තංගමනි


කන්ද උඩරට තුංග සෙවනැලි බංග වෙන්නට මොහොතකට පෙර,
හන්ගගෙන දුක කන්ද බැහැපන් මන්දහාසය හුලඟේ පාකර,
තංගමනි මගේ නංගි අහපන් හීන දළු තෙරපා නටුව අග,
කින්නරී නුඹ වත්තේ තේ දළු අතර තනි වුනු
 කඳුළු බිංදුව,




බිඳුණු පා සළඹක ලකුණු රැදි වළලු කර ලඟ හෙමින් තෙරපා,
නුවර දළදා වන්දනා නඩයකට දෙවියන් පිහිට යැද්දා,
ප්‍රේමයක් ගැන හිතේ ඉපදෙන සුසුමකින් ඇය හුස්ම පිඹලා,
ගිනි රස්නේ තේ කහට වඩියක් උගුර පහළට තල්ලු කෙරුවා,




ලයිමේ කෙළවර පැලක අඩවන් කරපු දොර පියනකට තඩිබා,
බීඩී ගඳ දෙතොලක් දෙකක් ඇය සොයසොයා දුම් වළලු පිම්ඹා,
සිදුරු වුන වහළයේ තැනකින් දුරුතු හීතල ඒවි කුරගා,
ජීවිතේ එක මිටට ගුලිකර තංගමනි මහවැලිය ඉම්ඹා

Comments

Post a Comment