A/L රිසාල්ස්
හැමෝම හිටියේ මැරිලා..පොල් ගස් පවා බිම වැතිරිලා...මම හිටියෙත් හොඳටම තෙමිලා...මම අමාරුවෙන් නැගිටලා බිම වැටිච්ච පොල් කොටයක් උඩින් වාඩිවුනා...මුළු කටම එකම ලුණු රසයි...ආයිමත් කවදාවත් වෙන රසක් දැනෙන එකක් නෑ කියලා හිතෙන තරම ලුණු රසයි...ඇස් කෙවිනි වල ලුණු මිදිලා තිබ්බා...
මම මුහුද දිහා බලනකොට ආයිමත් මුහුද පුරුදු විදිහට වෙරළ ලඟින් හැරිලා යනවා...ඉර එළියට වැලි දිලිසෙනවා...මේ තම්බපන්නියද මන්දා කියලා හිතෙන තරමට තඹ පාටයි..ලස්සනයි..ඒත් එහෙම ලස්සනට තිබ්බේ වෙරළ විතරයි...අනිත් හැමතැනම තිබ්බේ ටකරන් කෑළි, ගඩොල් කෑළි තව එක එක දේවල්..හැමදේම විනාස වෙලා ගිහින්....එක පාරට ආපු සුළි සුලඟක් වගේ...අහස මෙච්චර පැහැදිලිව තියෙද්දි මොන සුළි සුළංද...මටත් පිස්සු...
මගේ වම් කකුළ හොඳටම තුවාල වෙලා..එතන හිරිවැටිලා හොඳටම...කකුළ හොලව ගන්නත් අමාරුයි...මම කකුළ අත් දෙකෙන්ම මිරිකුවා...අම්මා කියන්නේ එහෙම මිරිකුවාම හිරි ගතිය නැති වෙලා යනවා කියලා..කෝ දැන් අම්මා..එයා හිටියේ මාත් එක්කමයි නේද කියලා මතක් වෙන කොට හිරි ගතියත් නැත්තටම නැති වුනා...අත් දෙකේම ලේ..මම අත් දෙක ගවුමෙන් පිහදා ගත්තා..
මම අමාරුවෙන් හරි නැගිට්ටා...හැමතැනම මළකඳන් පොල් කඳන් විතරයි...මම හෙමින් හෙමින් ඉස්සරහට යන ගමන් කෑ ගැහුවා..කෑ ගහන සද්දේ ඈතට ඈතට ගිහින් නැත්තටම නැති වෙලා ගියා..ටිකක් දුර යන කොට තමා හම්බ වුනේ පල්ලිය පැත්තට යන මාර්තා නැන්දව...
"දුවේ..සන්තානන් මෑණියන්ගේ පිහිටෙන් උඹ ඉන්නවා එහෙනම්..කෝ බන් අම්මා..හහ්..අම්මාව පස්සේ හොයාගමු..මුලින්ම වරෙන් මාත් එක්ක පල්ලියට යන්න"
"මොකක්ද නැන්දේ වුනේ?අම්මා පල්ල්ලියේද?"
මාර්තා නැන්දා මුකුත් නොකියම පල්ලිය පැත්තට ගියා..මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ..නැන්දා පස්සෙන් යනවා මිස..පල්ලියේ හැමතැනම මිනිස්සු හිටියා..දෙවියන්වහන්සේටවත් ඉඩක් නැති තරමට මිනිස්සු..මමයි මාර්තා නැන්දයි අල්තාරේ ලඟ ඉඳ ගත්තා...මාර්තා නැන්දා අඬනවා..මම එයා දිහා බලාගෙන හිටියා..
