කුවන්නා

බිළාල උණුසුම් ලොම් අතර
 සැඟව ගත් හදවතකි
 ලෝකයෙන් සැඟවුන
 ඉතිහාස පොතෙන් ගිලිහුන
'කුවන්නා' නම් ලද


ලොම් අතැර ගිය ගෙල පෙදෙස
 හිත රිදුන ලකුණක් නොතබාම
 සියුම් හඬකින්, බිඳුනු ස්වරයෙන්
 ජීවිතේ ඇය සොයනවාය


රජ නොවුන මුත් ඔහු විජය
 අතැර ගිය තැන තනි වුනේ ඇය
 දිසාලා කුසේ ඇගෙ තනියට
 පුරුපුරුවෙ දුක දිය කළේ ඇය


විජායි කුමරියන් පසුපස
 විජය ඔහු සල්ලාල පෙම්වත
 කුවන්නා ඇයයි නොහඬා සිට
 දිසාලා වෙනුවෙන් හිඟා කන


කුවන්නා දහස් වසරකට පෙර
 දිවිදෝස කලත් රජ විජයට
 බළල් හිතකටම ගුලි වෙනකොට
 කිසිත් නොකියන එකයි පුදුමය


කුවන්නා නැගනිය සමා අවසර
 එදා නුඹ යකිණිය කළේ පිරිමිය
 අදත් නුඹ නිහඬව ඉන්න හැටි දැක
 මුසාවක්දෝ සිතෙයි දිවිදෝසය

Comments

  1. දැන් කතා පෙට්ටිය හිඳිලද... හි හි

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල විවේක සුවයෙන් ඉන්නේ හී හී :D

      Delete

Post a Comment

Popular Posts