නමක් නැති


ද්විබින්න නිකට මත
 සසල වන දා කඳුළු බිඳුවක්ය
 ඉර දවන්නේ කම්මුලේ මුල්ලක්ය
 මේ මද්දහන
 ප්‍රේමයම දියවෙනා
 හිම කිරමක්ය


ඔහේ මැරිලා වැටුන
 තරුණ මැයි කුසුමක්ය
 නුඹ ලඟින් සිනහවන
 දූලි පිරි සුලඟක්ය
 නමක් නැති නුඹ ලඟින්
 දැනෙන්නේ පුරුදු සුවදක්ය
 ප්‍රේමයද දන්නේ නැති
 හිත දවන හැඟුමක්ය

Comments

  1. සුළි කැරකෙන කම්මුලක
    ද්වීභින්න නිකට පැටලෙයි
    හද්දා දාවලෙත්
    මීදුම අඳුර හා මුසු වෙයි

    :) ලස්සනයි අමා!

    ReplyDelete
  2. // ප්‍රේමයද දන්නේ නැති
    හිත දවන හැඟුමක්ය //

    සහතික ඇත්ත බං.

    ReplyDelete
  3. පට්ටයි මචෝ..
    ලස්සනයි කවිය ජයවේවා

    ReplyDelete
  4. ඔහේ මැරිලා වැටුන
    තරුණ මැයි කුසුමක්ය
    නුඹ ලඟින් සිනහවන
    දූලි පිරි සුලඟක්ය
    නමක් නැති නුඹ ලඟින්
    දැනෙන්නේ පුරුදු සුවදක්ය
    ප්‍රේමයද දන්නේ නැති
    හිත දවන හැඟුමක්ය....

    really nice as always...

    ReplyDelete
  5. වීතරාගි
    දිනේෂ්
    මහේෂ්
    තාරකාව
    ගොඩාරියක් ස්තූතියි <3

    ReplyDelete
  6. අඩෝ කෙට්ටු පූසො!කෝ බොල මේ සාප්පුවෙ රාක්ක?

    ReplyDelete
  7. අයියෝ ඔය තියෙන්නේ යස අගේට රාක්ක ටික :p

    ReplyDelete

Post a Comment

Popular Posts