එන්න අපි හරිත විප්ලවය පටන් ගමු!!

සමහර බැඳීම් තියෙනවා මෙන්න මේ වගේ කියලා පැහැදිලි කරලා කියන්න අමාරු...එහෙම බැඳීම් අපි හැමෝටම අඩුම තරමේ එකක් හරි තියෙනවා...මටත් එහෙම බැඳීමක් තියෙනවා..ඒ බැඳීම තියෙන්නේ ගස් එක්ක..



අපේ හිත පුරාම ලොකු පදාසයක් ගන්න , කාටවත් කියන්න බැරි ගොඩක් පෞද්ගලික කඳුළු කතා තවත් කෙනෙක්ට කියලා හිත නිදහස් කරගන්න පුළුවන් නම්,  ඒක එක්තරා විදිහක වාසනාවක්...ඒත් අපි වෙනුවෙන්ම කාලය වෙන්කරගෙන අපේ කඳුළු පිහදාන්න කෙනෙක් හොයා ගන්නවාය කියන දේ කළු නික හොයනවාටත් වඩා අපහසු දෙයක්..ඒත් ගසකට අවශ්‍ය තරම් වෙලාවත් ඉවසීමත් තියෙනවා අපි වෙනුවෙන්ම...ඒ වගේම මනුස්සයෙක්ට වඩා ගහක් මත විශ්වාසය තියන්න පුළුවන්...ඒ කාරණාවම මදිද ගස් අපේ හොඳම යාලුවෙක් කරගන්න..



ගස් අපි වගේම හුස්ම ගන්නවා...අපේ ප්‍රාශ්වාසය උරාගෙන අපිට ආශ්වාස කරන්න  හුස්ම දෙනවා...ඉතින් අපිව ගස් වලට නොදැනේවි කියලා හිතන්නවත් අපිට පුළුවන්ද...පුංචි තණ කොළ ගහේ ඉඳන්  මහ රූස්ස ගස් දක්වා අපි වෙනුවෙන්ම කැපවෙනවා...කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතිවම...අපි කන බත් ඇටයක් ඇටයක් ගානෙම අපි බොන වතුර බිංදුවක් බිංදුවක් ගානෙම අපි හැමෝම ණයගැතියි හැම ගහකටම වැලකටම...


අපිට විද්‍යාත්මක පැත්තෙන් ඔනි තරම් දේවල් තියෙනවා ගස් ගැන කතා කරන්න..ඒ නිසාමයි වෙනස් පැත්තකින් ගස් ගැන කතා කරන්න මෙහෙම ප්‍රවේශයක් ගන්න හිතුවේ..

ගස් ගැන කතා කරන්න නම් කප්පරක් දේවල් තියෙනවා...බාගදා මටත් හිතෙනවා ගහක් වෙන්න...සෘතුවෙන් සෘතුවට අලුත් වෙන්න...අනිත් අයගේ පැවැත්ම වෙනුවෙන් පැවතෙන්න...මුල් වලින් බොහෝ ඈතට ඇවිදගෙන යන්න...ගිනි ගහ දහවලක කාට හරි හෙවනක් වෙන්න..කාගෙම හරි බඩක් පුරවන්න..මේ මගේ හීන..ගහක් වෙන්න බැරිකම නිසාම හීනම වෙලා හිතේ යටි පතුලේ එකතු වෙච්ච..ඒත් දවසක් ඒවි ඒ හීන ඉෂ්ට කරගන්න පුළුවන් වෙන..
අද වෙනකොට ගස් වලට ආදරේ කරන සංවේදී මිනිස්සු අඩු වෙලා ගිහින්...ගහක් එක්ක ඒකාත්මික වෙන්න පුළුවන් ඉසියුම් ආත්මයන් දුලබ වෙලා...ඒ නිසාම තමා මේ යුගයේ වැඩි පුරම ගස් ගැන කතා කරන්න වෙන් කරන්න අවශ්‍ය වෙන්නේ...


මේ සති කිහිපයේ මුහුණු පොතේ අමුතු ඒත් වැදගත් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.... Back to green විදිහට නම් කරලා තියෙන මේ කටයුත්ත මගින් කරන්නේ ගස් වවන්න අභියෝග කරන එක..අපි හැමෝම අභියෝග වලට කැමතියි..අභියෝග වලි පැනලා යන්නේ බියගුල්ලෝ...ඔයාලා කවුරුත්ම එහෙම නොවෙන බව මට විස්වාසයි...
මේ සටහන කියවන හැමෝටම මම අභියෝග කරනවා අපිත් එක්ක එකතු වෙලා ගහක් හිටවන්න කියලා...සමහර අයට ඉඩකඩ ප්‍රශ්න තියෙන්න පුළුවන්..බඳුන් වල වගා කිරීම ඒ අයට හොඳ විසදුමක් වේවි කියලා හිතනවා..අපි හැමෝම එකට එකතු වෙමු...බෙදීම් අමතක කරමු...ලෝකයේ පැවැත්මට එක ගහක් හිටවලා හෝ සහය වෙමු... 
අනිත් අයවත් දැනුවත් කරන්න... දන්න හැමෝටම ගහක් හිටවන්න අභියෝග කරන්න..හරිත විප්ලවයක් පටන් ගන්න හැමෝටම ආරාධනා කරන්න!!

