සුරලොවට ගිය ෆ්ලෑෂ් පුංචි පූස්ට..

සරනේරු ඉකිගසන මැදියමක හරි මැදක
 ටිකෙන් ටික අතහරින හුස්ම හඬ දෙදරවන
 ඔරලෝසු කටු වලට හැකි වුනත් නවතින්න
 නවතින්න බැහැ නේද පූස් එක මොහොතකට


ඉපදීම කියන්නෙම වචනයක් මරණයට
 හැමදේම නැති වෙලා යන එකයි ස්වභාවය
 පූස් මේ අපි ගාව ඉන්න හැම තත්පරය
 කියන්නෙත් මතකයක් හැමදාම ලඟ තියෙන


සිනිඳු රන්වන් ලෝම අතර ඇවිදින ඇඟිලි
 හෙමින් අත ගා බෙල්ල ආදරෙයි කියන හැටි
 මේ තමයි අමාරුම තැන වෙන්ව යා නොහැකි
 අපේ කඳුළු දිය වෙන්න කලින් දැන් ගියොත් ඇති


නුඹ ඇවිත් තුරුළ් වුන පපු තලයේ මැද පෙදෙස
 උණුහුමයි නේද ඒ ආදරේ හද ගැස්ම
 පුරුපුරුව අවසාන වෙලා යන මේ මොහොත
 ගෙවෙන්නේ නැති වෙලා යාවි දැයි හිත කියන


පූස් මේ අවසාන මොහොත සටනක් තමා
 අවසානේ ජය ගන්නේ කොහොම මුත් නුඹ තමා
 ඉහළ අල්ලන් ඉන්න ඔය හුස්ම බිම තියා
 හිනාවක් එක්ක ඇස් පියා ගත්තොත් හොදා

Comments

  1. Yes.. Soo emotional

    ReplyDelete
  2. අපුරු නිර්මාණයක් සහෝ ලස්සන හැගිම් එක් කිරිමක්,
    ජයෙන් ජය

    ReplyDelete

Post a Comment

Popular Posts