"මේක නම් සාතන්ගේ වැඩක්...අනේ දෙවියනේ අපිව මේ පරික්ෂාවෙන් ගලවා දෙන්න"
කවුද ගෑනු කෙනෙක් ලතෝනි දෙනවා...කවුරුත්ම වෙච්ච දෙයක් දන්නේ නෑ..ඒත් මොකක් හරි වෙලා තිබ්බා..සාතන් හරි වෙන කෙනෙක් හරි මොනවා හරි කරලා තිබ්බා..ටික වෙලාවකින් පස්සේ එක පාරටම පල්ලියේ වහලේ හෙල්ලෙන්න තරම් සද්දෙට අදෝනාවක් ඇහුනා...ඒ අපි නම දන්නේ නැති ගෑනු කෙනෙක්..එයාගේ දුවගේ මිනිය පල්ලියට ගෙනත් තිබ්බා...හැමෝම වගේ ඇඬුවා...මම හිටියේ බයවෙලා බලාගෙන..
මට බය වෙන්න ගොඩක් කාරනා තිබ්බා...ඒත් මට අඬන්න කාරනාවක් හොයාගන්න අමාරු වුනා...මට මතක් වුනේ අම්මාව...ටිකෙන් ටික වෙලාව ගත වෙලා යනකොට පල්ලියෙන් බාගයකම මිනිස්සු කවුරුම හරි මරිච්ච එකට අඬාගෙන හිටියේ..අම්මත් මැරිලාද දන්නේ නෑ කියලත් හිතුනා...එහෙම හිතන කොට ලෝවාමහපායෙන් කවුරු හරි තල්ලු කරනවා වගේ දැනුනා..මම අල්තාරෙ ලඟ මාර්තා නැන්දා අඬන දිහා බලාගෙන හිටියා..එක දිගට මෙහෙම අඬන්න පුළුවන්ද මිනිස්සුන්ට..බැරි වෙන්න විදිහක් නෑ..දන් හැමෝම අඬනවා නවත්තනේ නැතිවම...
"අන්න රිසාල්ස් අවුට් කරලා...මේ කළබල අස්සේ මුන්ට පිස්සුද මෙහෙම රිසාල්ස් අවුට් කරන්න..."
කවුද පිරිමි කෙනෙක් මහ හයියෙන් කතා කරනවා ඇහෙනවා..මම අල්තාරේ ලඟින් නැගිටලා ඒ පිරිමි කෙනා ලඟට පුළුවන් තරම් හයියෙන් ඇවිදගෙන ගියා...එයාගේ අතේ ෆෝන් එකක් තිබ්බා..
"මට රිසාල්ස් බලන්න පුළුවන්ද?"
කතා කරන කොට ලුණු වතුර ඔක්කාරෙට එනවා...ඒ පිරිමි කෙනා ටිකක් වෙලා මං දිහා බලාගෙන හිටියා...පස්සේ මගෙන් විභාගේ අංකය අහගත්තා...
"මේ දුවගේ නමද?"
ෆෝන් එකේ කළු පාට ඉංග්‍රීසි අකුරින් තිබ්බේ මගේ නම...ප්‍රතිඵල දැක්කාම මට හුස්ම නැවතුනා...
"දුව ලංකාවෙන්ම දෙවනියට පාස් වෙලා"
ඒ පිරිමි කෙනා සතුටින් වගේම වෙවුළන කට හඬින් කියන ගමන් මගේ ඔලුව අතගෑවා...
මම මගේ පපුවේ ඇතුලේ පැස පැසව තිබ්බ කඳුළු ලුණු මිදුණ කෙවිනි අස්සෙන් ගලාගෙන යන්න ඉඩ දුන්නා...මාර්තා නැන්දා ලඟ ඇවිත් මාව බදාගෙන මගේ කම්මුළක් ඉම්ඹා..
"මෙන්න තව මිනියක් ගේනවෝ"
ඒ කටහඬ එක්කම මාර්තා නැන්දා කළබලයෙන් මාවත් ඇදගෙන පල්ලියේ දොර ගාවට ගියා..
ඒ ඇවිත් තිබ්බේ අම්මා...හැමදාටම ඇස් පියාගෙන..මමත් හෙමින් ඇස් වහ ගත්තා...

Comments
Post a Comment