"කවියෝ" යුධ පෙරමුණේ

.
"කවියෝ" යුධ පෙරමුණේ
 උල් වචන අමෝරා ගෙන
 තැන තැන "කවියන්ට" අණින,
සිනහසෙන යලි අණින
 මැරුනාද යැයි
 හොරෙන් විමසන
"කවියෝ" පාවෙන හීන
 එල්ලයට විද
 යුධ විරාම වල
 දඩයම් කරන
හැමතැනම යුද්ධ
 සාම සාකච්ඡා ඇතුලෙ
 කවි පිළිස්සෙන
 ගින්දර
අපි ,
අහම්බෙන් කවි කැටපෝල
 පහරකින් සැනසෙන,
අහිංසක විදිහට
"අපි කවියෝ" යැයි
 හුලඟට පමණක්ම
 මුමුණන

Comments

Post a Comment