සොල්දාදු පෙම්වත
නුඹ නමින් පුරය මැද නොසෙල්වි සිටින
කොන්ක්‍රීට් සොල්දාදු පිළිරුවට
හැකිවෙයිද නුඹ වගේ උරහිසට බර වෙන්න,
මල් වැස්සක් මැදදි "කෝ මං දුන්න කුඩය?"
අහන්නට
යුද්ධයේ වසන්තයෙ රතු පාට විතරක්ම,මල් පිපෙන,
වතුසුද්ද පාට මංගල දිනෙක,
සංසාරේ පුරාවට,බොහෝ දුක් දරාගෙන
ඉන්න ගිවිසියෙත් අපි එකටම
කෝ නුඹ?මම නිතර සොයමි,සුවඳ ඉවකරමි
රයිෆලය අමෝරා වෙඩි හඬින් තිගැස්සි
මෝටාර් දේවතා එළි දිගේ,
නුඹ හෙව්වේ ජීවිතය,වැලි අතරෙ වත් ඇද්ද
බූට් සළකුණු වලින් හීන සිත්තම් ඇන්ඳ
යුද්ධයක් කියන්නෙම ,
ජයක් ලැබුවා කියා රැවටෙන එකට,
හරියට අපි වගේ!
දෙපැත්තට වෙලා,අහසට
පොළවට ඔරව ඔරවා
අඬන එකට
පොළවට ඔරවා අඬනකොට වැටෙන
ReplyDeleteකඳුලු මුතු වැල් මතින් පිපෙන
රතුම රතු පොපි මලක
දැවටිලා ඉඳිමි මම..
නොදුටුවට නුඹ...
කවිය ලස්සනයි සහෝ...
ලස්සනයි..........
ReplyDeleteඅනේ...හරි දුක හිතුණා..කොන්ක්‍රීට් පිළිරුවට හදවතක් ඇති , ලෙයින් මසින් හැදුණු මනුස්සයෙක් වෙන්න බැරි වුණත් අපේ හිත්වල ඉතුරු කරලා ගිය උදාර මතකය තවමත් එහෙමයි.
ReplyDeleteහැමෝටම ගොඩක් ස්තූතියි ^_^
ReplyDelete