ නව වසරක්.
ගොඩක් අය විප්ලවය අල්ලගන්නේ වැරදි තැනකින් අයියේ..
ReplyDeleteහැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!
ගොඩක් හොද සමාජ අර්තකතනයක් දෙන්න උත්සහ කිරීම ගැන සතුටුයි.
ReplyDelete