දුවේ!


දෙදරවා ගියපු හීනෙක,ඉතිරි නටඹුන් මත,
ගිනි ගත්ත ප්‍රේමයේ මධුරාවක, දැවෙන අළු අතරින්,
සීරුවට හිස ඔසවන,යමහලකි දුවේ! නුඹ මට,
නිවිනිවී දැල්වෙනා මතකයට පිරිත් පැන් ඉසින


මිරිඟුවක් ඇස් මතම තවරගෙන,
ප්‍රේමයේ වාලුකා වන්දනාවක,
අත්හරින එක තමයි ප්‍රේමය කියාන,
දරු සිහිනයක හෙවනැලි පෙනෙන නොපෙනෙන,
ආත්මය ශුද්ධ ගින්නෙන් දැවෙන ,අමාවක රෑක,
සළඹයෙක් තටු ගසා නොකියාම,දුරකට,
යන්න ගිය එක ගැන, ඇස් කොණක් තෙත් නොවී කොහොම



අපහාස කුණාටුවකට හසුව,
තට්ට තනියම
 නුඹ හොවාගෙන කුසයේ පණ තියෙන තෘණ බිමක, මුල්ලක,
ඇණ ගසා දමන්නට අසම්මත ප්‍රේමයක්,
ඕක් ලීයෙන් තැනූ කුරුසයක,මගේ දුවේ!
මා එක්ක එනවද,
ක්ෂීරපථයම ළමැදෙ උණුසුමට ලඝුකර,
ප්‍රාර්ථනා කල්වාරිය මුදුනට,හැමදාටම

Comments