මධු බඳුනේ තොල් ගැටෙන තැන මම

දුම් උරපු කළු දෙතොල් අද්දර
 දුම්වැටිය වෙලා ඔය දැවෙන්නෙ
 දුම් වෙලා ගර්ත මත ගැටෙන්නේ
 නිකොටීන් නෙමෙයි පෙම්වත
 ඒ නුඹ නිසාම කැමැත්තෙන් දැවෙන මම


රතු රෝස පැහැ නුඹේ ඇස් වල
 මත් වෙච්ච කඳුළු වල තැවරෙන්නේ
 නන් දොඩන, සිහිය දුර ඉගිලුනේ
 මධු විතක් නිසා නොව පෙම්වත
 ඒ නුඹ නිසාම පැසුනු මගෙ සෙනෙහස


මත් වෙලා රත් වෙච්ච නුඹ ලඟ
 පත් හැලෙන රතු වසන්තය මම
 නුඹ එක්ක මත් නොවී විඳවන
 මධු බඳුනෙ තොල් ගැටෙන තැන මම

Comments

  1. මේ මොකද අමා? අද හොඳටම බීල නෙහ්? හිත හදාගන්ඩ මෙයා. ඕවා ඔහොම තමයි.

    ReplyDelete
  2. සෑහෙන්න බීලා ලියපු එකක් වගේ.. හෙහ් හෙහ්..

    ReplyDelete
  3. මටත් වෙරි.... නියමයි මල්ලී

    ReplyDelete
  4. හැක් හැත්. රෙස්ටරන්ට් එකක්ම ගිලලා මේකා..

    ReplyDelete
  5. හී හී කට්ටියම මත් වෙලා වගේ...ස්තූතියි හැමෝටම 😊😊😊😊

    ReplyDelete

Post a Comment

Popular Posts