මෝනාලිසාගේ පුංචි නංගිට

මෝසමක අතරමං වළාකුළු,
සොයා ගනු බැරිව දෙමාපිය ලකුණු,
හොවාගෙන හිස කුළක,
කඳුළු එක දෙක මුදාහැර ඇත..


ඒ වැටෙන හීතලම දුක් කඳුළු,
වඩාගෙන තණ මලකි සිනහසෙන,
කතාවක් බහක් නැති තුරු පෙළකි,
ගොඩ සරඹ වරද්දා පුහුණු වෙන..


මහ පොළව ඔරවගෙන අහසට,
බොර කරන් ඇස් පුරවගෙන හීන,
 "ආදරේ කිව්වාට මදිය,
හාද්දක් දුන්නොතින් නරකද" විමසන..


මෝසම් සමයක් කියන්නෙම
 හිනා වෙන, ඔරවන,ඔහේ බලාන ඉන්න,
මෝනාලිසාගේ පුංචි නංගිට!!

Comments