Comments

  1. මමනම් වැඩ ඇල්ලුවේ ගහක් හිටවලා.....

    ReplyDelete
  2. ඒක ලස්සන විප්ලවයක් වේවි <3

    ReplyDelete
  3. අපූරු කතාවක්...

    ඔයා කියුවා වගේ ගස් මිනිස්සුන්ට කොයිතරම් දේ ලබා දෙනවාද? කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මුලු පරිසරයම එහෙමයි. කිසිම දෙයක් අපෙන් ගන්නැතුව අපිට ගොඩක් දේ දෙනවා. අපේ යුතුකම එහෙවු පරිසරයට ආදරේ කරන එක. ඒ ඇති..

    වැඩේට සහය එකෙන්ම දෙනවා...

    ReplyDelete
  4. මේ බ්ලොග් එක කියවන්න මාර කට්ටක් කන්න එපැයි.. ඔය බැක් ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. බැහැ.

      පෝස්ට් එක නෝට් පෑඩ් එකකට කොපි පේස්ට් කරලා බලන්ඩ :P

      Delete
  5. අපි එකතු වෙමු...උතුම්ම විප්ලවයකට

    ReplyDelete
  6. ස්තුතියි අමා....

    ReplyDelete
  7. එන්න අපි හැමෝම එක ගහක් හිටවලා පටන් ගමු <3

    ReplyDelete
  8. ශෂින් මේ ගැන කිව්වට පස්සෙ ගෙදර ගියාම මාත් පැළයක් හිටෙව්වලු ඔන්න.. :)

    ReplyDelete
  9. අපි ගස් හිටෙව්වා :)
    මල්ලි පසුබිම් පින්තූරය වෙනස් කල එක හොඳයි කලින් ටිකක් ඇහැට අපහසු අකුරු කියවන්න අමාරු පින්තූරයක් තිබ්බෙ. වෙනස් කරන්න කිවේ නෑ ඔයාගෙ බ්ලොගේ ඔයා ආස විදිහට වර්ණ කරද්දි මොකුත් කියන එක හරි නෑනෙ කියල හිතුන.ආයෙත් වෙනස් කරනකොට පෝස්ටුව අන්තර්ගත කොටස තනි පාට තිබුනොත් හොඳයි මේ දැන් තියන විදිහත් හොඳයි :) ඒවා setting වලින් හදන්න පුළුවන් හොයල බලන්නකො :) ඊයෙ හම්බුනානෙ ..සතුටුයි ..දිගටම ලියන්න ජයවේවා :)

    ReplyDelete
    Replies
    1. දිනේෂ් අයියාගේ පොතේ වැඩේ දවසෙදි හම්බවුනාට භජනයක් දාන්න හම්බුනේ පොඩ්ඩ වෙලාවයි නෙහ් හංසි...සිතූයි හංසියි දෙන්නවම හම්බවුනාම හෙන සතුටක් දැනුනේ.. ^_^

      දැන් කියවන්න අමාරුවක් නෑ නේද? කොළ පාට හොඳයි නෙහ් 😃

      Delete
  10. අපි ගස් වෙනුවෙන් ලියනවා...
    හිටවන්න තැනක් නෑනෙ හිටං

    ReplyDelete
    Replies
    1. එහෙම බෑ උඩුවෝ >.<
      පෝච්චියක හිටවහන්

      Delete
  11. අභියෝගයක් වශයෙන් නූනත් දිනපතාම ගහක් හිටවන්න පුළුවන් නම් වටිනවා.මේ සද්කාර්යය අගය කළ යුත්තක්.. ක්‍රියාත්මක කළ යුත්තක්..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත වැහී...සද් කාර්යයට කට්ටිය එකතු කරගන්න අභියෝගයක් කරන එකම හොඳ අදහසක්

      Delete
  12. ගහක් වෙනුවෙන් අද. හෙට දවස වෙනුවෙන් එය.

    ReplyDelete
    Replies
    1. අපි වෙනුවෙන් ගස්
      ගස් වෙනුවෙන් අපි

      Delete
  13. ගස් හිටවන එකක් චැලෙන්ජ් එක්ක වෙලා ඇත්තටම. මේ ගැන කියවපු නිසා මම ලිව්ව කතාව මතක් වුනා.

    සමා වෙලා දැම්මා ලින්කුව..

    http://samindikasrimantha.blogspot.com/2016/04/everybody-will-plant-who-will-protect.html

    ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. ඇත්ත සෑම්...ටික දෙනෙක් වෙනස් විදිහට හිතුවොත් රටක් වෙනස් කරන්න පුළුවන්..මම ලින්ක් එකට ගිහින් බලන්නම්

      Delete

Post a Comment

Popular Posts