අමාගේ ඩයරි ගැන ඕපදූප
එක් දිගට ඉඟුරු දෝසි කවි කියවලා කෙටි කතා පැණි වළලු කාලා අලුත් අවුරුද්දේ මත් වෙලා ඉන්න යාලුවන්ට ඕපදූප සීතල වතුර කෝප්පයක් දෙන්නයි අමා ලෑස්ති වෙන්නේ...හැබැයි "කෝප්ප හෝදන" වැඩ ප්‍රසිද්ධියේ කරන්න ආසාවක් නැති නිසා මගේම පරණ මතකයකට ගම්මිරිස් ටිකක් දාලා ගත්ත වරකා වගේ බ්ලොග් එකේ ලියලා දාන්න හිතුවා..
ඩයරි නැත්නම් දිනපොත කියන්නේ තාමත් අපි අතර හොල්මන් කරන වචනයක්...විශේෂයෙන්ම මේ වගේ අලුත් අවුරුද්දක් පටන් ගන්න කාලෙක...මටත් මතක ඇති කාලේ ඉදන් තියෙන මීනීයාවක් තමා ඩයරි එකතු කරන එක...ඒක පටන් ගත්තේ මෙන්න මේ කාලෙදි කියලා මතකයක් නැති වුනාට ඩයරික අවශ්‍යතාවය කාලයෙන් කාලයට වෙනස් නම් වුනා...මුලින්ම ඩයරියක් කියලා හම්බුනේ එක වසරේ ඉන්නකොට අප්පච්චිට ඔෆිස් එකෙන් ලැබෙන ඩයරියක්...කොළ පාට පිට කවරේ තියෙන ඩයරියක් ඒක..ඒක මොන දේකට පාවිච්චි කලාද කියලා මතකයක් නැති වුනාට ඒ ඩයරිය වැඩි කාලයක් නොතිබ්බ බව නම් සහතිකයි...අප්පච්චිට හැම අවුරුද්දකම ලස්සන ඩයරියක් ඔෆිස් එකෙන් ලැබුනත් ඒ ඩයරියට අයිතිවාසිකම් කියන්න නම් යුද්ධයක් කරන්නම වෙනවා...වෙන කාත් එක්කවත් නෙමෙයි අපේ නංගි එක්ක...එයාට බලි චිත්‍රයක් අඳින්න පුළුවන් කාලේ ඉදන් තාත්තාගේ ඩයරියට යුද්ධ කරන්නම වුනා ඒකට අයිතිකාරයා වෙන්න...
හය හත වසර වෙනකොට කියවපු නවල් එකක් නිසා ඩයරියේ ලස්සනට එදිනෙදා දේවල් ලියන්න ඔනි කියලා හැඟිමක් ආවේ...මුල් දවස සම්පූර්ණයෙන්ම පිටුවක් ලියන්න දේවල් තිබුනත් ඩයරියේ එච්චර ඉඩ නෑනෙ දවසකට ලියන්න...මතක විදිහට ඒ ඩයරියේ තිබ්බේ දවසකට රූල් දහයයි...රූල් දහයකට කොහොමද දවසක වැඩ ශෝට් කරලා ස්වීට් විදිහට ලියන්නේ..ඇරත් පොතක් කියවලා පිස්සුවක් හැදිච්ච ලමයෙක්ට ඒක දරාගන්න බෑ කියලා තේරෙනවා නෙහ්..
පළවෙනි දවසේ ලස්සන අකුරින් හැඩවැඩ දාලා ලිව්වා..දෙවනි දවස වෙනකොට වැඩේ එපා වෙනවා වගේ තේරිච්ච නිසා අතහැරලා දැම්මා..පස්සේ පස්සේ ඩයරිය පාවිච්චි කලේ පාඩම් වැඩ වලට...ශෝට් නෝට් ගහන්න...තව ටයිම් ටේබල් හදන්න වගේ දේවල් වලට..මට ලොකු නැන්දාත් ඩයරියක් ගෙනත් දුන්නා..ඒක ඒ දවස් වලම අස්ථාන ගත වුනා වුනාමයි තාම ආරංචියක් නෑ...මට සැක අපේ නංගිව තමා..
