ආත්තම්මා
පැරණි කුසුඹක් ඇවිද යනු දැනෙයි
හිතේ බර අඩි හඬින් සසළ වෙයි
ඔසරියක සිළිසිළියේ මුසුවෙලා
ආත්තම්මා කුසුම සිනහවෙයි
ශ්වේත කෙහෙරැලි අතර ක්‍රිෂ්ණ කෙහෙරැලි,
මංමුලා වී නිතර කියයි මැසිවිලි
ඉරිතලා නොගිය ඇස් ලඟ රැදුණ රැලි,
සිනහවක දිය වෙලා ගලයි දිය ඇලි,
සතරසතිපට්ඨාන සුතුර ගෙයි හැමතැනම,
නතර වුනු තැන් වලින් ඇය හුස්ම ගනු දැනෙන,
ඔඩොක්කුවෙ හොවා හිස අත ගගා ඇය කියන,
කතාවක හිත නතර නොවෙනවා නම් පුදුම,
වත්ත කොණ වතුසුද්ද මල් නටුව අග රැදෙන,
ඇගේ මහපටඟිල්ල හෙමින් තෙරලා කඩන,
මල් රැඳෙන වට්ටියේ පතුළකට කිමිදගෙන,
බුදු සාධු මොන මලට කැමති වේ දැයි හිතන,
ආත්තම්මා ලඟින් පරපුරක හෙවනැලිය,
අපිට නොපෙනුන ගැඹුරු හිතක් ඇය හට හිමිය,
මම ඇවිත් නතර වී එබෙන විට ඇගෙ හිතට,
ශතකයක කඳුළු කැට කොක් හඬින් සිනහ විය.
මගේ ජීවිතේ නොතිබුන එකම බැදීම, අත්තම්මා.
ReplyDeleteඒ බැඳීම ගොඩක් වටිනවා අයියේ!!
Deleteලස්සනයි (ඔන්න අපිත් ආවා.)
ReplyDeleteආදරෙන් පිළිගන්නවා... :)
Deleteස්තූතියි
හරිම ලස්සනයි.. දැනෙන්න ලියල තියෙනවා.
ReplyDeleteස්තූතියි තාරකාව :)
Delete