දැන් ඉතින් පරක්කුයි!
වලව්වේ දොරකඩ,බොහෝ රහස් නිදි කිරන,
"බරාස්" සද්දෙට කහින දොරපියන්,අඩවන් කරන් ඇස්,
දිරා යන වලව් පෙළපතේ,අන්තිම පුරුක,
මම,
කවුළුවෙන් එබී බලමි,ගෙවී යන වසන්තයට අත වනමි..
"කපු" කුඩය හැම ඉරිදාවකම ඉස්සර,
බර වෙච්ච කණප්පුවෙ වම් කකුළ,
මනමාලයෙක් තාමත් නැද්ද අහනකොට,
විරිත්තනවා ඇරෙන්නට,මොනා නම් කරන්නද
කැඩපතින් අපවර්තනය වෙන,මම,
සුදු කෙස් ගස් දැක්කම,සුදු කොඩිම සිහිවෙන,
නම්බුවට හැකිවෙයිද කවදාක,
පවුල් දම්වැලේ අවසාන පුරුකට,
හීනයක් අවුලන්න කියා දෙන්න!
දින ගෙවෙන සති තටු ගසා ඉගිලෙන,
මම නිදන කුටියෙ පහනකි,දැල්වෙන,
ප්‍රේමයක අවතාර සොය සොයා ලතවෙන,මම,
ජීවිතේ හරි කෙළින් තියාගෙන,හිතින් හැමදාම
ඇදයට යන්න දඟලන
දැන් ඉතින් පරක්කුයි!
කස්තිරම් නටන්නට,
දිරච්ච පෝරුවක් උඩ...
දැන් ඉතින් පරක්කුයි
ReplyDeleteනව ලොවත් එක්ක
හීන පොදි බැඳ යන්න
ඔන්නොහෙ ඉතිරි ටිකත්
මෙහෙම්ම මම ඉන්නවා
වලව්වෙම මගෙ ඉලව්වත්
සිදුවෙයි කවද හරි