නමය වසරට යනකොට ඇතිවෙච්ච හෝමෝන කේස් වල රිඇක්ශන් හේතුවෙන් ඇති වෙච්ච ක්‍රශ් ගැන ලියන්න ඩයරිය පාවිච්චි කලා..ඒ කාලේ ඩයරිය කියන්නේ ජාතික වස්තුවක් වගේ තමා..ඇඳ යට නැත්නම් කාටවත් හොයාගන්න බැරි වෙන්න වෙන කොහෙහරි හංගලා ඩයරිය හෙනට පරිස්සම් කරපු කාලයක් ඒක..පස්සේ ඕක දවසක් නංගිට අහුවෙච්ච වෙච්ච නිසා වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඩයරිය පුච්චලා ආදාහනය කලා...පස්සේ මම ඩයරිය පාවිච්චි කලේ කවි ලියන්න...ඒ කාලේ වෙනකොට නංගි මගේ ඩයරියේ කවි විකුණන ව්‍යාපරයක් පටන් අරගෙන තිබ්බේ...වැඩේ හොඳට කෙරීගෙන යනකොට මට වැඩෙ මාට්ටු වුනා.. පස්සේ ඩයරියේ කවි ලියන එකත් නැවතිලාම ගියා...ඒ නිසා නංගිත් බංකොළොත් වෙලා ගියා...නංගි මාත් එක්ක ලැබිච්ච ලාභය බෙදා ගත්තා නම් ඒක හෙන සාර්ථක ව්‍යාපාරයක් වෙන්න තිබ්බා..කියන්න බැරි වුනා නංගී ඒ කවි විකුණලා තිබ්බේ යාලුවන්ගේ පෙම් ලිපි වලට...මම සිංහරාජේ ගැන ලියපු කවියකුත් ලිවුමක ලියලා දුන්නාලු නංගි..හම්මේ අපේ නංගිගේ යාලුවන්ගේ මොළය ගැන එකෙන්ම තේරුම් ගන්න පුළුවන් වෙයි නේද....දැන් ඩයරියට කරන්නේ ලස්සනට කබඩ් එකේ දාලා අරන් තියන්න එක විතරයි...
හැමදේම වෙනස් වෙන ඉක්මන...දැන් ඩයරියට කරන්න දෙයක් නෑ මට...දැන් තරඟයක් නැතිවම මට ඩයරියක් හැම අවුරුද්දේම අප්පච්චි ගෙනත් දෙනවා...නංගිටත් ගෙනත් දෙනවා...නංගි ඩයරියේ ලියනවා...ඉස්සර මං හංගලා ගියා වගේ හංගනවා... නංගිගෙන් මට මාව පේන්න ගන්නවා එතකොට...
මුකුත් නොලියපු ඩයරියකට වුනත් පුළුවන් අපිව මතකයක් දිගේ එපා කියද්දි ඇදගෙන යන්න..එහෙම බැලුවම ඝන කවරයක් තියෙන ඩයරියක් කියන්නේ කාලය හරහා යන මායාවක් වගේ නේද?

හරිම ලස්සනයි අමා.. ඉස්සර මට ඩයරිය ලඟ නැත්තන් නින්ද යන්නෙත් නෑ. හරි බයයි කවුරු හරි අරන් කියවයි කියලා. ඒ තරම් රාජ උදහසට ලක්වෙන ඒව තමා එකෙ තිබුනෙ. උදේ නැගිට්ට ගමන් ගිහින් බලන්නෙත් ඩයරි එක තිබුන තැනම තියනවද කියලා. ඒත් හැමදාම ඒ වදේ විදින්න බැරි නිසා මන් ලේසි වැඩක් හොයාගත්තා. ඒ තමා රහස් භාශාවකින් ලියන එක. තාම මම ඒ මම ඒ විදිහට ලියනවා. ඒත් වෙලාවකට මටම හොයා ගන්න බෑ මම මොනාද ලියල තියෙන්නෙ කියලා.......... :D
ReplyDeleteමටත් ඩයරි ලියන්න බයම ඒවල ලියන්න හිතෙන්නෙම නඩු වැටෙන දේවල් නිසාමයි... ^_^ ඔයත් මං වගේම තමා එහෙනම්...ඒත් මම දැන් වෙලාවක් නැතිකමටම ඩයරියක් නොලියන තරම් :)
Deleteඒත්, ඔය කිසිම තැනක ලියලා නිදහස් කර ගන්න බැරි හිතුවිලි සෑහෙන්න අපේ හිත් වල තියෙනවා. අන්න ඒකයි ඇත්ත.
ReplyDeleteඒක නම් සම්පූර්ණ ඇත්ත...
ReplyDeleteඩයරිය කාල තරණ යන්තරයක් :D
ReplyDelete