නවතින්න බැරිකමක අසරණයි!!
පල්මාණික්කම් පැහැ නුඹෙ
කණිනිකා කැටපතින්
අවුල් වුන කෙහෙරැලි , ඉරිතැලුන හසරැලි
එකින් එක බිම වැටුණ
මිය ඇදුන සෙවනැලි
විමස විමසා ලතවෙමි
පුපුර පුරා කුඩුවෙමි
ප්ලාස්ටික් මල් දූලි සියොලඟම
එයා ෆ්‍රෙශ්නර් සුවඳ බිම වැටෙන
නුඹ නිදන මම නිතර ඇහැරගෙන
ටයිල් පොළවේ පතුල් තද කරන
මාස්ටර් බෙඩ් රූමයේ කෙළවරක
නුඹ පැමිණි මුල් දවස් වල මතක
මදුරු වෙස් ගෙන ඇවිත් කන ලඟ
ධ්වනියකට ඉසියුම්ව ලඝු කරන
හෙට පෙරදිග රතු සේද සළු වියන සඳ
දහසකුත් බුදුන් බුදු වෙයි කිව්වේය සේකර
නුඹ ලඟට රැගෙන විත් සයනීය තේ වතුර වීදුරුව
ආයිමත් බඳිමු අපි අහන්නට හිතුනාට
අහන්නට වෙලාවක් කොහෙ කියලද ඔයාට
පාන්දර මාර යුද්ධයක් නේද අපි දෙන්නටම
ඔයා යන්නම ඔනි වැඩට හැමදාම
මම උයන්නම ඔනි ගෙනියන්න කෑම දවල්ට
සරාගී සුසුම් රැලි නාස්පුඩු කිතිකවා පිටවයි
දෝස් මුරයක් එක්ක සඳ එළිය අඳුර මැද විසිර යයි
නුඹ හුස්ම ගන්න හඬ විරාගී තනුවකට හඬ නැගෙයි
අසංඛ්‍යය ප්‍රේමයක් නුඹ නිසාවෙන් පපුවේ ගොඩගැහෙයි
අවසානයක් ගැන වගක් නැති උමගක
අපි ඔහේ දිගට දිගටම ඇවිද යයි
නවතින්න හිතුනාට අතර මඟ හති වැටී
නවතින්න බැරිකමක අසරණයි!!
සංකීර්න ජීවිතයක් කවියකට ගොනු කරලා..
ReplyDeleteඅගයි....
ලස්සනයි..
ReplyDeleteගොඩක් ස්තූතියි :)
ReplyDelete